Monday, February 6, 2012

සර්වර් පරිගණක ,ඒවායේ කාර්යයන් ,සර්වර් සඳහා භාවිතා කරනු ලබන මෙහෙයුම් පද්ධති ..(Servers ,Server Roles & Server Operating System)

ඊළඟ ලිපියට යාමට ප්‍රථමයෙන් ,වැදගත් දේවල් කිහිපයක් ඔබට ගෙන එම වඩාත් සුදුසු යයි සිතමි .
පරිගණක ජාලයක ඇති ඉතාවැදගත් කොටසක් වන සර්වර් පරිගණක (Server Computers) හා ඒවායේ සතු කාර්යයන් (Server Roles) ,පරිගණක ජාලයක හදවත බඳු ,ව්‍යාපාරයක හෝ සංවිධානයක ඉතාමත් වැදගත් කොටස ගැන මෙහෙදී අප අවබෝධයක් ලබාගනිමු.
 පරිගණක ජාලකරනයේ ප්‍රධාන අරමුණ ඒ ආශ්‍රිත සම්පත් හවුලේ භාවිතාකිරීම බව පරිගණක ජාලකරණය පිලිබඳ වූ මුල් ලිපියේම සඳහන් කල බව ඔබට මතක ඇතිබව විශ්වාසකරමි .පරිගණක ජාලයකට සම්භන්ද උපකරණ අවශ්‍ය ඕනෑම වෙලාවක ප්‍රයෝජනයට ගත හැකිලෙස එනම් Availability ,තිබීම ඉතාවැදගත් වෙයි .
                                                                    වර්තමානයේ බොහෝ ව්‍යාපාරික කටයුතු කරනු ලබන්නේ ඉන්ටෙර්නෙට් හෙවත් අන්තර්ජාලය හරහා වීමත් ,ව්‍යාපාරයක ඇතුලත එදිනෙදා කරනු ලබන ගනුදෙනු ,අනෙකුත් වාර්තා සියල්ලක්ම පාහේ සකස්කරනු ලබන්නේ පරිගණක වැඩසටහන් හරහා වීමත් නිසා ,පරිගණක හා එහා බැඳුනු පරිගණක ජාලකරණය ඉතාමත් වැදගත් මෙහෙයක් සිදුකරන පද්ධතියක් බව නැවත නැවත ඔබහට පැහැදිලි කරදීමට අවශ්‍ය නොවන බව මාගේ අදහසයි .
                                                                                                       වර්තමානයේ කුඩා ව්‍යාපාරයක උවද අඩුම වශයෙන් සර්වර පරිගණක එකක් හෝ භාවිතයට ගැනේ .සර්වර් පරිගණක  කාර්යක්ෂමතාව , නිෂ්පාදකයා යොදාගන්නා කාර්යය අනුව වෙළඳ පොලෙන් මිලදී ගත හැකිය . සර්වර පරිගණකයක් පුද්ගල පරිගණකයකට වඩා බොහෝසෙයින් බලවත් බව කලින් ලිපියකදී සඳහන් කල ඔබට මතක ඇති .
                                                                    ඉතා ප්‍රකට සර්වර් පරිගණක නිෂ්පාදන නාම ලෙසSUN, FUJITSU, IBM, DELL හා HP දැක්විය හැකිය .ලංකාවේ බොහෝවිට භාවිතකරන්නු ලබන්නේ  IBM, DELL හා HP සර්වර් පරිගණක වේ .

සර්වර පරිගණක ප්‍රදාන ක්‍රම 3 ක ඔස්සේ නිෂ්පාදනය කරනු ලබයි .

1.Tower Servers
2,Rack Servers
3.Blade Servers



ඉහත රුපයේ වම්පසින් Tower Server  යක්ද,දකුණුපසින් Rack Server ද දක්වා ඇත .මම වර්ග දෙකෙහි එතරම් සැලකිය යුතු තාක්ෂණික වෙනස්කම් නැත ,එහෙත් භාවිතා කරනු ලබන පරිසරයට අනුව මේවා මෙලෙසින් නිෂ්පාදනය කර ඇත .Rack Server භාවිතාකරන්නේ රාක්ක වල සවිකර භාවිත කිරීමටයි ,ඉඩකඩ අඩු තැන්වලදී මෙම ක්‍රමය ඉතා යෝග්‍ය වෙයි .තවද විශාලවශයෙන් සර්වර් පරිගණක භාවිතාකරන කාර්යයන් හිදී Tower Server  භාවිතා කිරීම යෝග්‍ය නොවන්නේ ,ඒවා එකක්මත එකක් අඩු ඉඩ ඇති ස්ථානයක තැබීමට ඇති අපහසුතාව නිසාවෙනි .


     Blade Servers සාමාන්‍ය සර්වර පරිගණක වලට වඩා වෙනස්ම තාක්ෂණයක් උපයෝගී කරගෙන නිර්මාණය කරන ලද්දකි .එය සර්වර කිහිපයක් එකම ඇසුරුමක බහා සාදන ලද්දකි .එම එකම ඇසුරුමේ ඇති එක සර්වරයකට    Blade එකක් යනුවෙන් ව්‍යවහාර කෙරේ .පහත රුපයෙන් පෙන්වා ඇත්තේ එවැනි වර්ගයක සර්වරයකි .

මෙහි එලියට ගෙන පෙන්වා ඇත්තේ එක සර්වර් බ්ලේඩ් එකකි එනම් එක සර්වරයකි  එවැනි සර්වර 10 කින් මෙම blade server  ය සමන් විත වේ .

 Server Roles -සර්වරයක් ප්‍රයෝජනයට ගන්නා ප්‍රධාන ආකාර හෙවත් ඒවාට අදාල කාර්යයන්

1.File Server - පරිගණක ජාලයේ තිබෙන අනෙකුත් පරිගණකවල files ෆයිල්ස් වල පිටපත් තබාගැනීමට

2.Mail Server- ආයතනයේ විද්‍යුත් තැපෑල පණිවිඩ එහෙමත් නැතිනම් Emails ඊමේල් පණිවිඩ ගබඩා කර තබාගැනීම      සහ අදාල පුද්ගලගේ ගිණුමට යැවීම හා එයින් පිටතට යැවීම .

3.Web Server- වෙබ් අඩවි සහ අදාළ විස්තර ගබඩා කිරීම හා පිටස්තර අයට එයට ප්‍රවේශ වීමට හැකිවෙන පරිදි සකස් කර ඇති ක්‍රමයකි.

ඉහත සඳහන් ආකාරයට එකිනෙක කාර්යයන් සර්වරයෙහි අප ස්ථාපනය කරනු ලබන්නේ ,එයට ඇතුලත් කර ඇති මෙහෙයුම් පද්ධතිය(Operating System) හා අදාළ මෘදුකාංග (Software) ආධාරයෙනි .

මෙම ඉහත සඳහන් සියලුම කාර්යයන් එකම සර්වරයක වුවද වින්‍යාසගත (Configure)කිරීම කල හැකිය . නැතහොත් ඒ ඒ ක්‍රියාව සඳහා වෙන වෙන වශයෙන් වූ සර්වර කිහිපයක් භාවිතා කල හැකි මුත් එය වියදම් අධික ක්‍රමයකි .

සර්වර මෙහෙයුම් පද්ධති සඳහා යොදාගන්න ප්‍රධානතම මෙහෙයුම් පද්දති වන්නේ ලිනක්ස් ,හා වින්ඩොව්ස් පාදක කරගත් මෙහෙයුම් පද්ධති වේ .

 ප්‍රසිද්ධ ලිනක්ස්  සර්වර මෙහෙයුම් පද්දති
1.Ubuntu Server
2.Fedora
3.SUSE Enterprise
4.Redhat

ප්‍රසිද්ධ වින්ඩොව්ස් සර්වර මෙහෙයුම් පද්දති

1.Windows Server 2008
2.Windows Server 2003
3.Windows Server 2000

අනෙකුත් සර්වර මෙහෙයුම් පද්ධති
1.Apple Mac os X Server
2.Sun Solaris

මෙම බොහොමයක් සර්වර මෙහෙයුම් පද්ධති 64bit saha 32bit වශයෙන් සංස්කරණ 2 ක් ඉදිරිපත් කොට තිබේ .එය ස්ථාපනය කරනු ලබන සර්වර පරිගණකයේ ආකෘතිය Architecture අනුව තෝරා ගත යුතුය .සාමාන්‍යයෙන් ගත් කල 64bit සර්වර පරිගනකයක් එහා සමාන 32bit සර්වරයකට වැඩ බෙහෙවින් කාර්යක්ෂම වේ .වර්තමානයේ මෙම 64bit සර්වර බහුලව භාවිතාකරනු ලැබේ .ඇති එකම අවාසියනම් ,ඒ සමග භාවිතා කලයුතු මෙහෙයුම් පද්ධති හා අනෙකුත් මෘදුකාංග ද ඒවාට අනුකූලතාව දක්වන ඒවාම විය යුතු වීමයි .









                                                             
                                                                     

10 comments:

  1. Blade server එක ගැන දැනගත්තෙ අදයි ඔන්න. මම ඉන්න company එකේ tower servers පෙරලල rack servers වගේ හයි කරලයි තියෙන්නෙ :)
    දැන්නම් ගොඩක් දුරට tower servers පාඩිච්චි කරන්නෙ Super computer architecture වලටයි.
    වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. niyamai sahodaraya..math adai Blade server eka gana dana gaththe ..anyway thank you (Y)

      Delete
  2. දිගටම ලියන්න......මම නම් හැමදාම කියවනවා මේ බ්ලොග් එකේ අලුත් පොස්ට්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යහලුවනේ !!!

      Delete
  3. Win7 to WinXP network krana vidiha kiyaladenavada...?

    ReplyDelete
  4. sever එකේ Architecture එක අනුව workstation එකත් වෙනස් විය යුතුද?(64bit Sever වලට 64bit workstation , 32bit severs වලට 32bit workstation )..ලිපිය දිගටම ලියන්න.

    ReplyDelete
  5. සමහර තැන වල ඩෙස්ක්ටොප් කොම්පුටර්ස් වලටත් වර්ක්ස්ටේෂන් කියල දාල තියෙන තැන් තියෙනවා , එකොහොම උනත් එහම ප්‍රස්නයක් නැහැ , අපි පාවිච්චි කරන ගොඩක් සර්වර්ස් 64 බිට් ඒවා ඒත් ඒවා කොනෙක්ට් කරන්න 64 බිට් පී සී ස් එහෙමත් නැත්තම් ක්ලයන්ට් කොම්පුටර්ස් ඕනෑම කියල දෙයක් නෑ.

    ReplyDelete
  6. සර්වර මෙහෙයුම් පද්දතිය hada ganna haiti setting hadana videhai dannaone softweya kiyanna barida lipeye videhata pahadeliva kiyala dennako

    ReplyDelete
    Replies
    1. සර්වර මෙහෙයුම් පද්ධති වලට උදාහරණ විදිහට Windows Server 2003 , Windows Server 2008 ,Windows Server 2012 Linux , Fedora , Suse Linux , Sun Solaris දක්වන්න පුළුවන් .
      සර්වර යක් කන්ෆිගර් කරන්නේ ,අවශ්‍ය තාව අනුව අවශ්‍ය තාව අනුව පොදුවේ සර්වරයක් අප්ප්ලිකේෂන් සර්වරයක් , ෆයිල් සර්වරයක් ,වෙබ් සර්වරයක් , ඩේටාබේස් සර්වරයක් විදිහට කන්ෆිගර් කරන්න පුළුවන් , තවත් විශේෂ අවශ්‍ය තා සඳහා පාවිච්චි කරන සර්වරත් මේවට ඇතුලත් විය යුතුයි .

      Delete

Blogger Widgets