Saturday, January 28, 2012

පරිගණක ජාල ආකාර -Types Of Networks....




පරිගණක ජාලයක් ,පරිගණක එකිනෙකට සම්බන්ධ කර ඇති ආකාර අනුව එනම් NETWORK TOPOLOGIES ,
පරිගණක ජාල ආකෘතිය අනුව එනම් Network Architechtures අනුව  වර්ග කළ හැකිබව හා එම වර්ගකිරීම පසුගිය පාඩම වලින් පෙන්වා දුන් අතර එය ඔබට වැටහෙන්නට ඇති බව විශ්වාස කරමි.

මීළඟට විස්තර කරන්නට යන්නේ පරිගණක ජාලයක් එහි පැතිරීම අනුව වර්ගකරන ආකාරයයි.

1.LAN- Local Area Network
2.WAN- Wide Area Network
3.MAN- Metropolitan Area Network

මෙයට අලුතින් එක් වූ තවත් වර්ග නම්,

4.WLAN - Wireless Local Area Network
5.SAN- Storage Area Network, System Area Network, Server Area Network, or sometimes Small Area Network
6.CAN - Campus Area Network, Controller Area Network, or sometimes Cluster Area Network
7.PAN - Personal Area Network
8.DAN - Desk Area Network


ඔබ බොහෝ දෙනෙකු LAN ,WAN & MAN ගැන අසා ඇති බව විශ්වාස කරමි .එහෙත් ඒවා නොදන්නා අයගේ ප්‍රයෝජනය සඳහා ඒකෙන එක වඩා සවිස්තරව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර පසුගිය පාඩම වල මුලික  දැනුම ඔබට ඉදිරියේදී ප්‍රයෝජනවත් වනු ඇත .

මේ ආකාරයට මෙතක් සාකච්චා කරන ලද පරිගණක ජාල වර්ගී කරණයන් පහත ආකාරයට සාරාංශ කර දැක්විය හැකිය .



පරිගණක ජාල ආකෘති -Network Architechtures Part 2..

Hub ,Switch හා Routers අතර වෙනස්කම් හා පියර් ටු පියර් පරිගණක ජාල ආකෘති ගැන මූලික දැනුමක් 
ඔබට දැන් ඇත .මීට ලිපි දෙකකට කලින් ඒ සම්බන්දයෙන් සාකච්චා කරන ලද ලිපිය මේ හා සබැඳේ.

2.Client/Server පරිගණක ජාල ආකෘතිය


ඉහත රුපයෙන් පෙන්වා ඇත්තේ client/server ආකෘතියේ ආදර්ශ සටහනකි .එහෙත් ප්‍රයෝගිකව මේ අයුරින් ජාලය සම්බන්ද කර නැති බව මතක තබා ගන්න.මෙහිදී සිදුවන්නේ සර්වරයේ ඇති වැඩසටහන් හා ක්ලයන්ට් සම්බන්ද කිරීමයි.ප්‍රයෝගිකව මෙසේ ක්ලයන්ට් පරිගණක සර්වරය හා කෙලින්ම සම්බන්ද කල නොහැකි බව ඔබට තේරෙන්නට ඇත .මෙය සිදුකිරීමට නම් මධ්‍ය ගත ඒකකයක් ,එනම් HUB ,SWITCH හෝ ROUTER යන එකක් අවශ්‍ය වේ.
එහෙත් මතක තබා ගතයුතු කරුණක් නම් සර්වරයේ හෝ යම්කිසි පරිගණකයකට NETWORK INTERFACE CARD- NIC ,හෙවත් නෙට්වරක් කාර්ඩ් කිහිපයක් සවිකර ,ඒසඳහා සහය දක්වන මෙහෙයුම් පද්දතියක් ස්ථාපනය කර HUB ,SWITCH හෝ ROUTER නොමැතිව සරල ජාලයක් තනිය හැකි බව යි.එහෙත් මෙම ක්‍රමය ක්ලයන්ට්/ සර්වර් ආකෘතිය සඳහා යොදාගන්නේ නැත .අනෙක් කරුණනම් වර්තමානයේ HUB භාවිතයට නොගැනේ.යොදාගනු ලබන්නේ SWITCH හෝ ROUTER වේ .බොහෝ පරිගණක ජාල සඳහා වර්තමානයේ SWITCH, ROUTER දෙකම අවශ්‍යවේ .

මෙම ක්‍රමයෙන් පරිගණක ජාලය පාලනය කිරීමේ පහසුව සලසා දෙයි.යම් යම් අවස්ථාවලදී පරිගණක ජාලයේ ඇති පොදුවේ භාවිතාකරන පරිගණක වැඩසටහන් වල වෙනස් කම් ඇති කරීමේදී සර්වරයේ ඇති වැඩසටහනේ වෙනස් කිරීම ප්‍රමානවත් වෙයි.

මෙමෙ ක්‍රමය වියදම් අධික උවත් පරිගණක ජාලයේ පරිගණකවල  දත්ත සම්බන්දයෙන් සැලකීමේදී ඒවාට ආරක්ෂා සහිතව පිටපත් තබාගැනීම (Data Backup),මධ්‍යගත පරිපාලනය (centralized Administration),යන කරුණු කරනා සලකා බැලීමේදී ,පරිගණක ජාලයක සඳහ ඉතාම සුදුසු ක්‍රමය වෙයි.

මෙහි ඇති ප්‍රධානම අවාසියනම් සර්වරයේ දෝෂ ඇති උවහොත් පරිගණක ජාලයේ වැඩසටහන් අක්‍රීය වීමයි.

HUB, Switch හා Routers අතර ඇති වෙනස්කම්.... Part 2

පසුගිය ලිපියෙන් හබ්(HUB) ගැන හඳුනා ගත්තා දැන් අපි ඉතිරි ඒවාගැන සලකා බලමු


2.SWITCH


Switch යනු HUB එකකට වඩා බුද්ධිමත් උපාංගයකි.ක්‍රියාත්මක වීම සඳහා පිටතින් බලය ලබාදිය යුතු වේ.ස්විචයකට බලය ලබා දුන් පසු එයට සම්බන්ධව ඇති පරිගණක වල MAC Address - Media Access Protocol Address, ලබාගනී .මැක් ඇඩ්රස් එකක් යනු පරිගණක උපාංගයක් තුලට නිෂ්පාදනය කිරීමේදී, නිෂ්පාදකයා විසින් ඇතුලත් කරනු ලබන සංඛේත අංකයකි.මෙසේ ස්විචය එම අදාළ සංඛේත අංකය මතකයේ තබාගන්නේ එක පරිගනයකකින් නිකුත් කරනලද තොරතුරු යැවීමට අදාළ වන අනෙක් පරිගණකයට පමණක් ආරක්ෂාකාරීව තොරතුරු යැවීමටයි.හබ් එකක මෙන් මෙහිදී අදාල තොරතුරු මුළු පරිගණක ජාලය පුරා මුදාහරිනු නොලබයි.

 
වර්තමානයේ සියලුම පරිගණක ජාල සැකසීමේදී  බහුලව යොදාගනු ලබන්නේ ස්විචයි.

3.ROUTER

එකිනෙකට වෙනස් වූ දත්ත සම්ප්‍රේෂණ ජාලයන් හරහා පරිගණක ජාල අතර දත්ත හුවමාරුව සඳහා රවුටර් යොදාගනී .උදාහරණයක් ලෙස ගතහොත් දුරකථන රැහන ඔස්සේ දුරස්ථ ස්ථාන දෙකක පිහිටුවා  ඇති ජාල දෙකක් එකිනෙක සම්බන්ද කිරීම දැක්විය හැකිය .එකිනෙක කාර්යයන් සඳහා යොදාගන්නා රවුටර් වර්ග ,මාදිලි විශාල ගණනක් වෙළඳ පලේ දක්නට ඇත .


  සිස්කෝ වර්ගයේ රවුටරයක් .


රවුටරයක ක්‍රියාකාරීත්වය සහ පරිගණක ජාල අතර හා පරිගණක පරිගණක අතර සන්නිවේදන ක්‍රියාවලිය තරමක් සංකීරණ එකකි.
එමනිසා මෙහිදී උපකරණවල මුලික ක්‍රියාකාරීත්වය පමණක් හඳුන්වාදී ඇත .ඉදිරියේ දී එම ක්‍රියාවලිය ,සරල පරිගණක ජාලයක් ගොඩනගන ආකාරය සමගින් ඔබට පැහැදිලිකරන්නම්.

ඔබට ඇති ජාලකරණය ආශ්‍රිත  ගැටළු යොමුකරන්න .එය ඔබට මෙන්ම මට ද  ප්‍රයෝජනවත් වනු ඇත.

Wednesday, January 25, 2012

HUB, Switch හා Routers අතර ඇති වෙනස්කම්..


1.HUB

HUB එකක් යනු පරිගණක ජාලයක පරිගණක එකිනෙක සම්බන්ධකිරීම සඳහා යොදාගන්නා උපකරණයකි .HUB එකක් වැනි මද්‍යස්ථ උපකරණයක් යොදා තනන ලද ජාලයක් ස්ටාර් ක්‍රමයට තනන ලද පරිගණක ජාලයක් බව ඔබට වැටහෙන්නට ඇති බව විශ්වාස කරමි.

 Picture 1.1

 Piicture  1.2

මූලික වශයෙන් HUB වර්ග 2 ක් ඇත ,ඒවා නම්
  • PASSIVE HUB
  • ACTIVE HUB

Passive Hub වලදී සිදු කරනු ලබන්නේ ඒ ඒ පරිගණක වලට කේබල් සම්බන්දතා ලබා දීම පමණකි .මෙයට අතිරේකව බලය( POWER) ලබා දීමට අවශ්‍ය නැත .දත්ත ගලායාම පාලනයකින් තොරය .එක පරිගණකයකින් නිකුත් කරන ලද දත්ත අනෙක් සෑම පරිගනයකටම යොමු කරනු ලබයි.

Active Hub වල දීද ඉහත කරුණු කරනා එසේම පැවතියද ,අතිරේකව බලය සැපයිය යුතු වීම හා එම Active Hub පරිගණක ජාලය තුල දත්ත සංඥා (SIGNALS) වර්ධනය කරන නිසා  Active Hub එකකින් තවත්  එකකින් තවත්  Active Hub කට සම්බන් ද කල හැකිවීම මගින් ජාලය පුළුල් කිරීමට හැකිවීම මෙහි ඇති ප්‍රධානතම වෙනස් කම වේ.Passive Hub වලදී ජාලය පුළුල් කිරීමට නොහැකිවන අතර ,එයට සම්බන්ද කල හැක්කේ අඩු පරිගණක සංඛ්‍යාවකි.එයට හේතුව නම් පරිගණක සංඛ්‍යාව වැඩිවත්ම දත්ත සංඥා (SIGNALS) වල ප්‍රභල තාව (STRENGTH) අඩු වීමයි.


Switch සහ Routers ගැන මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න...

ඔබට ඇති ජාලකරණය ආශ්‍රිත  ගැටළු යොමුකරන්න .එය ඔබට මෙන්ම මට ද  ප්‍රයෝජනවත් වනු ඇත

පරිගණක ජාල ආකෘති -Network Architechtures



දැන් ඔබට පරිගණක ජාල කරණය හෙවත් නෙට්වර්කින් ගැන මූලික අදහසක් ඔබට ඇති බව විශ්වාස කරමි .
මීළඟට සලකා බැලීමට අදහස් කරන්නේ පරිගණක ජාල ආකෘති පිලිබදවයි.

  •    Network Architectures 

                          1.PEER TO PEER Architecture 

                          2.Client -Server Architectture 


1.පියර් ටු පියර් -Peer to Peer (P2P) ක්‍රමය.



Peer to Peer ආකෘතියක ඇති පරිගණකයක් හඳුන්වනු ලබන්නේ පියර් එකක් වශයෙනි .මේ ආකාරයට එනම් ඉහත රූපයෙන් පෙන්වන පරිදි සකස්කරන ලද පරිගණක ජාලයක් පියර් ටු පියර් ආකෘති ගණයට වැටේ.
මේ ආකාරයට පරිගණක ජාලය නිර්මාණය කර අදාළ පරිගණක වල සැකසුම් (SETTINGS) සදා ගත විට පරිගණක අතර සන්නිවේදනය කලහැක .එමෙන්ම සම්පත්(RESOURCES) හුවමාරු කොට එනම් SHARE කරගනිමින් භාවිතා කල හැක .

මෙම පාඩමින් ඉදිරියට යාමට ප්‍රථම  HUB/SWITCH හා ROUTER යන පරිගණක ජාල කරන උපාංග පිළිබඳව විස්තර කි‍රීම ප්‍රයෝජනවත් බව මා සිතමි.
  
 එම නිසා ඒවා විස්තර කිරීමෙන් අනතුරුව PEER to PEER හා Client -Server පරිගණක ජාල ආකෘති පිළිබඳව හා ඒවායේ වාසි අවාසි පිළිබඳව තව දුරටත් සාකච්චා කරනු ලැබේ.

Monday, January 23, 2012

පරිගණක ජාලයක , පරිගණක එකිනෙකට සම්භන්ද කල හැකි ක්‍රම (NETWORK TOPOLOGIES)


පරිගණක ජාලයකදී පරිගණක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා යොදාගන්නා ප්‍රධාන  ක්‍රම  5 ක් ඇත.

NETWORK TOPOLOGIES (නෙට්වර්ක් ටොපොලොජීස්)

1.BUS TOPOLOGY

2.RING TOPOLOGY

3.STAR TOPOLOGY

4.TREE TOPOLOGY

5.MESH TOPOLOGY

දැන් අපි එකින එක සරලව මේවා හඳුනා ගමු .

1.BUS TOPOLOGY(බස් ටොපොලොජි )

  picture 1

ඉහත ආකාරයට ප්‍රධාන තනි  දත්ත සැපයුම් මාර්ගයකට වෙනවෙනම එකතු කර තනන ලද පරිගණක ජාලයකට බස් (BUS) ආකාරයට තානන ලද පරිගණක ජාලයක් වේ.මෙහෙදී ප්‍රධාන දත්ත සැපයුම් මාර්ගය ට හානි සිදු උවහොත් පරිගණක කිහිපයකට දත්ත හුවමාරුව සඳහා බාධා ඇතිවේ.මෙය මෙහි ඇති අවාසියකි.

2.RING TOPOLOGY (රින්ග් ටොපොලොජි)

 picture 2

 මෙමෙ ක්‍රමයේදී  පරිගණක එකිනෙක මුදුවක ආකාරයට සම්බන්ද කර තනා ඇත.මෙහි ඇති වාසියනම් එක පරිගනකයකට දත්ත ලබාගැනීම සහ යැවීම සඳහා මාර්ග දෙකක් තිබීමයි.එනිසා සන්නිවේදනයට ඇති භාධා මෙමෙ ක්‍රමයේදී අඩු වී ඇති .අවාසියනම් රැහන් වියදම වැඩි වීමයි .


3.STAR TOPOLOGY (ස්ටාර් ටොපොලොජි)
picture 3

තරුවක ආකාරයට සකස් කරනලද පරිගණක ජාලයකට ස්ටාර් ආකාරයේ පරිගණක ජාලයක් යැයි කියනු ලැබේ.මෙහි පරිගණක සම්බන්ධකර ඇති මධ්‍ය  ඒකකය MAU-Media Access Unit  නමින් හඳුන්වනු ලැබේ.
bus හා ring ආකාරවල අති දුර්වලතා මගහැර මම ක්‍රමය නිර්මාණය කොට ඇති අතර , යම්කිසි රැහනක්‌ බිඳ වැටුනහොත් අනෙක් ඒවාට බලපෑමක් වන්නේ නැත.  නමුත් MAU දෝෂ ඇති උවහොත් සියලුම පරිගණක වල සම්බන්ධතා ඇනහිටී.


4.TREE TOPOLOGY- ට්‍රී ටොපොලොජි
  
 මෙහි අදහස ගසක අතු විහිදෙන ආකාරය යන්නයි.පහත රූපයෙන් පෙන්වා ඇත්තේ එම ක්‍රමයේ ආදර්ශ සටහනකි.





       Picture 4

මෙය ස්ටාර් ක්‍රමයේම වැඩි දියුණු කරන ලද ක්‍රමයක් බව ඉහත රුපයෙන් ඔබට පැහැදිලිවනු ඇත.


5.MESH TOPOLOGY- මෙෂ් ටොපොලොජි 

ඉහත දක්වන ලද ක්‍රම සියල්ලම යොදාගෙන තනන ලද ජාලයක් මෙෂ් ආකාරයේ ජාලයක් ලෙස හැඳින්වේ.
වියදම් අධික ක්‍රමයක් උවද පරිගණක ජාලයේ බිඳවැටීම් අඩු තත්වයක පවතී.

          Picture 5

ප්‍රයෝගිකව මෙමෙ ක්‍රම සියල්ලම භාවිතා කල හැකිනමුත් ,මෙම ක්‍රම එසේම භාවිතා කරනු නොලැබේ.පිටතින් බැලූ කල භාවිතා කරන ලද ක්‍රමය එක එල්ලේ හඳුනා ගත නොහැක.පරිගණක ජාලයක් තැනීමේදී ඒ ඒ පරිසරයේ පවතින හා අවශ්‍ය පරිදි මෙමෙ ක්‍රම යොදාගනු ලැබේ.පරිගණක ජාලය සැලසුම් කිරීමේදී කිනම් ක්‍රමය කෙසේ යොදාගතයුතුද යන්න ,භාවිතා කරන ජාලකරන උපාංග ,රැහන් අදිනු ලබන ක්‍රමය මත රඳා පවතී.


පරිගණක ජාලයක් නිර්මාණය කිරීමට යොදාගන්න උපාංග, සරල පරිගණක ජාලයක තනන අන්දම  සහ ඒවා යොදා ගැනීමට හේතු ඊළඟ ලිපිවලින් බලාපොරොත්තු වන්න.

Sunday, January 22, 2012

පරිගණක ජාලයක මුලික අංග(Basics of Computer Network )-දෙවන කොටස


පරිගණක ජාලයක මුලික අංග(Basics of Computer Network )-දෙවන කොටස


පසුගිය ලිපියෙන් අපි PC/SERVER/WORKSTATION කියන්නේ මොනවාද කියල සරලව හඳුනා ගත්තා.
දැන් NIC-Network Interface Controller  යනු කුමක් දැයි විමසබලමු.


2.2 NIC- Network Interface Controller 

    picture 1


 picture 2


ඉහත picture 1 වලින් පරිගණකයකට වෙනම සම්බන්ද කල හැකි නෙට්වර්ක් කාර්ඩ් එකක් එහෙම නැතිනම් NIC එකක් දක්වා ඇති අතර පහත Picture 2 වලින් දැක්වෙන්නේ මදර්බෝර්ඩ්  එකෙහි ඔන්බෝර්ඩ් ආකාරයට සිටින සේ නිෂ්පාදනය කරන ලද නෙට්වර්ක් ඉන්ටර් ෆේස් එකකි .

නෙට්වර්ක් කිරීම එනම් පරිගණක ජාලකරණය සඳහා විවිධ වර්ගයේ මාධ්‍යයන් Meadia යොදාගැනේ.මෙහිදී දක්වා ඇත්තේ ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබන CAT5e/CAT6 වර්ගයේ රැහැන්(Cables/Wires) යොදාගෙන ගොඩනගන්නාවූ පරිගණක ජාල සඳහා භාවිතා කරනු ලබන NIC එකකි. ඉදිරියේ දී ,ප්‍රකාශ තන්තු (Fibre Optic cables) හා රැහැන්(Cables/Wires) රහිත එනම් Wireless Network  s පිළිබඳව සවිස්තරව සාකච්චා කරනු ලැබේ.

2.3 HUB/Switch/Routers 

 picture 3

පරිගණක ජාලයක එනම් කොම්පියුටර් නෙට්වර්ක් එකක සියලු සම්බන්දතා ඇති කරනු ලබන ප්‍රධාන ඒකකය හබ් එකක් හෝ ස්විචයක් හෝ රවුටරයක් වේ.මේ එක එකක් ක්‍රියාකාරීත්වයෙන් එකිනෙකට වෙනස්වන අතර ඉදිරි පාඩම්වලදී ඒවා එකිනෙක හොඳින් පැහැදිලි කරදෙනු ලැබේ .මෙම අවස්ථාවේදී ඔබට මුලික අදහස  ලබාදීම පමණක් සිදු කෙරේ.

පරිගනක ජාලයක පරිගණක සම්බන්ද කළහැකි ආකාර හෙවත් TOPOLOGY ඉදිරි පාඩමෙන් බලාපොරොත්තු වන්න ..

.ඔබගේ අදහස් යෝජනා චෝදනා අගයකොට සලකමි. 

Saturday, January 21, 2012

පරිගණක ජාලයක මුලික අංග..


පරිගණක ජාලයක මුලික අංග (Basics of Computer Network )


ඕනෑම දෙයක පටන්ගැන්ම සරලය .එය සංකීර්ණ වන්නේ එයට අමතර දෑ එකතුවීමෙන් වැඩි දියුණු වීමෙනි.
අනෙක් අතට ගත විට මූලික සංකල්ප දැන සිටීම යම දෙයක් හොඳින් වැටහීමට මෙන්ම එය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

පරිගණක තාක්ෂණයට මෙන්ම අනෙකුත් දේවල් සඳහාද එය පොදු දෙයකි .එම නිසා පරිගණක ජාලකරණය ගැන උවද මුලික දැනුම ලබා තිබීම ඉදිරියේදී ප්‍රයෝජනවත් විය හැකිය.

නමුත් පරිගණක ජාලකරණය පිළිබඳව ඉතිහාසය පිළිබඳව මෙහිදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ නැත.ඉතිහාසය පිළිබඳව ඔබ කව්රුත් හොඳින් දන්නා Wiki peadia හි අවශ්‍ය තොරතුරු උවමනවටත් වැඩා ඇත.

පරිගනක ජාලයක් යනු කුමක්ද ?.යන තැනින් පළමුවන ලිපිය ආරම්භ කිරීම ඉතා සුදුසු බව මගේ මතයයි.
එසේනම් අපි මෙතනින් ආරම්භ කරමු.

1.පරිගණක ජාලයක් යනු කුමක්ද ?.

Definition : A computer network  is a collection of hardware components and computers interconnected by communications channels that allow sharing of resources and information.

ඉහත අර්ථ දැක්වීමට අනුව පරිගණක ජාලයක් යනු තොරතුරු(information) හා සම්පත්(Resources)
හුවුලේ භාවිතා කිරීම සඳහා එකිනෙකට සම්බන්ද කරන ලද දෘඩාංග කොටස්වල (Hardware Components)
වල එකතුවක් ලෙස හැඳින්විය හැක.

2.පරිගනක ජාලයක මුලික කොටස් (Basic components computer Network)
  • PC/SERVER/WORKSTATION           
  • NIC(NETWORK INTERFACE CARD )
  • HUB (Old Technology)
  • SWITCH
  • ROUTER

මෙම් කොටස් ගැන සවිස්තරව ගෙන බලමු .

2.1 PC/SERVER/WORKSTATON 

               මෙමගින් අදහස් වන්නේ මුලික වශයෙන්ම අප  භාවිතා කරන පරිගනකයි.එහෙත් මේවායේ වෙනස්කම වන්නේ ඒවායේ  දත්ත සැකසුම් වේගය (DATA PROCESSING  SPEED) හා භාවිතා කරන හා යොදා ගන්නා තාක්ෂණයයි.
§  
       PC-Personal Computer
             
         පුද්ගල පරිගණක එනම් අප සාමාන්‍යයෙන් පාවිච්චි කරන පරිගණක මෙයට අදාළ වේ.

§        SERVER
                    
පරිගණක ජාලයකට සම්බන්ද කොට ඇති පුද්ගල පරිගණකයකට වඩා බොහෝ  බලසම්පන්න පරිගණක මේ නමින් හැඳින්වේ.බොහෝදෙනෙක් අතර එකම පරිගණක වැඩසටහන් ,හා අදාල තොරතුරු ,සේවා පරිගණක  ජලය ඔස්සේ අනෙක් පරිගණක වලට  ලබා දීමට  හෙවත් ප්‍රදානය (SERVE ) කිරීමට SERVER COMPUTERS යොදා ගනී.පුද්ගල පරිගණක වලට වඩා මිලෙන් අධිකය .


§      WORKSTATION

පරිගණක ජාලයකට සම්බන්ද කොට හෝ නොකොට  ඇති  එහෙත්  පුද්ගල පරිගණකයකට වඩා ඉතා බලසම්පන්න පරිගණක මේ නමින් හැඳින්වේ.මේවා භාවිතා කරනු ලබන්නේ  තාක්ෂණික ,පර්යේෂණ 
විද්‍යාත්මක කටයුතු සඳහාය .මිල  ඉතා අධිකය 

ඉදිරි ලිපියෙන් නික් NIC -NETWORK INTERFACE CARD  පිළිබඳව කතා කරමු ...ඔබගේ අදහස් යෝජනා චෝදනා අගයකොට සලකමු. 

Friday, January 20, 2012

හැඳින්වීම හා මුලාරම්භය ....

කොහොමද යහලුවනේ ?..ඉතින් හා හා පුරා කියල ලියන පලවෙනි පොස්ට් එක , මම හැමදාම කියනවා වගේ මේවගේ අඩුපාඩු පෙන්වල දෙනවනම් මම එකට ගොඩක් කැමැතියි.මොකද අඩුපාඩු පෙන්වල දුන්නම එක හදාගන්නත් මේකේ තියෙන දේවල් වල ගුණාත්මක බව රැකගන්නත් එක ලොකු උදව්වක් වේවි.
                                 
                                   පරිගණක ජාල කරණය එහෙමත් නැතිනම් නෙට්වර්කින් ගැන මම ලියන්න හේතු උනේ ගොඩක්ම ෆේස්බුක් වල තියන මගේ   Computer Networking    කියන ගෘප් එක .    එකේ පොස්ට් මම මුලින්ම දැම්මේ සිංහලෙන් එත් ගොඩක් අයගේ ප්‍රයෝජනය සඳහා , එක මම ඉංග්‍රීසියෙන් ලියන්න ගත්ත.එත් මට එකේ අඩුපාඩුවක් තියෙනවා කියල හිතුන , ඒ අතරේදී  ගෘප් එකේ ඉන්න සාමාජිකයන් කිහිප දෙනෙක් ගෙන් උපදෙස් ලැබුන ,බ්ලොග් එකක් පටන් ගන්න කියල .එක තමා මම මේ  බ්ලොග් එක පටන් ගන්න හේතුව.මෙතැන පටන් මම ඒ ගෘප් එකේ පොස්ට් කරපු හැම ඩොකියුමෙන්ට් එකකම සිංහල පරිවර්තනය දන්න තමා බලාපොරොත්තු වෙන්නේ.   මුල් පොස්ට් වල ඉඳන්ම  .  මම විශ්වාස කරන දෙයක් තමයි හැම දෙකම  තියෙන  මූලික  සංකල්ප දන්නවනම් ඕන කෙනෙකුට එදේය වටහාගන්න හරිම ලෙසියි .මුලික දේවල් අත්හැරලා ඉගෙන ගන්න දේවල් ප්‍රයෝගිකව යොදවන්න ගියහම ගොඩක් ගැටළු මතුවෙනවා.

                                  අනික නව සොයාගැනීම් හරි තාක්ෂනය කියන දේවල් හරිම වේගයෙන් වෙනස් වෙනවා එත් ඒවාට      යොදාගත්තු  මූලික සංකල්ප දන්නවනම් ඒ දෙවල් ගැන අයෙ අයෙ දන ගන්න උවමනා වෙන්නේ නැහැ ,කරන්න තියන්නේ අලුතින් එකතු උනදේ ගැන දැනගන්න එක විතරයි.උදාහරණයක් විදිහට ගත්තොත් කේක් එකක් ගනිමු , කේක් දැන් තියෙනවනේ එක එක ජාති ,ඒ හැම එකක්ම හදන්න ගන්න මූලික  පියවරයන් එකයි     (වෙඩින් කේක්  ,ක්‍රිස්මස් කේක්  ඇරෙන්න )    මම දන්නා හැටියට ,බටර් කේක් එකක් හදන්න දන්නා කෙනාට අනික් ලස්සන  ලස්සන   කේක්  හදන්න ලේසියෙන් ඉගෙනගන්න පුළුවන්.එත් බටර් කේක් එකක්වත් හදන්න දන්නේ කෙනෙක්ට එක කරන්න අමාරුයි.අන්න ඒවගේ තමා ඉගෙන ගන්න දේවලුත් .මමත් ඒ ක්‍රමයට හිතන්න ගත්තේ ඇත්තටම මගේ ගුරුවරයෙක් නිසා.ඒ ක්‍රමය නිසා  මට ගොඩක් දේවල් තනියම ඉගෙනගන්න හැකියාව ලැබුන ,අලුතින් හිතන්න පුළුවන් උනා .එකම හේතුව මූලික දේවල් වලින් පටන් ගැනීම .ඉතින් ඔයාලත් ට්‍රයි කරලා බලන්න එහෙම හිතන්න.මමත් මේකේ පොස්ට් පටන් ගන්නේ මූලික කරුණු වලින්.

ඔයාලට computer networking group එකට එකතු වෙන්න පුළුවන් මෙන්න මේ ලින්ක් ඒකෙන්
https://www.facebook.com/groups/CNAdmin/

එන්න ඔයාලගේ දැනුමත් බෙදාගන්න .තමන් ඉගෙනේගත්තු දේ බෙදාගන්න අයට තව තවත් දේවල් ඉගෙන ගන්න ශක්තිය සොබදහමෙන්ම ලැබෙනවා .එක මම අත්දුටු සත්‍යයක් .
 එහෙනම් ඔයාල සැමට ජය වේවා !!!!

Blogger Widgets