Saturday, March 17, 2012

පරිගණක ජාල කරණයේදී ෆයිබර් ඔප්ටික්ස් කේබල් ( Fiber Optics Cables) යොදාගන්නා අන්දම ...

ගිය වර ලිපියෙන් සඳහන් කල පරිදි අද විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ ෆයිබර් ඔප්ටික්ස් එහෙමත් නැත්තම් ප්‍රකාශ තන්තු හරහා දත්ත යැවීම සිදු කරන ආකාරයයි .නමුත් මේ පළිබඳව ඉතා දීර්ඝ ලෙස සාකච්චා කිරීමට මෙහිදී බලාපොරොත්තු නොවේ .මක් නිසාද යත් මෙම මාතෘකාව ඉතා පුළුල් පරාසයක් ආවරණය කරන බැවිනි .මේ හරහා සිදුවන සන්නිවේදනය අයත් වන්නේ විද්‍යුත් සන්නිවේදනය (Telecommunications) විෂය පථයට වේ.නමුත් එදිනෙදා ප්‍රයෝගිකව ජාලයක ප්‍රයෝජනයට ගන්නා උපකරණ හා තාක්ෂනය ගැන මෙහිදී විස්තරකරනු ලැබේ .

                                    ෆයිබර් ඔප්ටික්ස් කේබල් ( Fiber Optics Cables) හරහා දත්ත හුවමාරු කරනු ලබන්නේ  ආලෝක කදම්බයක් (   Light Beam ) උපයෝගී කරගෙන බව ඔබ සමහරක් විටක දන්නවා ඇත .මෙම තාක්ෂනය භාවිතාකිරීමේදී වාසි බොහොමයකි .

1.විද්‍යුත් චුම්භක තරංග භාවිතා නොවන බැවින් ,අනෙකුත් විද්‍යුත් තරංග වලින් ඇතිවෙන අවහිරතා (EMI-Electromagnetic Interference) ඇති නොවීම .

2. ෆයිබර් ඔප්ටික්ස් කේබල් ( Fiber Optics Cables) හරහා දත්ත හුවමාරු කරනු ලබන්නේ  ආලෝක කදම්බයක් (   Light Beam ) නිසා අකුණු සහ වෙනත් විදුලි කාන්දු නිසා ඇතිවන හානි අවම වීම .

3.හොඳ දත්ත වේගයක් පවත්වාගැනීමට හැකිවීම ,

4.දත්ත බෙදීයාමේදී සිදුවන ,දත්ත වේගය අඩුවීම ,අඩු කරගත හැකිවීම ,

මෙහි ඇති ප්‍රධානතම වාසි වේ .

අවාසි නම්
1.කේබල වල මිල අධික වීම
2.ඉක්මනින් කැඩී යාමට ලක්වීම .
3.එහා සම්භන්ද උපාංග මිල අධික වීම

වේ .වර්තමානයේ ෆයිබර් ඔප්ටික්ස් කේබල් ( Fiber Optics Cables)  හා එහා සම්භන්ද උපාංග බහුල වශයෙන් ප්‍රයෝජනයට ගනී .
Internal Structure of Fiber Optics Cable
Different types 
ඉහත පළමු රුපයෙන් බහුලව භාවිතාවන කේබලයක ඇතුලත සැකැස්ම හා පහත රූපයෙන් විවිධ භාවිතයන් සඳහා නිපදවන ලද කේබල දක්වා තිබේ .

මෙම කේබල භාවිතා කරනු ලබන ඒ ඒ පරිසරයන්ට  ඔරෝත්තු දෙන පරිදි නිපන්දවනු ලබයි .ගොඩනගිල්ලකින් පිටත සවිකිරීම සඳහා ආවරණ කීපයකින් යුතු හා ඇතුලත සිහින් වානේ කම්බි ස්තරයක් යොදා තනන ලද Armed Cables යොදාගනී.මෙම වර්ගයේ කේබලයක දත්ත හුවමාරු කිරීමට යොදාගන්නා සිහින් තන්තු වලට අමතරව වැඩිපුර ප්‍රමාණයක් ඇත්තේ ආවරණ බව ඔබට පෙනී යනවා ඇත .මේවාට මෙපමණ ආරක්ෂාවක් යොදනු ලබන්නේ ඉක්මනින් කැඩී බිඳ යාමට හැකි නොවන පරිදි තබා ගැනීමටය .
                                ලෝකයේ මහාද්වීප හා මුහුද හරහා වැටී ඇති  ෆයිබර් ඔප්ටික්ස් කේබල් ( Fiber Optics Cables)  ජාලයක් ඇති බව ඔබ සමහර විට දන්නවා ඇති .මෙහීදී යොදාගන්නා කේබල වල පැවතිය යුතු විශේෂතා ඔබට අවබෝධ වනු ඇත.ශ්‍රී ලංකාව හා සම්බන්ධව ඇති කේබල් ජාලය ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් පරිදි  Fibre Optics Cable MAP Near SL(උපුටා ගැනීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ http://www.sltnet.lk/temparary/ipbp.htm සබැඳියෙනි ) මෙම Link එක මත ක්ලික් කිරීමෙන් ඔබහට දැක ගත හැකිය .

ලෝකය පුරා විහිදී ඇති කේබල් ජාලය වර්ෂ 2008 දී තිබූ අන්දම  http://mikesenese.com/DOIT/wp-content/uploads/2011/11/Undersea%E2%80%93Cable-Map.gif මගින්  සවිස්තරව දැක ගත හැක


ඊළඟ ලිපියෙන් මේ පිළිබඳව තව දුරටත් සාකච්චා කරමු .

    


No comments:

Post a Comment

Blogger Widgets