Saturday, January 28, 2012

පරිගණක ජාල ආකෘති -Network Architechtures Part 2..

Hub ,Switch හා Routers අතර වෙනස්කම් හා පියර් ටු පියර් පරිගණක ජාල ආකෘති ගැන මූලික දැනුමක් 
ඔබට දැන් ඇත .මීට ලිපි දෙකකට කලින් ඒ සම්බන්දයෙන් සාකච්චා කරන ලද ලිපිය මේ හා සබැඳේ.

2.Client/Server පරිගණක ජාල ආකෘතිය


ඉහත රුපයෙන් පෙන්වා ඇත්තේ client/server ආකෘතියේ ආදර්ශ සටහනකි .එහෙත් ප්‍රයෝගිකව මේ අයුරින් ජාලය සම්බන්ද කර නැති බව මතක තබා ගන්න.මෙහිදී සිදුවන්නේ සර්වරයේ ඇති වැඩසටහන් හා ක්ලයන්ට් සම්බන්ද කිරීමයි.ප්‍රයෝගිකව මෙසේ ක්ලයන්ට් පරිගණක සර්වරය හා කෙලින්ම සම්බන්ද කල නොහැකි බව ඔබට තේරෙන්නට ඇත .මෙය සිදුකිරීමට නම් මධ්‍ය ගත ඒකකයක් ,එනම් HUB ,SWITCH හෝ ROUTER යන එකක් අවශ්‍ය වේ.
එහෙත් මතක තබා ගතයුතු කරුණක් නම් සර්වරයේ හෝ යම්කිසි පරිගණකයකට NETWORK INTERFACE CARD- NIC ,හෙවත් නෙට්වරක් කාර්ඩ් කිහිපයක් සවිකර ,ඒසඳහා සහය දක්වන මෙහෙයුම් පද්දතියක් ස්ථාපනය කර HUB ,SWITCH හෝ ROUTER නොමැතිව සරල ජාලයක් තනිය හැකි බව යි.එහෙත් මෙම ක්‍රමය ක්ලයන්ට්/ සර්වර් ආකෘතිය සඳහා යොදාගන්නේ නැත .අනෙක් කරුණනම් වර්තමානයේ HUB භාවිතයට නොගැනේ.යොදාගනු ලබන්නේ SWITCH හෝ ROUTER වේ .බොහෝ පරිගණක ජාල සඳහා වර්තමානයේ SWITCH, ROUTER දෙකම අවශ්‍යවේ .

මෙම ක්‍රමයෙන් පරිගණක ජාලය පාලනය කිරීමේ පහසුව සලසා දෙයි.යම් යම් අවස්ථාවලදී පරිගණක ජාලයේ ඇති පොදුවේ භාවිතාකරන පරිගණක වැඩසටහන් වල වෙනස් කම් ඇති කරීමේදී සර්වරයේ ඇති වැඩසටහනේ වෙනස් කිරීම ප්‍රමානවත් වෙයි.

මෙමෙ ක්‍රමය වියදම් අධික උවත් පරිගණක ජාලයේ පරිගණකවල  දත්ත සම්බන්දයෙන් සැලකීමේදී ඒවාට ආරක්ෂා සහිතව පිටපත් තබාගැනීම (Data Backup),මධ්‍යගත පරිපාලනය (centralized Administration),යන කරුණු කරනා සලකා බැලීමේදී ,පරිගණක ජාලයක සඳහ ඉතාම සුදුසු ක්‍රමය වෙයි.

මෙහි ඇති ප්‍රධානම අවාසියනම් සර්වරයේ දෝෂ ඇති උවහොත් පරිගණක ජාලයේ වැඩසටහන් අක්‍රීය වීමයි.

7 comments:

  1. නියම වැඩක් දිගටම කරගෙන යන්න

    ReplyDelete
  2. නියමයි..පින්තූර කියවන්න පුලුවන් විදියට ලොකු කෙරුවනමි හොදයි...ස්තූතියි..

    ReplyDelete
  3. harima hondai,,math nodanna dewal godak igena gatha,,,,digatama laragena yanna magenuth subapathum,

    ReplyDelete
  4. ඔයාගේ මේ ක්‍රියාව නම් ගොඩක් වටින උතුම් ක්‍රියාවක් දිගටම කරගෙන යන්න ලැබේවා කියල මම ප්‍රර්ථනා කරනවා මගේ යාළුවා.

    ReplyDelete
  5. "මෙහිදී සිදුවන්නේ සර්වරයේ ඇති වැඩසටහන් හා ක්ලයන්ට් සම්බන්ද කිරීමයි."meka thernne nane bro.podak thawa tikak pahadili karana puluwanda.

    ReplyDelete
  6. Server පරිගනකයක විශේෂිත වූ සේවාවන් (Services) සහ වැඩසටහන් (programs) ඇතුලත් කරලා තියෙනවා , ඒ වැඩසටහන් වලින් කොටසක් සර්වර පරිගණකයේත් තවත් කොටසක් ක්ලයන්ට් පරිගණකයේ (PC) ඇතුලත් කර තිබෙනව ඉතින් සම්පුර්ණ වැඩසටහන ක්‍රියාත් මක කරවන්නට නම් මේ දෙක අතර සම්භාන්දතාව තිබිය යුතුයි .සරලම උදාහරණය නම් ඉන්ටර්නෙට් .

    ReplyDelete

Blogger Widgets