Friday, March 30, 2012

පරිගණක අතර සිදුවන දත්ත හුවමාරුව සිදුවන අන්දම ...

ගිය වර ලිපිවලින් පරිගණක ජාලයකදී පරිගණක අතර කේබල වලිං සම්භන්ද කරන ආකාරය ඉගෙන ගත්තා ඔබට මතක ඇති.පරිගණක ජාලයක පරිගණක එකිනෙකට සම්භන්ද කල පමණින් ඒ එකිනෙක අතර සම්භන්දතාව ඇතිනොවේ එනම් දත්ත හා සම්පත් හවුලේ භාවිතයට හැකිවන්නේ නැහැ .පරිගණක බාහිරව සම්භන්ද කිරීමෙන් පසුව ඒ එක එක පරිගණකයේ මෙහෙයුම් පද්දති (ඔපරෙටින්ග් සිස්ටම්)යට අදාලව සැකසුම් එහෙමත් නැතිනම් සෙට්ටින්ග්ස් සැකසිය යුතුය .
                                                                                           සරලව ගත් කල එක පරිගනකයක සිට අනෙක් පරිගණකයකට දත්ත යැවීම, එක්නිවසක ඉන්නා පුද්ගලයෙක් තවත් ඈතක සිටින පුද්ගලයෙකු අතර තෑපෑල හරහා  සිදුවන  ලිපි හුවමාරුවකට සමාන කල හැකිය . තෑපෑල පරිගණක සම්භන්ද කර ඇති මාර්ගය ලෙස ගතහොත් ,ලිපිය දත්ත ලෙස හා පරිගණක එම පුද්ගලයන්ගේ වාසස්ථාන ලෙස සැලකුවහොත් ,IP Address.. අයි පී ඇඩ්රස් .. යනු එම නිවෙස්වල ලිපිනය ලෙස හැඳින විය හැක .

පරිගණක දෙකක් හෝ ඊට වැඩිගණනක් සමග තවත් පරිගනකයකක් සම්භන්දවී දත්ත හුවමාරුවේ දී එක එක පරිගණකයේ අනන්‍යතාව අත්‍යවශ්‍ය සාධකයක් වෙයි .මුලික අනන්‍යතාව තහවුරු කිරීමේ ක්‍රමය නම් ඒ ඒ පරිගණකයේ නෙට්වර්ක් ඉන්ටර්ෆේස් හි නිෂ්පාදකයා විසින් ඇතුලත් කරනු ලබන මැක් ඇඩ්රස් MAC-Media Access Protocol වේ.මේ පිළිබඳව ස්විච ගැන සාකච්චා කිරීමේදී සඳහන් කළා ඔබට මතක ඇතයි විශ්වාස කරමි.

                  අයි පී ඇඩ්රස් ගැන කතා කිරීමට ප්‍රථම කිව යුතු වැදගත් කරුණු කිහිපයක්නම් , පරිගණක හා ඒ හා සම්භන්ද අනෙකුත් උපකරණ  අතර සන්නිවේදනයේදී එම උපකරණ අතර සිදුවන දත්ත හුවමාරුව   ජාත්‍යන්තර නීති රීති  මාලාවකට  අනුකුලව සිදුවේ .එනම් සම්මුති කිහිපයකට යටත් වේ මෙම සම්මුති බොහොමයක් ඉදිරිපත් කර ඇත්තේ IEEE-Institute of Electronic & Electrical Engineers හා ඒ හා සම්භන්ද  යන ආයතන විසිනි.
                              මෙම නීති මාලාව ප්‍රොටෝකෝලයක් Protocol ලෙස හඳුන්වනු ලැබේ .  ඉහත සඳහන් කල MAC-Media Access Protocol   ඉන් එකකි .ප්‍රසිද්ධම TCP/IP -Telecommunication Control Protocol /Internet Protocol මගින් අප කතා කරන්නට  සුදානම් වන අයි පී ඇඩ්රස් හරහා සිදුවන සන්නිවේදනය පාලනය කරයි .ඇත්තටම අයි පී ඇඩ්රස් යනු ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ඇඩ්රස් යන්න කෙටිකර දැක්වීමකි .

ඇත්ත වශයෙන්ම පරිගණක ජාලයකදී පරිගණක අතර සිදුවන දත්ත හුවමාරුවේදී මෙවැනි ප්‍රොටෝකෝල වර්ග ගණනාවක් භාවිතා කෙරේ .පරිගණක අතර දත්ත හුවමාරුව සිදුවෙන්නේ දත්ත පැකට් වශයෙන් බව පසුගිය ලිපිවල සඳහන් කරනු ලැබුවා .මෙම දත්ත හුවමාරුවේදී සිදුවන ක්‍රියාවලිය හා ඊට සම්භන්ද ප්‍රොටෝකෝල විස්තර කිරිමේ හා තේරුම ගැනීමේ පහසුව තකා  ස්ථරීය ආකෘතියක්  එනම් Layered Structure ගොඩනගා ඇත මෙම ක්‍රමය OSI(OPEN SYSTEM INTERCONNECT) Layer Architecture  වශයෙන් හඳුන් වනු ලබයි .මෙම ක්‍රමය අනුව පරිගණක අතර සන්නිවේදනය ස්තර එනම් ලේයර්ස් 7 ක් හරහා සිදුවේ .අයි පී ඇඩ්රස් ගැන කතා කිරීමට ප්‍රථමයෙන් මෙම ඕ.එස්.අයි ලේයර් පිළිබඳව පැහැදිලිකරගත යුතුවේ .

පහත රූප වලින් එම සන්නිවේදනය සිදුවන ආකාරය හා ඒ එක් එක ලේයරය මගින් සිදුවන ක්‍රියාවලිය දක්වා ඇත .




ඊළඟ ලිපියෙන් මෙම එක එක ලෙයරයේදී සිදුවන දෑ පැහැදිලිකරගමු .






2 comments:

  1. ane aiye me kurullanam mara wadayak...kiyawanakota madata paninawane.. anika me blog1 pallala wadi eka adu karanna...

    ReplyDelete
  2. ane ow kurullanam maaaaaaarama wadayak thami.
    :D

    ReplyDelete

Blogger Widgets