Saturday, January 28, 2012

HUB, Switch හා Routers අතර ඇති වෙනස්කම්.... Part 2

පසුගිය ලිපියෙන් හබ්(HUB) ගැන හඳුනා ගත්තා දැන් අපි ඉතිරි ඒවාගැන සලකා බලමු


2.SWITCH


Switch යනු HUB එකකට වඩා බුද්ධිමත් උපාංගයකි.ක්‍රියාත්මක වීම සඳහා පිටතින් බලය ලබාදිය යුතු වේ.ස්විචයකට බලය ලබා දුන් පසු එයට සම්බන්ධව ඇති පරිගණක වල MAC Address - Media Access Protocol Address, ලබාගනී .මැක් ඇඩ්රස් එකක් යනු පරිගණක උපාංගයක් තුලට නිෂ්පාදනය කිරීමේදී, නිෂ්පාදකයා විසින් ඇතුලත් කරනු ලබන සංඛේත අංකයකි.මෙසේ ස්විචය එම අදාළ සංඛේත අංකය මතකයේ තබාගන්නේ එක පරිගනයකකින් නිකුත් කරනලද තොරතුරු යැවීමට අදාළ වන අනෙක් පරිගණකයට පමණක් ආරක්ෂාකාරීව තොරතුරු යැවීමටයි.හබ් එකක මෙන් මෙහිදී අදාල තොරතුරු මුළු පරිගණක ජාලය පුරා මුදාහරිනු නොලබයි.

 
වර්තමානයේ සියලුම පරිගණක ජාල සැකසීමේදී  බහුලව යොදාගනු ලබන්නේ ස්විචයි.

3.ROUTER

එකිනෙකට වෙනස් වූ දත්ත සම්ප්‍රේෂණ ජාලයන් හරහා පරිගණක ජාල අතර දත්ත හුවමාරුව සඳහා රවුටර් යොදාගනී .උදාහරණයක් ලෙස ගතහොත් දුරකථන රැහන ඔස්සේ දුරස්ථ ස්ථාන දෙකක පිහිටුවා  ඇති ජාල දෙකක් එකිනෙක සම්බන්ද කිරීම දැක්විය හැකිය .එකිනෙක කාර්යයන් සඳහා යොදාගන්නා රවුටර් වර්ග ,මාදිලි විශාල ගණනක් වෙළඳ පලේ දක්නට ඇත .


  සිස්කෝ වර්ගයේ රවුටරයක් .


රවුටරයක ක්‍රියාකාරීත්වය සහ පරිගණක ජාල අතර හා පරිගණක පරිගණක අතර සන්නිවේදන ක්‍රියාවලිය තරමක් සංකීරණ එකකි.
එමනිසා මෙහිදී උපකරණවල මුලික ක්‍රියාකාරීත්වය පමණක් හඳුන්වාදී ඇත .ඉදිරියේ දී එම ක්‍රියාවලිය ,සරල පරිගණක ජාලයක් ගොඩනගන ආකාරය සමගින් ඔබට පැහැදිලිකරන්නම්.

ඔබට ඇති ජාලකරණය ආශ්‍රිත  ගැටළු යොමුකරන්න .එය ඔබට මෙන්ම මට ද  ප්‍රයෝජනවත් වනු ඇත.

4 comments:

  1. මේහිදි අදාල වන්නේ MAC Address එක NIC එකේ එම Address එකද? තවද මෙහි අදාල රූප විශාල(zoom) කිරීමට හැකිනම් වඩාත් හොදයි. මොකද සමරහර පින්තූර වල සදහන් විස්තර පෙන්නෙ නැති නිසා..ස්තූතියි.

    ReplyDelete
  2. MAC Address කියන්නේ NIC-Network Interface Controller එකේ ,නිෂ්පාදනයේදී ඇතුලත් කරන හෙක්ස්‌ අංක සහිත කේතයක් එහෙමත් නැත්තම් කෝඩ් එකක් , ස්විච් එකකදී කරන්නේ එකට සම්භන්ද වෙලා තියෙන පරිගණකවල MAC Address වල වගුවක් හදාගන්න ඒක ,එතකොට අපි ෆයිල් එකක් නෙට්වර්ක් ඒක හරහා යාවන කොට ස්විච්යය දන්නවා ඒක යන්න ඕන අනෙක් පීසී ඒක මොකක්ද කියල .

    ReplyDelete
    Replies
    1. කොහොමද mac address එක හොයා ගන්නෙ

      Delete
    2. ipconfig /all කියල දොස් කොමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ ටයිප් කරලා එන්ටෙර් කරන්න එතකොට තියෙන හැම නෙට්වර්ක් ඇඩප්ටරකම මැක් ඇඩ්රස් බලාගනන පුළුවන් .

      Delete

Blogger Widgets