Friday, March 23, 2012

ෆයිබර් ඔප්ටික්ස් කේබල් ( Fiber Optics Cables) ගැන ..තවදුරටත්....

ෆයිබර් ඔප්ටික්ස් කේබල් ( Fiber Optics Cables)  ගැන මුලික හැඳින්වීමක් ගියවර ලිපියෙන් ඉදිරිපත් කරනු ලැබුවා .දැන් ඉතිරිය සලකා බලමු .

ෆයිබර් ඔප්ටික්ස් කේබල් ( Fiber Optics Cables)  ප්‍රධාන කොටම වර්ග දෙකක් ඇත .

1.සිංගල් මෝඩ් ෆයිබර් (Single Mode Fibre)
මෙම වර්ගයේ කේබලයක යැවිය හැක්කේ එක ආලෝක කදම්භයක් පමණි .ගනකම විෂ්කම්භය  8.3 to 10 microns වේ .


1 microns = 0.001 millimeters






2.මල්ටි මෝඩ් ෆයිබර් (Multimode Fibre)
                              මෙම වර්ගයේ කේබලයක විවිධ කෝණ ඔස්සේ ආලෝක කධම්භ කීපයක් යැවිය හැකිය.මෙම කේබල වර්ගය නැවත .වර්ග දෙකකට බෙදේ.විශ්කම්භය 50, 62.5,  100 පමණ වේ .

                          a.ස්ටෙප් ඉන්ඩෙක්ස්  (Step Index)මල්ටි මෝඩ් ෆයිබර් (Multimode Fibre).

                       b.ග්‍රේඩඩ් ඉන්ඩෙක්ස්  (Graded  Index)මල්ටි මෝඩ් ෆයිබර් (Multimode Fibre).
                             මෙම මල්ටිමෝඩ් ෆයිබර් කේබල දෙකෙහි ප්‍රධාන වෙනස නම් ආලෝකය වර්තනය වන ආකාරය වෙනස් කර කාර්යක්ෂමතාව ඉහල නංවා තිබීමයි .ස්ටෙප් ඉන්ඩෙක්ස්  (Step Index) වලදී සිදුන ආලෝක අපකිරණය අඩුකර කාර්යක්ෂම තාව ග්‍රේඩඩ් ඉන්ඩෙක්ස්  (Graded Index) වලදී වැඩි කර ඇත .ඒසේ සිදුකර අත්තේ ග්‍රේඩඩ් ඉන්ඩෙක්ස්  (Graded Index) හි මධ්‍ය අක්ෂයේ සිට වර්තනාන්කය අඩුවන ආකාරයට නිමවා ඇති බැවිනි .

මල්ටි මෝඩ් ෆයිබර් වල දත්ත සන්නිවේදනයේදී ඇති ප්‍රධානතම අවාසිය නම ග්‍රාහක ස්ථානයේදී යම්කිසි අපැහැදිලි තාවකට ලක්වීමට හැකිවීමයි .
මෙම මල්ටි මෝඩ් කේබල යන වදන මල්ටි කොර් කේබල් යන වදන සමග පටලවා නොගත යුතුය .මල්ටි කොර් යනු එකම කවරයක් තුල කේබල කිහිපයක්  බහා තනන එක කේබලයකි. මල්ටි මෝඩ් කේබල යනු ඇතුලත ආලෝකය ගමන කරන ආකාරය අනුව වර්ගීකරණය කල ක්‍රමයකි .


පහතින් දක්වා ඇත්තේ ෆයිබර් කේබල යොදාගෙන සන්නිවේදනය කරන ආකාරයයි.

වැදගත් කරුණනම් මෙහරහා සිදුවන සන්නිවේදනය එක අතකට සිදු වීමයි .එනිසා දෙපැත්ත ටම එක වර දත්ත සන්නිවේදනය කිරීමට කේබල දෙකක් අවශ්‍ය වේ.එනම් එක පසකට දත්ත ග්‍රහණය කිරීමට (Receiving) ක්‍රමය කුත් , දත්ත සම්ප්‍රේෂණය කිරීමට(Transmitting ) ක්‍රමයකුත් අවශ්‍ය වේ.සම්ප්‍රේෂණ අදියරේදී විද්‍යුත් සංඥා ආලෝක ස්පන්ද බවට හැරවීමත් අනෙක් අන්තයේදී එනම් ග්‍රාහක ස්ථානයේදී  ආලෝක ස්පන්ද විද්‍යුත් සංඥා බවට පත කිරීමත් අවශ්‍ය බව ඔබට වැටහෙන්නට ඇත .

පහත රුපයෙන් එක එක කේබල ගැන සාරාංශයක් දක්වා ඇත ..


ආලෝකය උත්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන්නේ  light-emitting diode (LED) හා  an injection-laser diode (ILD) යන උපකරණයි .එල් ඊ ඩී ඔබ අප කුවුරුත් දන්නා බල්බයකි , නමුත් මෙහිදී එසන්දහාම නිපඳවූ විශේෂිත වර්ග භාවිත කරනු ලැබේ .ලේසර් ඩයෝඩ්  වලින් නිකුත් වන ආලෝකයද ද ඔබ දැක ඇත යි විශ්වාස කරමි ,විවිධ ආලෝක රටා උත්සව අවස්ථාවලදී මැවීමට එය  යොදාගන්නවා ඔබ දැක ඇත .

ෆයිබර් කේබලයක දල ආකෘතිය පහතින් දක්වා ඇත ...

සඳහන් කලයුතු අනෙක් කරුණ නම කැට් කේබල වල මෙන් නොව මෙම කේබල සඳහා සම්භන්දක එනම් කනේක්ටර්ස් වර්ග මාදිලි ගණනාවක් විවිධ අවශ්‍යතා යටතේ භාවිතයට ගනී .පහත රුපයෙන් බහුලව යොදාගන්නා එවැනි සම්භන්දක වල විස්තර දක්වා ඇත .

මා දන්නා පරිදි බොහොමයක් උපකරණ සඳහා යොදාගනු ලබන්නේ SC, ST හා MT-RJ යන වර්ග වේ .ෆයිබර් කේබල කනෙක්ටර හා සවි කිරීමට , හා එකිනෙක සම්භන්ද කිරීමට විශේෂිත උපකරණ භාවිතා කෙරේ .

එම කේබල කනෙක්ටර හා සම්භන්ද කරන ආකාරය පිලිබඳ වීඩියෝවක් පහතින් දක්වා ඇත ...



පහත දක්වා ඇත්තේ ෆයිබර් ඔප්ටික් කේබල භාවිතා කල හැකි ඊත නෙට් ස්විචයකි .ඉහතින් රතු පහන් දක්වා ඇත්තේ එම කේබල සවිකිරීම සඳහා නිමවා ඇති කනෙක්ටර වන අතර පහතින් දක්වා ඇත්තේ කැට් කේබල එනම් සාමාන්‍ය ට්විස්ටඩ් පෙයර් කේබල ,සවිකිරීම සඳහා වෙන කරන ලද කනේක්ටර වේ .මෙහෙදී මාධ්‍ය පරිවර්තනය කිරීමේ Media Conversion ක්‍රියාදාමයක්ද සිදුවේ .එනම් Optical fibre to CAT5 cable පරිවර්තනය මෙහිදී සිදුවේ .

Fibre optics Supported Switch
ස්විච වලට අමතරව ඉහත සඳහන් පරිවර්තන ක්‍රියාවලියට පමණක් නිෂ්පාදනය කරන ලද උපකරණ ඇත මීඩියා කොන්වර්ටර් Media Converters නමින් මේවා හඳුන්වයි .එවැනි උපකරණයක් පහත දක්වා ඇත ,



මෙතෙක් පාඩම වලින් හා මෙම පාඩමෙන් ගත් දැනුම අනුව මෙය කෙසේ සවිවිය යුතු දැයි ,ඔබට දැන් වට හිය යුතුය .

ෆයිබර මගින් කිලෝමීටර 80 ක්‌  ඈතින් ඇති පරිගණක ජාල 2 ක්‌ සම්භන්ද කර ඇති ආකාරය දැක්වෙන දල සටහනක් .


ෆයිබර් ඔප්ටික් තාක්ෂනය පිළිබඳව මෙහිදී ඔබට කෙටියෙන් හඳුන්වාදෙනු ලැබුවා .මෙහි තවත් විස්තර බොහෝ සෙයින් ඇති නමුත් ඒ සියල්ලම මෙහිදී විස්තර කිරීම ප්‍රයෝගික නොවේ යයි මගේ අදහසයි .

මීළඟ ලිපියෙන් අයි පී ඇඩ්රස්‌ IP Address ගැන විස්තර බලාපොරොත්තු වන්න ...

ඔබේ යෝජනා චෝදනා අගය කොට සලකමි ..

ස්තුතියි .








8 comments:

  1. එල මචන් ගින්දර වගේ, දිගටම ලියන්න.

    ReplyDelete
  2. නියමඊ දිගටම ලියන්න.,.,.,.,.,custom සබ්නේට්ටින්ග් කියල දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.,.,

    ReplyDelete
  3. බොහොම ස්තුතියි යාළුවා ඔයා අපිට නොමිලේ කරන මෙම සේවාවට.

    ReplyDelete
  4. හැකි තරමී practical videos එකතු කරන්න. බොහොම ස්තුතියි!

    ReplyDelete
  5. මචන් මේ ටික බොහෝම වටිනවා...පුලුවන්නම් පවර් මීටර් ඕටීඩීආර්වගේ දේවල් ගැනත්...ලිව්වනම් ගොඩාක් ඇගයි

    ReplyDelete
  6. ගොඩාක් වටිනවා මචන්

    ReplyDelete

Blogger Widgets