Saturday, December 22, 2012

රැහැන් රහිත පරිගණක ජාල කරණය (පලවන කොටස ) ...Wireless Networking (Part 1)..

                                               මේදක්වා චිස්තර කරනලද පරිගණක ජාලකරණය සහ  රැහැන් රහිත ජාල කරන තාක්ෂනය  අතර ඇති වෙනස ,රැහැන් නොමැතිව විද්‍යුත් චුම්භක තරංග ඔස්සේ දත්ත හුවමාරු කිරීම පමණකි .අයිපී ඇඩ්රස් යෙදීම ,පරිගණක අතර දත්ත හුවමාරුව යන දෑ සිදු කරන අයුරු වෙනස් වන්නේ නැත .වෙනස් වන්නේ භාවිතාකරන තාක්ෂනය අනුව අදාල උපකරණ වින්‍යාස ගත කිරීම , එසේත් නැතිනම් කන්ෆිගර් කිරීම පමණකි .

බහුලව පරිගණක හා එසම්භන්ද උපාංග සමග දත්ත හුවමාරු කිරීමට යොදාගන්නා ක්‍රම කිහිපයක් ඇත ,ලෝකයේ වයර්ලස් නෙට්වර්ක් ස්ටෑන්ඩර්ඩ්ස් Wireless Networking Standards ,සහ එවෑ හිදී වයර්ලස් තාක්ෂනය යොදා ගන්නා ආකාරය පහත රුපයෙන් දක්වා ඇත .
1
මේ ආකෘතිය අනුව පරිගණක ජාල ආකාර Network Type අතර යොදාගන්නා තාක්ෂනය අනුව ප්‍රධාන කොටම වයර්ලස් තාක්ෂනය පහත අයුරින් බෙදා දැක්විය හැකිය .(PAN, LAN,MAN සහ WAN ගැන මීටපෙර සාකච්චා කර ඇති නිසා ඒ පිළිබඳව දැනගැනීමට අවශ්‍ය නම් මුල් ලිපි කියවා බලන්න ).

1.Wi-Fi 

2.Bluetooth 

3.Zigbee 

4.Infrared IRDA

මෙයින් වඩාත් ප්‍රචලිත ක්‍රම වනුයේ Wi-Fi සහ Bluetooth  තාක්ෂණයයි. නමුත් මේ එකක් එකක් ගැන දැන් අප විමසා බලමු .

වයි -ෆයි/ Wi-Fi
                                                         වර්තමානයේ  බහුලවම භාවිතාවන ජනප්‍රියම ක්‍රමයයි .භාවිතාවන සම්මුතීන් සහ අදාළ උපාංග නිෂ්පාදනයේදී අනුගමනය කලයුතු සම්මුතීන් IEEE-Institute of Electrical & Electronics Engineers විසින් ලබා දී තිබේ .වයර්ලස් තාක්ෂනයේදී සන්නිවේදනය සඳහා යොදාගන්නේ විද්‍යුත් චුම්භක තරංග Electro Magnetic Wave බව මා ඉහතින් සඳහන් කරනු ලැබුවා .මෙම තරංග වලටම රේඩියෝ තරංග Radio Waves යයිද කියනු ලබයි .
                                                                                සාමාන්‍යයෙන් රේඩියෝ තරංග භාවිතා කිරීමට අදාළ  සංඛ්‍යාත පරාසය(Frequency Range) හෝ , සංඛ්‍යාතය(Frequency ) අනුව රටේ Telecommunication Regularity Commission  , එහෙමත් නැතිනම් ලංකාවේ නම් විදුලි සංදේශ නියාමන කොමිසම මගින් අවසර පත්‍රයක් Licence ලබාගත යුතුය . 
                                                                                               නමුත් සෑම රටකම වයි ෆයි උපාංග නිපඳවා තිබෙන්නේ එසේ අවසර ලබාගැනීමට අවශ්‍ය නොවන Unlicensed Radio Frequency අගයන් භාවිතා කරමිනි .
සාමාන්‍යයෙන් වයි ෆයි උපකරණ භාවිතා කරන්නේ සංඛ්‍යාත ගිගාහර්ට්ස්  2.4 GHz ~ 5 GHz වූ තරංග කලාපයයි .

IEEE සම්මුතීන් අනුව භාවිතාවන වයර්ලස් නෙට්වර්ක් ස්ටෑන්ඩර්ඩ්ස් පහත පරිදි වෙයි .වයර්ලස් සඳහා ඇති සම්මුතිය IEEE 802.11 නම් වෙයි , ඒවායේ වර්ගී කරණය පහත පරිදි වෙයි .

IEEE 802.11a -specification that added a higher data rate of up to 54 Mbit/s using the 5 GHz band.

IEEE 802.11b- is an amendment to the IEEE 802.11 wireless networking specification that extends throughput up to 11 Mbit/s using the same 2.4 GHz band

IEEE 802.11g-is an amendment to the IEEE 802.11 specification that extended throughput to up to 54 Mbit/s using the same 2.4 GHz band 

IEEE 802.11n- is an amendment to the IEEE 802.11-2007 wireless networking standard to improve network throughput over the two previous standards—802.11a and 802.11g—with a significant increase in the maximum net data rate from 54 Mbit/s to 600 Mbit/s
උපුටා ගැනීම Wikipedia 

වර්තමානයේ ප්‍රයෝගිකව බහුලව භාවිතා කරන්නේ b /g  /n පමණකි .අනෙක් කරණය නම් දැන් භාවිතාවන සියලුම පාහේ උපකරණ b /g  /n සඳහා සහාය දක්වයි .

එනිසා එපිලිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතු නොවේ .එහෙත් මෙම එක එක් සම්මතයන් යටතේ නිෂ්පාදනය කරනුලබන උපකරණවල උපරිම ක්‍රියාකාරී දුර පරාසය ගැන අවබෝධයක් තිබියයුතුය .



   උපුටාගැනීම  http://www.webopedia.com

මීළඟ ලිපියෙන් රැහැන් රහිත ජාලයක ආරක්ෂාව සහ , අනවසර පිවිසුම් වැලක් වීමට අදාළ සැකසුම්  පිළිබඳව
සලකා බලමු .

ඔබට ජයෙන් ජය !.


Friday, December 21, 2012

මීළඟ ලිපිවලට ප්‍රථම .....

                                  මේදක්වා ඔබවෙත ඉදිරිපත් කල පාඩම් සියල්ලම ඔබ අධ්‍යනය කළා නම් අද ඔබට  තමන්ගේ  පරිගණක  ජාලයක්  තමන්  විසින් සකසා  ගැනීමේ හැකියාව තිබිය යුතුය  .වැදගත්  වන්නේ එක්පියවරක් පමණක් තබා ,අපහසුතා , අමාරු තැන් වලදී අතහැර නොදමා උත්සාහ කිරීමයි .තමන් දෙයක් හිතන්නට පුරුදු වීමයි .එක ලිපියකින් ,එකමොහොතකින් විෂයකට අදාළ සියලුම කරුණු දැක්වීම අපහසු කටයුත්තකි .එනිසා ඕනෑම දෙයක් හොඳින් ඉගෙනීමට ආශාවක් තිබිය යුතුය ඉවසීම තිබිය යුතුය .
                                                                මා විශ්වාස කරන්නේ ඕනෑම විෂයක් ඉගෙන ගත යුත්තේ මුලික කරුණු වලින් බවයි , කොතරම් ඒවා මගහැර ඉගෙන ගන්නට ගියත් අවසානයේ ඔබ කොතැනක හෝ පටලෙනු ඇති .මුඋලික සංකල්ප බොහෝදෙනකුට ,ඉගෙනගන්නා විට ඉතාමත් කම්මැලි ස්වභාවයක් ඇති වෙයි .එහෙත් ඒවගේ ඇති වැදගත් කම පසුවට තේරුම් යන්නේ , කොතැනක හෝ "ඇනගත් හෝ නාගත් " විටය .
                                                                 මිනිසා විසින් නිර්මාණය කරන ඕනෑම දෙයක් නිර්මාණය වන්නේ  එක් මුලික සංකල්පයක් මතය, ඒ මුලික සංකල්පය එකිනෙකාගේ මත , දැක්ම මත වැඩි දියුණු වීමෙන් ,වඩාත් හොඳ නිර්මාණයක් බිහිවෙයි .නමුත් යම් හෙයකින් මුල් සංකල්පයේ තිබු අඩුපාඩුවක් නිසා යම් දියුණු කිරීම කරගෙන යත්දී  යම් කිසි අවස්ථාවක  එසේ කිරීමේදී ගැටලුවක් ඇති වුයේ නම් , අප යලිත් යොමු වන්නේ මුලික සංකල්පය දෙසට නොවේද ?.මුලික සංකල්ප දැන සිටීම වැදගත් වන්නේ එනිසාය.අනෙක් කරණය නම්  මුලික සංකල්ප දන සිටීමෙන් එ පිලිබඳව මනා අවබෝධයක්  ඇතිවෙයි .
                                                                                 කොතරම් පොත පත කියෙව්වත් ,ප්‍රයෝගිකව ඉගෙන ගත යුතු දේ තමන් විසින් අත්හදා නොබලන්නේ නම් , හෝ විෂයට "බහින්නේ" නැති නම්  ,ඔබ කරන්නේ ගොඩ ඉඳන් පිහිනීමට ඉගෙන ගන්නා දෙයට සමාන දෙයකි . ප්‍රයෝගික ක්‍රියාකාරකම් නොමැතිව පරිගණක ජාලකරණ හෝ අනෙක් තාක්ෂණ විෂයන් කිසිවකින් පල ප්‍රයෝජනයක් ගත නොහැකිය.විභාග පරීක්ෂණ සමත් වූ පමණින් විෂය ඔබට පැහැදිලි වූ බව විශ්වාස කරන්නේ නම් , ඒ ඔබගේ නොදැනුවත් කමය .ප්‍රශ්න අභියෝග එන්නේ තනිවම වැඩ කරන්නට ගිය විටය , මා අත් දැක ඇති සුලභම කාරණය නම් , විභාග හොඳින්  සමත් වූ බොහෝ දෙනෙකුගේ ප්‍රයෝගික දැනුම ඉතාමත් පහල මට්ටමක පැවතුන බවයි .මෙයින් මා විභාග , පරීක්ෂණ පහත හෙලා හෝ , ඔවුන්ව පහත හෙලා හෝ කතා නොකරමි . එයට ද දක්ෂ කම තිබිය යුතුය .
                                                                        පවතින ක්‍රමය අනුව බොහෝ ආයතන රැකියා ලබා දීමේදී තවමත් , සහතික වලට ප්‍රමුඛ තාව ලබාදී , සේවකයන් බඳවා ගන්නා බව මා දන්නා සත්‍යයකි.නමුත් එසේ නොමැති ආයතනද ඇත .මා ලත් ඇත දැකීම වලට අනුව ඔබ විෂයක් ප්‍රගුණ කර ඇත්තම් , එයට අදාලව ලබා ගත යුතු ,අන්තර් ජාතිකව පිළිගන්නා ආයතනයක අමාරුවෙන් හෝ ,විෂය මාලාව හදාරා සහතික පත්‍රයක් ලබා ගන්න .මුදල් දුෂ්කරතා ඇති ගොඩක් දෙනාට සමහර විට මේ දෙය කුණු හරුපයක් විය හැකිය .එහෙත් ඔබේ උත්සාහයට  අනෙක් සියලු දේ පරදා ඔබට අවශ්‍ය තැනට ඒමට පාර තැන දිය හැකි බව මතක තියාගන්න .
                                             ජීවිතයේ තමන් ආසකරන පැත්තකින් තමන්ගේ රැකියාව තෝරාගන්න , එවිට ඔබට කිසිවිටෙකත් රැකියාව එපා නොවෙනු ඇත , තාව කාලිකව එපා උනත් අයෙත් හිත ඒ පැත්තට හැරේවි .
ජීවිතයේ හැකිතාක් කාලයක් , පුංචි දෙයක් හෝ ඉගෙන ගන්න , පොතක් පතක් ගැනීමට කීයක් හෝ වෙන් කරන්න .ඉගෙන ගත් කිසි දෙයක් අපතේ නොයනු ඇත .
                                                                                            ජීවිතය කියන්නේ ඇත්තටම සල්ලි විතරක්ම නොවන බව මතක තියාගන්න , කොතරම් සල්ලි තිබුනත් , ඔබට හිතේ සතුට , සහැල්ලුව කිසිම දාක සල්ලි වලින් මිල දී ගත නොහැක .ඇතැමෙක් මේ ප්‍රකාශයට ," සල්ලි තිබෙනාවානම් , ඕනකරන දේවල් හැම දෙයක්ම ගන්න පුළුවන් එතකොට සතුටින් ඉන්න පුළුවන් "යයි විශ්වාස කරනවානම්, උත්සාහ කර බලන්න , මේලෝකේ සැහැල්ලුවෙන් නිදහසේ  ජීවත් වෙන්නේ සල්ලි යාන වාහන තියෙන මිනිසුන්ද , සීමිත අවශ්‍යතා වලින් ජීවත් වෙන මිනිසුන්ද කියා .තර්කය කෙසේ වෙතත් , ඇත්ත තත්වය ඔබගේ හිත ට දැනෙන දෙයයි .කියන දෙය නොවෙයි .
                                                   විෂයට අදාල නොවූනත් ජීවිතයේ අත් දැකපු , මගේ ජීවිතේට එකතු කරගත්තු දේවල් වලින් කොටසක් මම මේ විදිහට ගෙනාව .ඒ තවත් කෙනෙකට මේකෙන් තමන්ගේ මාර්ගය හදාගන්න පුංචි හරි උදව්වක් වෙවී කියන අරමුනෙන් .
                                                                                    කිසිවෙකුට ඊර්ෂ්‍යා කිරීමෙන් ඈත් වෙන්න ,අනෙක් නැසීමට නැති කිරීමට වියදම් කරන සල්ලි , කාලය ඔබගේ දියුණුවට වැය කරන්න .අනුන් නැති කිරීමෙන් ඔබට කිසිවක් ලැබෙන්නේ නැත , ඔබට වන්නේ පාඩුවක් මිස වෙන කිසිම දෙයක් නොවෙන බව මතක තියාගන්න .අනුන් කරන දේ ගැන නොව තමන් කලයුතු දේ ගැන හිතන්න හොයන්න .උත්සාහ කරබලන්න .

මේ වෙන තාක් මට සියලුම ආකාරයෙන් මෙය කරගෙන යාමට අනුබල දුන් හැමෝටම මගේ ස්තුතිය පලකරමි !

අලුත් මාතෘකාව කින් මීළඟ ලිපියෙන් හමුවෙමු !
                                                   
ඔබට ජයෙන් ජය !


Friday, December 14, 2012

පරිගණක ජාලයකදී මුද්‍රණ යන්ත්‍රය හවුලේ භාවිතය ..Printer Sharing ..



ගියවර ලිපියෙන් පරිගණක ජාලයකදී අන්තර්ජාල සම්භන්දතාව හවුලේ භාවිතාකිරීම , නැතහොත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් ෂෙයාරින් ගැන සාකච්චා කළා මතක ඇති .දැන් අප සලකා බැලීමට සුදානම් වන්නේ මුද්‍රණ යන්ත්‍රයක් , එහෙමත් නැත්තම් ප්‍රින්ටරයක් හවුලේ භාවිතා කරන අයුරුයි .

අපට එදිනෙදා හමු වන ප්‍රින්ටර වල පරිගණක වලට සම්භන්ද කිරීම සඳහා උපක්‍රම කීපයක් භාවිතා කරයි .සමහර ඒවා යල්පැන ගියත් තවමත් ඒවා භාවිතා වන තැන් ඇති නිසා ඒවා මතක් කිරීම හොඳ යයි සිතමි .

1.Com Port /Serial Port සම්භන්ද තාව සහිත ප්‍රින්ටර


2. Parallel Port සම්භන්ද තාව සහිත ප්‍රින්ටර

3.USB Portසම්භන්ද තාව සහිත ප්‍රින්ටර

4.Network සම්භන්ද තාව සහිත ප්‍රින්ටර

5.Wireless(Wi-fi)  සම්භන්ද තාව සහිත ප්‍රින්ටර

මෙහිදී Network සම්භන්ද තාව සහිත ප්‍රින්ටර සහ Wireless(Wi-fi)  සම්භන්ද තාව සහිත ප්‍රින්ටර සඳහා ,Share ෂෙයාර් කිරීම සඳහා අමුතුවෙන් සැකසුම් ,එහෙමත් නැතිනම් කන්ෆිගරේෂන් අවශ්‍ය නොවෙයි .නමුත් ජාලයක දී තවත් පරිගණකයකට සම්භන්ද කර ඇති ප්‍රින්ටරයක් ෂෙයාර් කිරීම සඳහා කලයුතු සැකසුම් ඇත .

මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් නම් , මෙම පරිගණක ජාලයේ අනෙකුත් පරිගණක වලින් ප්‍රින්ට් කිරීම සඳහා ,මෙම ප්‍රින්ටරය සම්භන්දීත පරිගණකය හැම විටකම පනගන්වා ඇති තත්වයේ , එනම් පවර් ඔන් එකේ තැබිය යුතු වීමයි .එනිසා බලශක්ති නාස්තියක් සිදුවිය හැකිය .

නමුත් තනිව සවිකළ හැකි ප්‍රින්ට් සර්වරයක් Stand alone Print Server භාවිතයෙන් පහසුවෙන් Parallel Port සම්භන්ද තාව සහිත ප්‍රින්ටර හා USB Portසම්භන්ද තාව සහිත ප්‍රින්ටර  නෙට්වර්ක් ප්‍රින්ටරයක් බවට පත් කල හැකිය .



USB Port to Network Print Server
Parallel to Wireless Print Server

Parallel port to network print server


USB to Wireless Print Server
ADSL Router with 2 Port USB Print Server


ඉහත ආකාරයේ  ප්‍රින්ට් සර්වරයක් භාවිතා කිරීමෙන් , ඉඩකඩ , විදුලි බලයද ඉතිරි කරගත හැකි වීම වාසියකි 
 නමුත් කලකට ඉහතදී  තරමක් මිල වැඩි නිසාත් ,කන්ෆිගර් කිරීමට අවශ්‍ය නිසාත් , නොදැනුවත් කම නිසාත් මේ සඳහා යොමුවී නැති බවක් පෙනේ .නමුත් දැන් නවක රවුටර වල , එයත් එක්කම ඇතුලත් කර නිපදවන ලද ප්‍රින්ට් සර්වර  වෙළඳ පොලේ මිලදී ගැනීමට ඇත .

නමුත් මේ සඳහා තවමත් ආයෝජනය කිරීමට හැකියාවක් නැති අය  සඳහා පරිගණකය හරහා ෂෙයාර් කිරීම සිදු කල හැකිය .එය තරමක් පහසු කටයුත්තකි .

1.පළමුව  Start >Control Panel >Printers & other Hardware >Printers & Faxes වෙත යන්න 
2.මී ලඟට ඔබට නෙට්වර්ක් එකෙහි ෂෙයාර් කිරීමට අවශ්‍ය ප්‍රින්ටර අයිකනය මත රයිට් ක්ලික් කර ප්‍රොපටීස් වෙත යන්න . එහි Sharing වෙත යන්න .එවිට පහත පරිදි දිස් වේවි .

Type a share name for the shared printer

එහිදී Share This Printer තෝරා  Share name යටතේ ඔබට කැමති නමක් ඇතුලත් කරන්න .
ඔබ වෙනත් මෙහෙයුම් පද්ධති සහිත පරිගණක සඳහා මෙම ප්‍රින්ටරය පාවිච්චි කරන්නට අදහස් කරන්නේ නම් Additional Drivers වෙත යන්න .එවිට පහත සඳහන් අයුරින් පෙනේවි .

Additional drivers

අවශ්‍ය පරිදි තොරා OK කරන්න .ඉන්පසුව ප්රෝපටිස් වින්ඩෝවේ Apply කර OK කරන්න .
දැන් අපි ප්‍රින්ටරය සම්භන්දිත පරිගණකයේ සැකසුම් කර අවසානයි .මීළඟට අනෙකුත් පරිගණක වලට මෙම ෂෙයාර් කරනලද ප්‍රින්ටරය එකතු කරන අයුරු සලකා බලමු .

දැන් ජාලයේ අනෙකුත් පරිගණකයක් වෙත යන්න .එහිදී 

1.Start >Control Panel >Printers & other Hardware >Printers & Faxes වෙත යන්න 
2.Printer Task යටතේ ඇති Add Printer  හෝ File> Add Printer මගින් Add Printer Wizard වෙත යන්න .

Add Printer Wizard

එයින් A network printer ,or a printer attached to another computer තෝරන්න .

3.දැන් ඔබට ප්‍රින්ටරය එකතු කිරීම සඳහා ක්‍රම තුනක් දක්නට ලැබේවි .නමුත් අප මෙහිදී දෙවන ක්‍රමය තෝරාගමු , අපට වඩාත් සුදුසු ක්‍රමය එයයි .

Find a printer in the directory

Browse

මෙහිදී ඔබ පරිගණකයේ අයිපී ඇඩ්රස් එක දන්නේ නම් \\IP Address\Printer Name , එනම් අයිපී ඇඩ්රස් එක හා අප පෙර පරිගණකයේ ෂෙයාර් නේම් එක සඳහා යෙදු නම ඉහත ආකාරයෙන් ඇතුලත් කර Next කර ලෙහෙසියෙන් එකතු කිරීමට පුළුවන .

නැතහොත් කිසිවක් ඇතුලත් නොකොට ජාලයේ සර්ච් කර එනම් සෙවීම මගින් ද එම කටයුත්ත පහසුවෙන් කල හැක .එසේ Next කිරීමෙන් පසුව පහත අයුරින් දිස් වෙයි 

Connect to a printer


එම ලිස්ට් එකෙහි පරිගණක ජාලයේ ෂෙයාර් කර ඇති සියලුම ප්‍රින්ටර සම්භාන්දීත පරිගණක දක්නට ලැබෙයි .අදාළ පරිගණකය මත ක්ලික් කල විට එය දිග හැරී එයට සම්භාන්දිත ප්‍රින්ටරය පෙන්වයි .එවිට එම ප්‍රින්ටරය මත ක්ලික් කර Next  කරන්න .


ඉන්පසු අදාළ  මාදිලිය අනුව නිවැරදි ප්‍රින්ටර් ඩ්‍රයිවරය තෝරන්න .ඉන්පසු අදාල ඩ්‍රයිවරය ඔබ දැන් සම්භන්ද වී සිටින පරිගණකයේ ස්ථාපනය වෙයි .

ඉන්පසුව  ස්ක්රීනය පහත අයුරින් දිස් වෙයි.

ඔබ මෙම ප්‍රින්ටරය පමණක් භාවිතා කරන්නේ නම් මෙහිදී yes දමා Next කරන්න .


දැන් ඔබ සිටිනා පරිගණකයේ සිට ප්‍රින්ට් කිරීම සිදු කල හැකි දැයි පරීක්ෂා කිරීමට Do you want to print a test page ?  සඳහා Yes දමා Next  කරන්න .මීළඟ ස්ක්රීනයේ Finish බටනය ක්ලික් කර තත්පර ගණනකට පසුව හෝ මිනිත්තුවකට පමණ පසු ප්‍රින්ටරයෙන් Printer Test Page එක ප්‍රින්ට් විය යුතුය .එසේ නොමැති නම්  ජාල සම්භන්ද තාව හොඳින් තිබේ නම් ,ඔබ තෝරන ලද ඩ්‍රයිවරය ප්‍රින්ටරය හා හොඳින් ගැලපේ දැයි පරීක්ෂා කර බලන්න .

වින්ඩොව්ස් 7 හිදී ද සකසුම් මෙහි සඳහන් අයුරින් වෙනස් වන්නේ ඉතා සුළු වශයෙනි .

ඉහත රුපයෙන් ඔබට එක පෙනෙනවා ඇත .

වින්ඩොව්ස් 7 හිදී ප්‍රින්ටරයක් එකතු කිරීමට පහත සඳහන් පියවර අනුගමනය කරන්න .


1.පළමුව Control Panel\Hardware and Sound\Devices and Printers වෙතයන්න .එයින් Add a Printer ක්ලික් කරන්න 

2.එවිට පහත සඳහන් ස්ක්රීනය ලැබේ .

එයින් Add a Network , Wireless or Bluetooth Printer මත ක්ලික් කරන්න 

3.එවිට පහත අයුරින් දිස් වෙයි 
මෙහිදී ඔබට ප්‍රින්ටර නේම් එක සහ එය සම්බහ්දිත පරිගණකයේ ඇඩ්රස් එක පෙන්වුවහොත් එය සිලෙක්ට්
ප්‍රින්ටරය එකතු කරගැනීමට ඉඩ ලැබේ .නැතිනම් The Printer that i want isn't listed වෙත ගොස් අදාල ප්‍රින්ටරය එකතු කරගත හැක .

4.මීළඟ පියවර පහත පරිදි දිස් වෙයි .

මෙම ස්ක්රීනය අප කලින් සාකච්චා කල වින්ඩොව්ස් එක්ස්පී වලදීද තරමක් සමාන බැව් ඔබට පෙනෙනු ඇත .
එම නිසා මෙතනින් ඉදිරියට කලයුතු දේ ඔබට වැටහිය යුතුය .

එසේනම් අද පාඩම මෙතනින් නිමයි .වැරදි අඩුපාඩු ඇතොත් දන්වන්න .

ඔබට ජය වේවා !.




Blogger Widgets