Friday, February 3, 2012

පරිගණක ජාල ආකාර -Types Of Networks.... තුන්වන කොටස.....

පසුගිය ලිපියෙන් අප LAN WAN හා MAN අතර වෙනස්කම් හඳුනා ගත්තා දැන් එතැන් පටන් අනෙක් ඒවා ගැන විමසා බලමු .

4. WLAN - Wireless Local Area Network
              රැහැන් රහිතව එනම් වයර් වලින් සම්බන්ද නොකර ,ගුවන් විදුලි තරංග මාධ්‍යයෙන් එකිනෙක සම්බන්ධකර තනන ලද පරිගණක ජාල මේ නමින් හඳුන් වනු ලැබේ .වර්තමානයේ මෙම ක්‍රමය බහුල වශයෙන් යොදාගනු ලැබේ .
Wi-Fi   -  wireless fidelity යනු මෙම රැහැන් රහිත ජාල තැනීමේදී උපයෝගී කරගන්න්නා තාක්ෂණයයි.
මෙම ක්‍රමයේදී  ඒසඳහා සහාය දක්වන Wireless  NIC -Network Interface Controller ,එහෙමත් නැතිනම් සාමාන්‍යයෙන්  පවසන පරිදි      Wireless Network Card සහ      Wireless Switch , Wireless Router ,Wireless Access Point යන උපකරණ වලින් එකක් හෝ ඒ සියල්ලම හෝ අවශ්‍ය විය හැක .එය අවශ්‍යතාව මත රඳාපවතී .


 Wireless Network Card /වයර්ලස් නෙට්වර්ක් කාර්ඩ් එකක් 



LINKSYS & Other  registered Trademarks are belongs to their respective owners .gathered for education purpose only.
මෙහිදී මා ඉතත සඳහන් කරනලද උපකරණ සියල්ලම පාහේ යොදාගෙන ඇතිබව ඔබට පෙනෙනු ඇත .අමතරව මෙහි ඇති උපකරන නම්,Wireless USB  Network  Adapter ,Wireless Print Server, යන උපකරණයි . Wireless USB   Network   Adapter  භාවිතා කරනු ලබන්නේ  Wireless සම්බන්දතාව ,එම පහසුකම නැති පරිගණකයකට යූ එස් බී  පොර්ට් හරහා ලබාදීමටයි .   යූ එස් බී  පොර්ට්  බාහිරව පිහිටා ඇති  බැවින් පරිගණකයේ මවුපුවරුව ,එහෙමත් නැත්තම් මදර්බෝර්ඩ් එකට ඇතුලතින් සවිකරන නෙට්වර්ක් කාර්ඩ් එකකට වඩා මෙය සවිකිරීමට පහසුය .අනෙක නම් අවශ්‍යනම් එය එක පරිගණකයකින් ගලවා ගෙන ගොස්  එය තවත් පරිගනකයකදී උවද භාවිතාකළ හැකිය .


Wireless Print Server යනු  Wireless Network  එකකදී ප්‍රින්ටරය හවුලේ භාවිතාකිරීම සඳහා ,ප්‍රින්ටරය සම්භන්ද කර ඇති උපකරණයකි.EtherFast Cable DSL Firewall Router යන උපකරණය ගැන ඊළඟ ලිපියකදී මම විස්තරකරන්නම් .
වර්තමානයේ ඩෙස්ක්ටොප් පරිගණක මෙන් නොව ලැප්ටොප් පරිගණක සියල්ලකම පාහේ Wireless Network Adaptor අන්තර්ගත කර නිමවා ඇත .එනිසා එවා සඳහා නැවත  Wireless USB  Network  Adapter ,වැනි උපකරණ භාවිතා කිරීම අවශ්‍ය නොවේ.

Wireless උපකරණ නිෂ්පාදනයේදී උපයෝගී කරගන්නා  ජාත්‍යන්තර සම්මතයන් කිහිපයක් ඇත .ලොව කොහේ එම උපකරණ නිපඳවුවත් එම සම්මත යටතේ නිෂ්පාදනය කලයුතුවේ .මෙම සම්මුතීන් ලොවට ඉදිරිපත් කරනු ලබන්නේ IEEE- Institute of Electrical & Electronics Engineers (ජාත්‍යන්තර ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවරුන්ගේ ආයතනය ) මගිනි .මෙම සම්මුතීන් පහත ආකරයෙන් දැක්වේ


1. IEEE 802.11b -මෙම සම්මුතිය භාවිතාකරන උපකරණ වල දත්ත වේගය 11Mbit/s වේ.
2. IEEE 802.11g-මෙම සම්මුතිය භාවිතාකරන උපකරණ වල දත්ත වේගය  22Mbit/s වේ.

3. IEEE 802.11n- මෙම සම්මුතිය භාවිතාකරන උපකරණ වල දත්ත වේගය 54Mbit/s වේ.



ඉහත පෙන්වා ඇති Wireless USB Adapter ය මෙම සම්මුති තුනම යටතේ නිෂ්පාදනය කරන ලද උපකරණයකි .එම නිසා මෙම සම්මුති තුනම හෝ එවෛන් එකක් හෝ යටතේ නිෂ්පාදනය කරන ලද අනෙක් උපකරණයක් හා සම්බන්ධ වීමට මෙම උපකරණයට හැකියාව ඇත .මෙම සම්මුති හඳුන්වාදීමේ එක පරමාර්ථයක් වන්නේද මෙම උපකරණවල ගැලපුම ,නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට වෙනස් නොවී තබාගනීමටයි.එසේ නොඋනහොත් පරිගණක අතර සන්නිවේදනයේදී නොයෙකුත් අවහිරතා පැන නැගෙන්නට  හැකියාව ඇත .

අනෙකුත් වැදගත් කරුණ නම් මෙම සම්මුති අනුව මෙම එක එක උපකරණය ක්‍රියාත්මක වන දුර පරාසයයි .එය එක එක නිෂ්පාදකයා යොදාගන්නා තාක්ෂනය අනුව වෙනස්වන නමුත් දලවශයෙන් මා අසා ඇති පරිදි IEEE 802.11b හිදී යම්කිසි ගොඩනැගිල්ලක් ඇතුලත (indorr) මීටර් 50 ක් ,IEEE 802.11g හිදී යම්කිසි ගොඩනැගිල්ලක් ඇතුලත (indorr) මීටර් 150 ක් IEEE 802.11n හිදී යම්කිසි ගොඩනැගිල්ලක් ඇතුලත (indorr) මීටර් 300 ක් පමන වේ ..




Wireless Network වලදී පරිගණක හා ඒ අතර සිදුවන සන්නිවේදන ක්‍රියාදාමය තරමක් සංකීරණ එකකි .එහෙත් ඔබ වෙනුවෙන්  ඊළඟ ලිපියකදී එය විස්තර කිරීමට මා බලාපොරොත්තුවෙමි ..







3 comments:

  1. වැඩේ නම් නියමය් අය්ය.ඉතුරු පාඩම් ලිපි ටිකත් ඉක්මනින් පල කරනවානම් අගයකොට සලකමි.

    ReplyDelete
  2. fatta machan.. godak dewal igena gaththa.. mokada tutorial eka nawaththalada? digatama karagena yanna..

    ReplyDelete

Blogger Widgets