Tuesday, February 21, 2012

පරිගණක ජාලයකදී පරිගණක අතර සන්නිවේදනය යොදාගන්නා මාධ්‍යයන් .....(The Communication Media ,which use in Computer Networks) 2 වන කොටස /ETHERNET (ඊ තනෙට් ) යනු කුමක්ද ?

පසු ගිය පාඩමෙන් පරිගණක ජාලයක් සඳහා යොදාගනු ලබන ට්විස්ටඩ් පෙයාර් කේබල් ගැන විස්තරකලා ඔබට මතක ඇති .අද පාඩමෙන් ඒ පිළිබඳව තව දුරටත් පැහැදිලි කරගනිමු.එයට මුල පිරීමක්‌ වශයෙන් ,එයට අදාළ අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් ඔබට පැහැදිලිකර දෙන්නම් .

ETHERNET (ඊ තනෙට් ) යනු කුමක්ද ?...
ETHERNET (ඊ තනෙට් ) යන වදන පරිගණක ජාලකරණය ආශ්‍රිත බොහෝ තැන්වලදී කතා බහට ලක්වෙන්නකි .ඇත්තටම ETHERNET (ඊ තනෙට් ) යනු LAN- Local Area Network වලදී යොදාගනු ලබන සන්නිවේදන තාක්ෂණ ක්‍රමයකි .මෙය ලෝක ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් ඉංජිනේරුවරුන් ගේ ආයතනය (Institute of electrical & Electronics Engineers -IEEE) මගින් ඉදිරිපත් කර ඇති IEEE 802.3 සම්මතය අනුගමනය කරයි .මෙම ක්‍රමයෙහි මුල් නිර්මාතෘ ප්‍රසිද්ධ Xerox සමාගමයි .ඉන්පසුව DEC(Digital Equipment Corporation ), INTEL, ආදී සමාගම්ද මෙය දියුණු කිරීමට අත හිත ලබා දී ඇත .

Ethernet LAN හිදී පරිගණක අතර සන්නිවේදන මාධ්‍ය සඳහා Coaxial Cable කෝඇක්සියල් (ඇන්ටෙනා කේබල්)  ,Twisted Pair  ට්විස්ටඩ් පෙයාර් ,Wireless වයර්ලස් යොදා ගැනේ .Coaxial Cable කෝඇක්සියල් (ඇන්ටෙනා කේබල්) වර්තමානයේ යොදාගනු නොලැබේ.එය පැරණි තාක්ෂණයකි .
වර්තමානයේ යොදාගනු ලබන්නේ )Twisted Pair  ට්විස්ටඩ් පෙයාර්( STP /UTP) කේබල හෝ Wireless වයර්ලස්  වේ.

මුල් කාලයේ Ethernet LAN හිදී පරිගණක අතර සන්නිවේදයෙදී ජාලයක උපරිම දත්ත වේගය 10Mbps පමණ විය .එම නිසා මෙම Ethernet LAN ක්‍රමයට 10 BASE T යයි නම් කර ඇත .මීට පසුව ආ ක්‍රමය 100BASE T හි දත්ත වේගය 100 Mbps විය එය FAST ETHERNET යයි නම් කරන ලදී .නමුත් දැන් එයද තරමක් පැරණි තාක්ෂණයකි , වරතමනයේ යොදාගනු ලබන්නේ 1000 Mbps දත්ත වේගයක් සහිත ගිගාබිට් ඊතනෙට් (Gigabit Ethernet (GbE or 1 GigE) 1000 BASE Tතාක්ෂණයයි .මෙම එක එක දත්ත වේග  හැසිරවීම සඳහා අදාළ පරිගණක ජාලයක ඇති උපාංග ඒ සඳහා සහය දක්වන උපකරණයන්ගෙන් සමන්විත විය යුතු වේ .

 Ethernet LAN හිදී පරිගණක අතර සන්නිවේදයෙදී  යොදාගන්නා සන්නිවේදන ක්‍රමය CSMA/CD -Carrier Sensitive Multiple Access with Collision Detection ලෙස හඳුන්වනු ලැබේ .මෙහිදී එක්පරිගනකයක සිට අනෙක් පරිගණයක ට යවනුලබන දත්ත පෙළ (Data Stream) කුඩා කොටස්වලට (data packet) වලට බෙදනු ලබයි .මෙම එක දත්ත කොටසකට ෆ්රේම්(FRAME) එකක් යයි කියමු .මෙම ෆ්‍රේම් එකක දත්ත යවනු ලබන පරිගණකයේත් දත්ත ලබන පරිගණකයේත් ලිපින (address) අඩංගු වේ .එම ලිපින IP Address හෝ MAC Addressහෝ විය හැක .මෙම ක්‍රමයේ දී හානිවන හෝ විකෘතිවන දත්ත පැකට් හඳුනාගැනීමට හා පරීක්ෂාකිරීමට ක්‍රමයක්ද , එසේ උවහොත් නැවත එම දත්ත පැකටය සම්ප්‍රේෂණය කිරීමටද පහසුකම් සලසා තිබේ .

එසේම මෙම ETHERNET යන වදන වර්තමානයේ එහා සබැඳුනු පරිගණක ජාල කරන උපාංග වල නම් හා එක්ව පවතී .උදාහරණයක්‌ ලෙස Network Interface Controller = Ethernet Controller ,Network Port= Ethernet Port ,Network Switch = Ethernet Switch  දැක්විය හැකිය .

ඉහත දක්වන ලද පරිගණක ජාල සම්මතයන්හි දත්ත වේග එකිනෙකට අසමාන බව ඔබට පෙනෙන්නට ඇත .මෙම විවිධ වූ දත්ත වේග සහිත පරිගණක ජාල තැනීමේදී යොදාගත යුතු කේබල වල වෙනස්කම් දා ඇතිකළ යුතු බව ඔබට වැටහිය යුතුය .වර්තමානයේ පරිගණක ජාල තැනීමේදී යොදාගන්නා STP/ UTP කේබල වල විස්තර පහතින් දක්වා ඇත .
  
මෙම කේබල සාමාන්‍යයෙන් කැට් (CAT) කේබල ලෙසද ව්‍යවහාර කෙරේ මේ අනුව CAT5, CAT5e , CAT 6 නමින් හඳුන්වන කේබල වර්ග කිහිපයකි , මේවා අතර ඇති ප්‍රධාන වෙනස්කම් නම් ඇතුලත ඇති කම්බිවල ගනකම සහ ඒවා සඳහා යොදා ඇති සන්නායක වල ඇති තඹ ප්‍රතිශතයයි .කම්බියක යැවිය හැකි උපරිම දත්ත වේගය මෙම ගුණ දෙක මත රඳා පවතී .
අනෙක් වැදගත් ජරුන නම් මෙහි CAT යන වචනය Category යන්න කෙටිකර සදගනුලැබූ කොටසකි . පොදුවේ CAT5, CAT5e , CAT 6 නමින් හඳුන්වන කේබල ප්‍රයෝගිකව බොහෝ පරිගණක ජාල සඳහා යොදාගනු ලැබේ .


3 comments:

  1. Mata Danganna One Network cable akak hadann thiyebbe patch and crossover system daka witharada Kiyala?

    ReplyDelete
  2. NA oya Cable vala paires ehemehe karala eka eka vidihata hadanna puluvan, vadagathma de deta eka paththaka transmit karana pins , anekpaththe data receive karana pins valata connect venna ona vayar vala pata ekata adala na, eth sammatha yak hatiyata me krama deka thama thiyenne EIA/TIA standered valata.
    http://en.wikipedia.org/wiki/Ethernet_crossover_cable,

    ReplyDelete

Blogger Widgets