Saturday, February 25, 2012

පරිගණක 2 ක් CAT කේබල් වලින් සම්භන්ද කර දත්ත හුවමාරු කරගන්නා අන්දම ...පළමු කොටස

පසුගිය සතියේ අප ඊතනෙට් යනු කුමක්ද  සහ නෙට්වර්ක් කේබල් ගැන සාකච්චා කලා ඔබට මතක ඇති .පරිගණක එකිනෙකට සම්භන්ද කිරීමේදී මෙම කේබල යොදාගන්නා ආකාරය ප්‍රයෝගික නිදසුනක් සමග ඔබට අද විස්තර කරන්නම් .

කිසිදු අමතර උපාංගයකින් තොරව පරිගණක 2 ක් අතර දත්ත හුවමාරුව සඳහා යොදාගතහැකි ක්‍රමයක් ඔබට මම මෙහිදී විස්තර කරන්නම් .

පරිගණක ජාල කරණයේදී යොදාගන්නා කේබලයක කේබලයට අමතරව සම්භන්දක එනම් RJ45 Connectors සහ රබර් කවර Rubber Boots අඩංගුව ඇත .පහත රූපවලින් ඒ එකින එක දක්වා ඇත .

1.RJ45 සම්භන්දක  RJ45 Connectors
side elevation 
bottom 
different views






















2.රබර් කවර Rubber Boots
White Color Boot Front & Rear View

many colors 



Finished Cable 



            බොහෝ ස්ථානවලදී මෙම රබර් කවරය එහෙමත් නැත්තම් රබර් බූට් නොසලකා හැර තිබෙනු මා දැක ඇත්තෙමි .මාගේ මතය නම් මෙම කොටස ඉතාවැදගත් කොටසක් බවයි .ඔබට ඉහත රුපයේ එයින් ආවරණය වූ .RJ45 සම්භන්දක  RJ45 Connectors යේ ලීවරය(locking Lever) පෙනෙනු ඇත .මෙම කේබලය යම්කිසි උපකරනයකට සම්භන්ද කිරීමේදී මෙම ලීවරය එම උපකරණයෙන් නොගැලවෙන පරිදි තබාගැනීමට උපකාරීවේ .ඇත්තෙන්ම එය අගුලක් එනම් ලොක් එකක් ලෙස  ක්‍රියා කාරී වේ.යම්ලෙසකින් එම ලිවරයට හානි උවහොත් සම්බන්ධතා බුරුල් වීමට බොහෝ ඉඩකඩ ඇත .එම නිසා කේබලයක කල්පැවැත්ම තබාගැනීමට මෙමෙ රබර් බූටය  ඉතා වැදගත් වෙයි .

පරිගණක ජාල රැහැන් ආකාර Types of Network Cables .

                                  CAT 5, CAT 5e ,CAT 6 වර්ගයේ කේබල්ස් වර්තමාන පරිගණක ජාලවලදී භාවිත කරනබව මම කලින් ලිපියේදී සඳහන් කල ඔබට මතක ඇති .මෙම 3 අතරිනුත් වර්තමානයේ CAT 5e ,CAT 6 බහුලව භාවිතා කෙරේ .පරිගණක ජාලයකදී තෝරාගන්නා කේබලයේ ගුණාත්මක භාවය එම ජාලයේ කාර්යක්ෂමතාව කෙරෙහි සෘජු බලපෑම් ඇති කරයි .කේබලයේ ඇතුලත ඇති කම්බි වල ගනකම , එහි ඇති තඹ ප්‍රතිශතය , හා පිටත කවරය  ,යන සාධක කෙරෙහි මෙමෙ කේබල තෝරාගැනීමේදී අවධානය යොමු කල යුතුය .

මෙම ට්විස්ටඩ් පෙයාර් කේබල .RJ45 සම්භන්දක  RJ45 Connectors සමග සම්භන්ද කිරීමේ ක්‍රමය අනුව ප්‍රධාන කේබල ආකාර දෙකකි .

එනම් 

1.Cross Over Cable

2.Patch Cable/Straight Through Cable

දැන් අප මෙම එක් එක්\ කේබල සාදාගන්නා ආකාරය විමසා බලමු 

1,ක්‍රොස් ඕවර කේබලය (Cross Over Cable)


                       ඉහත රුපයෙන් ක්‍රොස් ඕවර කේබලය (Cross Over Cable) තැනීමේදී ඇතුලත ඇති වයර තිබියයුතු ආකාරය දක්වා ඇත .කේබලයක් තැනීමේදී ඉහත උපාංග වලට අමතරව ඔබසතුව කුඩා පිහියක් , කටර් අඬුවක්  සහ RJ45 Crimping (or Clipping) ක්‍රිම්පින්ග් ටූල් එකක්  තිබිය යුතුය .

කේබලය සාදාගන්නා ආකාරය (උපුටා ගැනීම http://www.cctvcamerapros.com/CAT-5-Wiring-Diagram-s/293.htm වෙතින් )
  1. Using an cat5 cutter and crimping tool, strip about 1/3"of the out jacket of the cat-5 cable.  Be sure not to strip or damage any of the pairs of inner cables.

    Cut Cat-5 Cable
  2. Assemble the pairs of wires in the following order for network cables (EAI standard / TIA-568B).

    CAT-5 Wiring Diagram
  3. Insert the wires into the RJ45 jack as seen below.  Be sure to keep the wires in the correct order.

    CAT-5 to RJ45
  4. Insert the RJ45 connector into the crimping tool (again carefully make sure the wires stay inserted in the correct order).  Crimp down firmly on the crimping tool to permanently attach the RJ45 to the CAT5 cable.

    Crimp RJ45

මා ඉහතදී සඳහන් කල පරිදි මෙහිදීද රබර් බුට්‌ යොදාගෙන නැතිබවක් පෙනී යයි .එහෙත් මා ඔබට දෙන උපදේශය නම් හැකි සම විටක දීම එය පාවිච්චි කරන ලෙසයි .

2.Patch Cable/Straight Through Cable (පැච් කේබලය )

මෙය සැදීමට ඉතා පහසුය ඉහත කේබලය සකස් කිරීමේදී  ඇතුලත ඇති වයර යුගල දෙකක් එකිනෙක මාරු කර ඇති බව ඔබ දකින්නට ඇතිබව විශ්වාස කරමි .මෙහිදී එවැන්නක් නොකර කෙලින්ම අදාල වයර සම්භන්ද කිරීම සිදු කරනු ලබයි .පහත එම කේබල දෙක අතර ඇති වෙනස්කම් පැහැදිලිව දක්වා ඇත .


 
මීළඟ ට බොහෝදෙනෙකුට පැනනැගෙන ගැටලුවනම් මෙම ක්‍රිම්පින්ග් ටූලය කුමක්ද යන්නයි , ආර්.ජේ 45 කනේක්ටරයට වයර ඇතුල් කලපසු එම කනේක්ටරයේ ඇති පින් වලට වයර සම්භන්ද කිරීමේ කර්ර්යය කරවාගනු ලබන්නේ මෙම උපකරණය මගිනුයි .මෙය ආසන්න වශයෙන් රුපියල් දහසකට වැඩි නොවේ .නමුත් එයට වඩා මිල අධික ඒවාද වෙළඳපොලේ දක්නට ලැබේ .

දැන් අප සරලව  කේබලයක් සාදාගන්නා ආකාරය ඉගෙනගත්තා .මෙසම්භාන්දයෙන් ගැටළු අත්තම් ඉදිරිපත් කරන්න ඊළඟ ලිපියෙන් Windows XP , Windows 7 මෙහෙයුම් පද්දති වලදී පරිගණක දෙකක් එකිනෙක සම්භන්ද කර දත්ත හුවමාරු කරන අන්දම පෙන්වා දෙන්නම් .

Tuesday, February 21, 2012

පරිගණක ජාලයකදී පරිගණක අතර සන්නිවේදනය යොදාගන්නා මාධ්‍යයන් .....(The Communication Media ,which use in Computer Networks) 2 වන කොටස /ETHERNET (ඊ තනෙට් ) යනු කුමක්ද ?

පසු ගිය පාඩමෙන් පරිගණක ජාලයක් සඳහා යොදාගනු ලබන ට්විස්ටඩ් පෙයාර් කේබල් ගැන විස්තරකලා ඔබට මතක ඇති .අද පාඩමෙන් ඒ පිළිබඳව තව දුරටත් පැහැදිලි කරගනිමු.එයට මුල පිරීමක්‌ වශයෙන් ,එයට අදාළ අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් ඔබට පැහැදිලිකර දෙන්නම් .

ETHERNET (ඊ තනෙට් ) යනු කුමක්ද ?...
ETHERNET (ඊ තනෙට් ) යන වදන පරිගණක ජාලකරණය ආශ්‍රිත බොහෝ තැන්වලදී කතා බහට ලක්වෙන්නකි .ඇත්තටම ETHERNET (ඊ තනෙට් ) යනු LAN- Local Area Network වලදී යොදාගනු ලබන සන්නිවේදන තාක්ෂණ ක්‍රමයකි .මෙය ලෝක ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් ඉංජිනේරුවරුන් ගේ ආයතනය (Institute of electrical & Electronics Engineers -IEEE) මගින් ඉදිරිපත් කර ඇති IEEE 802.3 සම්මතය අනුගමනය කරයි .මෙම ක්‍රමයෙහි මුල් නිර්මාතෘ ප්‍රසිද්ධ Xerox සමාගමයි .ඉන්පසුව DEC(Digital Equipment Corporation ), INTEL, ආදී සමාගම්ද මෙය දියුණු කිරීමට අත හිත ලබා දී ඇත .

Ethernet LAN හිදී පරිගණක අතර සන්නිවේදන මාධ්‍ය සඳහා Coaxial Cable කෝඇක්සියල් (ඇන්ටෙනා කේබල්)  ,Twisted Pair  ට්විස්ටඩ් පෙයාර් ,Wireless වයර්ලස් යොදා ගැනේ .Coaxial Cable කෝඇක්සියල් (ඇන්ටෙනා කේබල්) වර්තමානයේ යොදාගනු නොලැබේ.එය පැරණි තාක්ෂණයකි .
වර්තමානයේ යොදාගනු ලබන්නේ )Twisted Pair  ට්විස්ටඩ් පෙයාර්( STP /UTP) කේබල හෝ Wireless වයර්ලස්  වේ.

මුල් කාලයේ Ethernet LAN හිදී පරිගණක අතර සන්නිවේදයෙදී ජාලයක උපරිම දත්ත වේගය 10Mbps පමණ විය .එම නිසා මෙම Ethernet LAN ක්‍රමයට 10 BASE T යයි නම් කර ඇත .මීට පසුව ආ ක්‍රමය 100BASE T හි දත්ත වේගය 100 Mbps විය එය FAST ETHERNET යයි නම් කරන ලදී .නමුත් දැන් එයද තරමක් පැරණි තාක්ෂණයකි , වරතමනයේ යොදාගනු ලබන්නේ 1000 Mbps දත්ත වේගයක් සහිත ගිගාබිට් ඊතනෙට් (Gigabit Ethernet (GbE or 1 GigE) 1000 BASE Tතාක්ෂණයයි .මෙම එක එක දත්ත වේග  හැසිරවීම සඳහා අදාළ පරිගණක ජාලයක ඇති උපාංග ඒ සඳහා සහය දක්වන උපකරණයන්ගෙන් සමන්විත විය යුතු වේ .

 Ethernet LAN හිදී පරිගණක අතර සන්නිවේදයෙදී  යොදාගන්නා සන්නිවේදන ක්‍රමය CSMA/CD -Carrier Sensitive Multiple Access with Collision Detection ලෙස හඳුන්වනු ලැබේ .මෙහිදී එක්පරිගනකයක සිට අනෙක් පරිගණයක ට යවනුලබන දත්ත පෙළ (Data Stream) කුඩා කොටස්වලට (data packet) වලට බෙදනු ලබයි .මෙම එක දත්ත කොටසකට ෆ්රේම්(FRAME) එකක් යයි කියමු .මෙම ෆ්‍රේම් එකක දත්ත යවනු ලබන පරිගණකයේත් දත්ත ලබන පරිගණකයේත් ලිපින (address) අඩංගු වේ .එම ලිපින IP Address හෝ MAC Addressහෝ විය හැක .මෙම ක්‍රමයේ දී හානිවන හෝ විකෘතිවන දත්ත පැකට් හඳුනාගැනීමට හා පරීක්ෂාකිරීමට ක්‍රමයක්ද , එසේ උවහොත් නැවත එම දත්ත පැකටය සම්ප්‍රේෂණය කිරීමටද පහසුකම් සලසා තිබේ .

එසේම මෙම ETHERNET යන වදන වර්තමානයේ එහා සබැඳුනු පරිගණක ජාල කරන උපාංග වල නම් හා එක්ව පවතී .උදාහරණයක්‌ ලෙස Network Interface Controller = Ethernet Controller ,Network Port= Ethernet Port ,Network Switch = Ethernet Switch  දැක්විය හැකිය .

ඉහත දක්වන ලද පරිගණක ජාල සම්මතයන්හි දත්ත වේග එකිනෙකට අසමාන බව ඔබට පෙනෙන්නට ඇත .මෙම විවිධ වූ දත්ත වේග සහිත පරිගණක ජාල තැනීමේදී යොදාගත යුතු කේබල වල වෙනස්කම් දා ඇතිකළ යුතු බව ඔබට වැටහිය යුතුය .වර්තමානයේ පරිගණක ජාල තැනීමේදී යොදාගන්නා STP/ UTP කේබල වල විස්තර පහතින් දක්වා ඇත .
  
මෙම කේබල සාමාන්‍යයෙන් කැට් (CAT) කේබල ලෙසද ව්‍යවහාර කෙරේ මේ අනුව CAT5, CAT5e , CAT 6 නමින් හඳුන්වන කේබල වර්ග කිහිපයකි , මේවා අතර ඇති ප්‍රධාන වෙනස්කම් නම් ඇතුලත ඇති කම්බිවල ගනකම සහ ඒවා සඳහා යොදා ඇති සන්නායක වල ඇති තඹ ප්‍රතිශතයයි .කම්බියක යැවිය හැකි උපරිම දත්ත වේගය මෙම ගුණ දෙක මත රඳා පවතී .
අනෙක් වැදගත් ජරුන නම් මෙහි CAT යන වචනය Category යන්න කෙටිකර සදගනුලැබූ කොටසකි . පොදුවේ CAT5, CAT5e , CAT 6 නමින් හඳුන්වන කේබල ප්‍රයෝගිකව බොහෝ පරිගණක ජාල සඳහා යොදාගනු ලැබේ .


Wednesday, February 15, 2012

පරිගණක ජාලයකදී පරිගණක අතර සන්නිවේදනය යොදාගන්නා මාධ්‍යයන් .....(The Communication Media ,which use in Computer Networks)..


පරිගණක ජාලයක සර්වර පරිගණක භාවිතාවන ආකාරය පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක්  ඇතැයි සිතමි .
පරිගණක ජාලයක කුමන උපකරණ තිබුනත් ඒවා එකිනෙක සම්භන්ද කිරීමට මාධ්‍යයක් නොමැති නම් කිසිම පල ප්‍රයෝජනයක් නොමැත .
පරිගණක ජාලයක පරිගණක හා අනෙකුත් අවශ්‍ය උපකරණ සම්භන්ද කිරීම සඳහා පහත සඳහන් මාධ්‍යයන් එකක් හෝ සියල්ලම හෝ යොදාගැනේ .

1.Copperwire
2.Optical Fibre
3.Electromagnetic Waves

1.Copper Wire (For Wired Networks) තඹ කම්බි මාධ්‍ය
පරිගණක ජාල තැනීමේදී ප්‍රකටව භාවිතාකරනු ලබන්නේ මෙම මාධ්‍යයයි . මෙහෙදී භාවිතා කරනු ලබන්නේ  තඹ කම්බි සහිත සිහින් වයර 8 යුගල් (Pairs) 4  ක්  ලෙස ඇතුලත් කර තනන ලද රැහැනකි නැතහොත් වයරයකි  .එනිසා මෙම වයර වලට ට්විස්ටඩ් පෙයාර් කේබල්ස් (Twisted Pair Cables) ලෙස ව්‍යාවහාර කෙරේ. .මෙම රැහැන් වල ඇති විශේෂතා අනුව කොටස් කිහිපයකට බෙදේ.

මෙම වර්ගීකරණයේ ප්‍රථම වර්ගීකරණය එහි දක්නට ලැබෙන  වෙනස්කම් හා යොදාගනුලබන පරිසරය අනුවයි .

1.Shielded Twisted Pair (STP)
2.Unshielded Twisted Pair (UTP)


1.Shielded Twisted Pair (STP)
                   මෙම වර්ගයේ කේබල් යොදාගනු ලබන්නේ යම්කිසි ගොඩනැගිල්ලකට එළියෙන් සවිකරනු ලබන්නේනම් හෝ ,විද්‍යුත් තරංග නිසා ඇතිවන අවහිරතා එනම් EMI-Electro magnetic Inteference සහිත පරිසර වලදී එම භාදවන් මගහැර නිවැරදි ක්‍රියාකාරීත්වයක් ලබාගැනීමට වේ.


Shielded Twisted Pair 

මෙවැනි කේබලයක ඇතුලතින් ඇති අනුකේබල් යුගලයන් (cable Pairs) සිහින් ඇලුමිනියම් ස්තර( polyester aluminum foil) වලින් ආවරණය කර ඇත.මෙම ස්තර එක් පසේකදී හෝ කුමන ආකාරයකින් හෝ භුගත (earth) කලයුතු වේ .මෙමගින් දත්ත සන්නිවේදනයේදී අනෙක් විද්‍යුත් තරංග නිසා ඇතිවෙන භාදවන් අවම අගයකට පත්වේ.


   2. Unshielded  Twisted Pair 

Unshielded Twisted Pair
මෙහි ඇති කේබලයේ හා ඉහතින් සඳහන් කේබලයේ ඇති එකම වෙනස නම් මෙහි ඇලුමිනියම් ආවරණ නොමැති වීමයි .මේවා යොදාගන්නේ යම්කිසි ගොඩනැගිල්ලක ඇතුලතින් සවිකිරීමට පමණි .shielded  Twisted Pair  වලට වඩා මිලෙන් අඩුය .EMI-Electromagnetic Interference සඳහා ප්‍රතිරෝදීතාවක් නොදක්වයි.බොහොමයක් LAN සඳහා යොදාගනුලබන්නේ මෙම කේබල් වර්ග දෙකයි.
මෙම කේබල් පරිගණකයකට හෝ ස්විචයකට සම්බන්ධකිරීමේදී  දෙකෙලවරට සම්බන්ද කිරීමට RJ45 සම්බන්ධක ( connectors) මෙම කේබල දෙකෙලවරට හෝ අවශ්‍ය පරිදි සවිකරනු ලැබේ .


RJ 45 Connector 








මෙම කේබල සම්භන්ද කිරීමේ ආකාර අනුව ප්‍රධාන කේබල් වර්ග දෙකකි .


1.Patch Cable
2.Cross Over Cable


එම කේබල තනා ගැනීමේදී ඇතුලත ඇති වයර යුගලයන් RJ45 සම්බන්ධක ( connectors)  හා  සවිවිය යුතු ආකාරය පහත දක්වා ඇත.



    
මෙම කේබල පරිගණක ජාලයකදී භාවිතා කරන අන්දම හා කේබල වර්ග ,ඒවගේ දත්ත වේගය (Category & Data Speeds ) අනෙක් ලිපියෙන් පැහැදිලි කර දෙන්නම් . 












Monday, February 6, 2012

සර්වර් පරිගණක ,ඒවායේ කාර්යයන් ,සර්වර් සඳහා භාවිතා කරනු ලබන මෙහෙයුම් පද්ධති ..(Servers ,Server Roles & Server Operating System)

ඊළඟ ලිපියට යාමට ප්‍රථමයෙන් ,වැදගත් දේවල් කිහිපයක් ඔබට ගෙන එම වඩාත් සුදුසු යයි සිතමි .
පරිගණක ජාලයක ඇති ඉතාවැදගත් කොටසක් වන සර්වර් පරිගණක (Server Computers) හා ඒවායේ සතු කාර්යයන් (Server Roles) ,පරිගණක ජාලයක හදවත බඳු ,ව්‍යාපාරයක හෝ සංවිධානයක ඉතාමත් වැදගත් කොටස ගැන මෙහෙදී අප අවබෝධයක් ලබාගනිමු.
 පරිගණක ජාලකරනයේ ප්‍රධාන අරමුණ ඒ ආශ්‍රිත සම්පත් හවුලේ භාවිතාකිරීම බව පරිගණක ජාලකරණය පිලිබඳ වූ මුල් ලිපියේම සඳහන් කල බව ඔබට මතක ඇතිබව විශ්වාසකරමි .පරිගණක ජාලයකට සම්භන්ද උපකරණ අවශ්‍ය ඕනෑම වෙලාවක ප්‍රයෝජනයට ගත හැකිලෙස එනම් Availability ,තිබීම ඉතාවැදගත් වෙයි .
                                                                    වර්තමානයේ බොහෝ ව්‍යාපාරික කටයුතු කරනු ලබන්නේ ඉන්ටෙර්නෙට් හෙවත් අන්තර්ජාලය හරහා වීමත් ,ව්‍යාපාරයක ඇතුලත එදිනෙදා කරනු ලබන ගනුදෙනු ,අනෙකුත් වාර්තා සියල්ලක්ම පාහේ සකස්කරනු ලබන්නේ පරිගණක වැඩසටහන් හරහා වීමත් නිසා ,පරිගණක හා එහා බැඳුනු පරිගණක ජාලකරණය ඉතාමත් වැදගත් මෙහෙයක් සිදුකරන පද්ධතියක් බව නැවත නැවත ඔබහට පැහැදිලි කරදීමට අවශ්‍ය නොවන බව මාගේ අදහසයි .
                                                                                                       වර්තමානයේ කුඩා ව්‍යාපාරයක උවද අඩුම වශයෙන් සර්වර පරිගණක එකක් හෝ භාවිතයට ගැනේ .සර්වර් පරිගණක  කාර්යක්ෂමතාව , නිෂ්පාදකයා යොදාගන්නා කාර්යය අනුව වෙළඳ පොලෙන් මිලදී ගත හැකිය . සර්වර පරිගණකයක් පුද්ගල පරිගණකයකට වඩා බොහෝසෙයින් බලවත් බව කලින් ලිපියකදී සඳහන් කල ඔබට මතක ඇති .
                                                                    ඉතා ප්‍රකට සර්වර් පරිගණක නිෂ්පාදන නාම ලෙසSUN, FUJITSU, IBM, DELL හා HP දැක්විය හැකිය .ලංකාවේ බොහෝවිට භාවිතකරන්නු ලබන්නේ  IBM, DELL හා HP සර්වර් පරිගණක වේ .

සර්වර පරිගණක ප්‍රදාන ක්‍රම 3 ක ඔස්සේ නිෂ්පාදනය කරනු ලබයි .

1.Tower Servers
2,Rack Servers
3.Blade Servers



ඉහත රුපයේ වම්පසින් Tower Server  යක්ද,දකුණුපසින් Rack Server ද දක්වා ඇත .මම වර්ග දෙකෙහි එතරම් සැලකිය යුතු තාක්ෂණික වෙනස්කම් නැත ,එහෙත් භාවිතා කරනු ලබන පරිසරයට අනුව මේවා මෙලෙසින් නිෂ්පාදනය කර ඇත .Rack Server භාවිතාකරන්නේ රාක්ක වල සවිකර භාවිත කිරීමටයි ,ඉඩකඩ අඩු තැන්වලදී මෙම ක්‍රමය ඉතා යෝග්‍ය වෙයි .තවද විශාලවශයෙන් සර්වර් පරිගණක භාවිතාකරන කාර්යයන් හිදී Tower Server  භාවිතා කිරීම යෝග්‍ය නොවන්නේ ,ඒවා එකක්මත එකක් අඩු ඉඩ ඇති ස්ථානයක තැබීමට ඇති අපහසුතාව නිසාවෙනි .


     Blade Servers සාමාන්‍ය සර්වර පරිගණක වලට වඩා වෙනස්ම තාක්ෂණයක් උපයෝගී කරගෙන නිර්මාණය කරන ලද්දකි .එය සර්වර කිහිපයක් එකම ඇසුරුමක බහා සාදන ලද්දකි .එම එකම ඇසුරුමේ ඇති එක සර්වරයකට    Blade එකක් යනුවෙන් ව්‍යවහාර කෙරේ .පහත රුපයෙන් පෙන්වා ඇත්තේ එවැනි වර්ගයක සර්වරයකි .

මෙහි එලියට ගෙන පෙන්වා ඇත්තේ එක සර්වර් බ්ලේඩ් එකකි එනම් එක සර්වරයකි  එවැනි සර්වර 10 කින් මෙම blade server  ය සමන් විත වේ .

 Server Roles -සර්වරයක් ප්‍රයෝජනයට ගන්නා ප්‍රධාන ආකාර හෙවත් ඒවාට අදාල කාර්යයන්

1.File Server - පරිගණක ජාලයේ තිබෙන අනෙකුත් පරිගණකවල files ෆයිල්ස් වල පිටපත් තබාගැනීමට

2.Mail Server- ආයතනයේ විද්‍යුත් තැපෑල පණිවිඩ එහෙමත් නැතිනම් Emails ඊමේල් පණිවිඩ ගබඩා කර තබාගැනීම      සහ අදාල පුද්ගලගේ ගිණුමට යැවීම හා එයින් පිටතට යැවීම .

3.Web Server- වෙබ් අඩවි සහ අදාළ විස්තර ගබඩා කිරීම හා පිටස්තර අයට එයට ප්‍රවේශ වීමට හැකිවෙන පරිදි සකස් කර ඇති ක්‍රමයකි.

ඉහත සඳහන් ආකාරයට එකිනෙක කාර්යයන් සර්වරයෙහි අප ස්ථාපනය කරනු ලබන්නේ ,එයට ඇතුලත් කර ඇති මෙහෙයුම් පද්ධතිය(Operating System) හා අදාළ මෘදුකාංග (Software) ආධාරයෙනි .

මෙම ඉහත සඳහන් සියලුම කාර්යයන් එකම සර්වරයක වුවද වින්‍යාසගත (Configure)කිරීම කල හැකිය . නැතහොත් ඒ ඒ ක්‍රියාව සඳහා වෙන වෙන වශයෙන් වූ සර්වර කිහිපයක් භාවිතා කල හැකි මුත් එය වියදම් අධික ක්‍රමයකි .

සර්වර මෙහෙයුම් පද්ධති සඳහා යොදාගන්න ප්‍රධානතම මෙහෙයුම් පද්දති වන්නේ ලිනක්ස් ,හා වින්ඩොව්ස් පාදක කරගත් මෙහෙයුම් පද්ධති වේ .

 ප්‍රසිද්ධ ලිනක්ස්  සර්වර මෙහෙයුම් පද්දති
1.Ubuntu Server
2.Fedora
3.SUSE Enterprise
4.Redhat

ප්‍රසිද්ධ වින්ඩොව්ස් සර්වර මෙහෙයුම් පද්දති

1.Windows Server 2008
2.Windows Server 2003
3.Windows Server 2000

අනෙකුත් සර්වර මෙහෙයුම් පද්ධති
1.Apple Mac os X Server
2.Sun Solaris

මෙම බොහොමයක් සර්වර මෙහෙයුම් පද්ධති 64bit saha 32bit වශයෙන් සංස්කරණ 2 ක් ඉදිරිපත් කොට තිබේ .එය ස්ථාපනය කරනු ලබන සර්වර පරිගණකයේ ආකෘතිය Architecture අනුව තෝරා ගත යුතුය .සාමාන්‍යයෙන් ගත් කල 64bit සර්වර පරිගනකයක් එහා සමාන 32bit සර්වරයකට වැඩ බෙහෙවින් කාර්යක්ෂම වේ .වර්තමානයේ මෙම 64bit සර්වර බහුලව භාවිතාකරනු ලැබේ .ඇති එකම අවාසියනම් ,ඒ සමග භාවිතා කලයුතු මෙහෙයුම් පද්ධති හා අනෙකුත් මෘදුකාංග ද ඒවාට අනුකූලතාව දක්වන ඒවාම විය යුතු වීමයි .









                                                             
                                                                     

Sunday, February 5, 2012

පරිගණක ජාල ආකාර -Types Of Networks.... අවසාන කොටස.....

ගියවර ලිපියෙන් ඔබට ඉදිරිපත් කරනුලැබූ WLAN පිලිබඳව ඔබට මූලික අවබෝධයක් ලබාගන්නට ඇති බව විශ්වසකරමි.මීළඟට SAN-Storage Area Network පිළිබඳව සලකාබලමු.

5.SAN-Storage Area Network


    SAN- Storage Area Network  එකක් යනු ඉතා ඉහල කාර්යක්ෂමතාවක් සහිත අධික වේගයකින් ජාලයේ පිහිටි සර්වර් සමග දත්ත ගබඩා කරන උපකරණ (Data Storage Devices)සමග  දත්ත හුවමාරුකරන ජාලයකි .
මෙම ජාලයක් මගින් දත්ත ගබඩාකරණ උපකරණ හා සර්වර පරිගණක අතර පමණක් සන්නිවේදනය කරනුලබයි.
අනෙකුත් පරිගණක වල ඇති වටිනා තොරතුරු දත්ත වලට ආරක්ෂාව සැපයීම , තොරතුරු අවශ්‍ය වේලාවකදී පහසුවෙන් ලබාගැනීමට හා දත්තවල පිටපත් /උපස්ථBackups තබා ගැනීමට මෙම ක්‍රමය යොදාගනී .මේ සඳහා විවිධ ආකාරයේ දත්ත ආචයන උපක්‍රම හා උපකරණ යොදාගනී .Optical Storage , TAPE , හා RAID යනු එම උපක්‍රම වලින් කිහිපයකි.එම උපක්‍රම ඊළඟ ලිපියකදී විස්තර කරන්නම්.

6.CAN- Control Area Network /Campus Area Network/Corporate Area Network

Control Area Network යන යෙදුම අප මේ සාකච්චා කරගෙන යනු ලබන විෂය පථයට අදාළ නොවන එකකි.මෙය සම්බන්ධවන්නේ ඉලෙක්ට්‍රොනික උපාංග එනම් මයික්රෝප්‍රොසෙසර් පාදක පරිපත වලදී Signals මගින් අනෙක් උපකරණ පාලනය කිරීමේදී මෙම උපක්‍රමය යොදාගනී .

හරි දැන් අප අපගේ විෂය පථයට අදාළ යෙදුම ගැන සලකා බලමු .
Campus Area Network/Corporate Area Network,

ඉතා විශාල නොවූ එහෙත් එකම ප්‍රදේශයක ලං ලංව පිහිටි ගොඩනැගිලිවල ඇති LAN විවිධ මාධ්‍යන් ඔස්සේ
සම්භන්ද කර තනන ලද ජාල මේ නමින් හඳුන්වයි.පාසල් ගොඩනැගිලි , විශ්ව විද්‍යාලයීය ගොඩනැගිලි ,හා සමීපව පිහිටි  ව්‍යාපාරික ගොඩනැගිලි අතර  LAN  එකිනෙක සම්බන්ධකොට තනා ඇති ජාල මේවාට උදාහරණ ලෙස ගෙන දැක්විය හැක.මෙයද WAN වල එක ආකාරයකි .

7.PAN- Personal Area Network

ඉතා කුඩා ප්‍රදේශයක් තුල එනම් නිවසක කාමරයක් තුල ,තමන්ගේ පෞද්ගලික උපකරණ එනම් පරිගණක ,ජංගම දුරකථන , වයර්ලස් ප්‍රින්ටර හා කැමරා වැනි උපකරණ එකිනෙක සම්බන්ධකල විට PAN-Personal Area Network එකක් නිර්මාණය වේ.
 මෙම වර්ගයේ ජාල නිර්මාණයේදී යොදාගන්නා ප්‍රචලිතම මාධ්‍ය වන්නේ බ්ලූටූත් Bluetooth තාක්ෂයනයයි .
Bluetooth Adapter & Bluetooth PAN
මෙය ඇත්තටම කිවහොත් WPAN -Wireless Personal Area Network ලෙස හැඳින්විය හැක .බ්ලූටූත් වලට අමතරව යොදාගන්නා ,එයට සමානකම් තියෙන තවත් තාක්ෂණයක් නම් Zigbee තාක්ෂණයයි .

Wi-Fi , Bluetooth  හා Zigbee යන වයර්ලස් නෙට්වර්ක් වලදී උපකරණ සන්නිවේදනය කරන අන්දම පහත දල සටහනෙන් ඔබට අදහසක් ලබගත හැකිවනු ඇත.


8.DAN- Desk Area Network
     ඩෙස්ක් ඒරියා නෙට්වර්ක් එකක් යනු එක ම ස්ථානයක පිහිටුවා ඇති ,පරිගණකයක් හා එහා සම්බන්ධකරණ ලද උපකරණ ,වීඩියෝ රෙකෝඩර් VCR-Video Cassette Recorders , DVR -Digital Video Recorders , Camera වැනි උපකරණ සම්බන්ද කල විට ලැබෙන ජාලයක් මේ නමින් හඳුන්වයි.රුපවාහිනී විකශනාගාරයක ,වීඩියෝ සංස්කරණය කරනු ලබන ස්ථාන මෙවැනි ජාල ඇති තැන්වලට උදාහරණ වේ.
මෙම ඉහත රුපය පැහැදිලිකිරීම සඳහා යොදාගත් එකක් පමණි එයට යොදා ඇති උපකරන ගැන එතරම් විස්තර හා අනෙකුත් පැහැදිලි කිරීම් අවශ්‍ය නොවන බව මගේ අදහසයි .

මෙතැනින් පරිගණක ආකාර පිළිබඳව ලිපි මාලාව අවසාන වේ .මීළඟ පාඩමෙන් OSI model හා IP Address ගැන සාකච්චා කරනු ලැබේ . 











Friday, February 3, 2012

පරිගණක ජාල ආකාර -Types Of Networks.... තුන්වන කොටස.....

පසුගිය ලිපියෙන් අප LAN WAN හා MAN අතර වෙනස්කම් හඳුනා ගත්තා දැන් එතැන් පටන් අනෙක් ඒවා ගැන විමසා බලමු .

4. WLAN - Wireless Local Area Network
              රැහැන් රහිතව එනම් වයර් වලින් සම්බන්ද නොකර ,ගුවන් විදුලි තරංග මාධ්‍යයෙන් එකිනෙක සම්බන්ධකර තනන ලද පරිගණක ජාල මේ නමින් හඳුන් වනු ලැබේ .වර්තමානයේ මෙම ක්‍රමය බහුල වශයෙන් යොදාගනු ලැබේ .
Wi-Fi   -  wireless fidelity යනු මෙම රැහැන් රහිත ජාල තැනීමේදී උපයෝගී කරගන්න්නා තාක්ෂණයයි.
මෙම ක්‍රමයේදී  ඒසඳහා සහාය දක්වන Wireless  NIC -Network Interface Controller ,එහෙමත් නැතිනම් සාමාන්‍යයෙන්  පවසන පරිදි      Wireless Network Card සහ      Wireless Switch , Wireless Router ,Wireless Access Point යන උපකරණ වලින් එකක් හෝ ඒ සියල්ලම හෝ අවශ්‍ය විය හැක .එය අවශ්‍යතාව මත රඳාපවතී .


 Wireless Network Card /වයර්ලස් නෙට්වර්ක් කාර්ඩ් එකක් 



LINKSYS & Other  registered Trademarks are belongs to their respective owners .gathered for education purpose only.
මෙහිදී මා ඉතත සඳහන් කරනලද උපකරණ සියල්ලම පාහේ යොදාගෙන ඇතිබව ඔබට පෙනෙනු ඇත .අමතරව මෙහි ඇති උපකරන නම්,Wireless USB  Network  Adapter ,Wireless Print Server, යන උපකරණයි . Wireless USB   Network   Adapter  භාවිතා කරනු ලබන්නේ  Wireless සම්බන්දතාව ,එම පහසුකම නැති පරිගණකයකට යූ එස් බී  පොර්ට් හරහා ලබාදීමටයි .   යූ එස් බී  පොර්ට්  බාහිරව පිහිටා ඇති  බැවින් පරිගණකයේ මවුපුවරුව ,එහෙමත් නැත්තම් මදර්බෝර්ඩ් එකට ඇතුලතින් සවිකරන නෙට්වර්ක් කාර්ඩ් එකකට වඩා මෙය සවිකිරීමට පහසුය .අනෙක නම් අවශ්‍යනම් එය එක පරිගණකයකින් ගලවා ගෙන ගොස්  එය තවත් පරිගනකයකදී උවද භාවිතාකළ හැකිය .


Wireless Print Server යනු  Wireless Network  එකකදී ප්‍රින්ටරය හවුලේ භාවිතාකිරීම සඳහා ,ප්‍රින්ටරය සම්භන්ද කර ඇති උපකරණයකි.EtherFast Cable DSL Firewall Router යන උපකරණය ගැන ඊළඟ ලිපියකදී මම විස්තරකරන්නම් .
වර්තමානයේ ඩෙස්ක්ටොප් පරිගණක මෙන් නොව ලැප්ටොප් පරිගණක සියල්ලකම පාහේ Wireless Network Adaptor අන්තර්ගත කර නිමවා ඇත .එනිසා එවා සඳහා නැවත  Wireless USB  Network  Adapter ,වැනි උපකරණ භාවිතා කිරීම අවශ්‍ය නොවේ.

Wireless උපකරණ නිෂ්පාදනයේදී උපයෝගී කරගන්නා  ජාත්‍යන්තර සම්මතයන් කිහිපයක් ඇත .ලොව කොහේ එම උපකරණ නිපඳවුවත් එම සම්මත යටතේ නිෂ්පාදනය කලයුතුවේ .මෙම සම්මුතීන් ලොවට ඉදිරිපත් කරනු ලබන්නේ IEEE- Institute of Electrical & Electronics Engineers (ජාත්‍යන්තර ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවරුන්ගේ ආයතනය ) මගිනි .මෙම සම්මුතීන් පහත ආකරයෙන් දැක්වේ


1. IEEE 802.11b -මෙම සම්මුතිය භාවිතාකරන උපකරණ වල දත්ත වේගය 11Mbit/s වේ.
2. IEEE 802.11g-මෙම සම්මුතිය භාවිතාකරන උපකරණ වල දත්ත වේගය  22Mbit/s වේ.

3. IEEE 802.11n- මෙම සම්මුතිය භාවිතාකරන උපකරණ වල දත්ත වේගය 54Mbit/s වේ.



ඉහත පෙන්වා ඇති Wireless USB Adapter ය මෙම සම්මුති තුනම යටතේ නිෂ්පාදනය කරන ලද උපකරණයකි .එම නිසා මෙම සම්මුති තුනම හෝ එවෛන් එකක් හෝ යටතේ නිෂ්පාදනය කරන ලද අනෙක් උපකරණයක් හා සම්බන්ධ වීමට මෙම උපකරණයට හැකියාව ඇත .මෙම සම්මුති හඳුන්වාදීමේ එක පරමාර්ථයක් වන්නේද මෙම උපකරණවල ගැලපුම ,නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට වෙනස් නොවී තබාගනීමටයි.එසේ නොඋනහොත් පරිගණක අතර සන්නිවේදනයේදී නොයෙකුත් අවහිරතා පැන නැගෙන්නට  හැකියාව ඇත .

අනෙකුත් වැදගත් කරුණ නම් මෙම සම්මුති අනුව මෙම එක එක උපකරණය ක්‍රියාත්මක වන දුර පරාසයයි .එය එක එක නිෂ්පාදකයා යොදාගන්නා තාක්ෂනය අනුව වෙනස්වන නමුත් දලවශයෙන් මා අසා ඇති පරිදි IEEE 802.11b හිදී යම්කිසි ගොඩනැගිල්ලක් ඇතුලත (indorr) මීටර් 50 ක් ,IEEE 802.11g හිදී යම්කිසි ගොඩනැගිල්ලක් ඇතුලත (indorr) මීටර් 150 ක් IEEE 802.11n හිදී යම්කිසි ගොඩනැගිල්ලක් ඇතුලත (indorr) මීටර් 300 ක් පමන වේ ..




Wireless Network වලදී පරිගණක හා ඒ අතර සිදුවන සන්නිවේදන ක්‍රියාදාමය තරමක් සංකීරණ එකකි .එහෙත් ඔබ වෙනුවෙන්  ඊළඟ ලිපියකදී එය විස්තර කිරීමට මා බලාපොරොත්තුවෙමි ..







Thursday, February 2, 2012

පරිගණක ජාල ආකාර -Types Of Networks.... දෙවන කොටස.....

ගියවර ලිපියෙන් අප ජාල ආකාර පිළිබඳව කෙටියෙන් සාකච්චා කරනු ලැබුවා .මෙතැන පටන් ඒවා එකිනෙක වෙන වෙන වශයෙන් හඳුනා ගනිමු.

1.LAN - Local Area Network
කුඩා ප්‍රදේශයක එනම් කාර්යාල ගොඩනැගිල්ලක ක ,නිවසක වැනි එකම ස්ථානයක පිහිටුවා ඇති පරිගණක ජාලයක් ලෝකල් ඒරියා නෙට්වවර්ක් Local Area Network ලෙස හඳුන්වනු ලබයි.මෙහි සිංහල තේරුම නම් ප්‍රාදේශීය කලාපීය ජාලයක් යන්නයි.

2.WAN- Wide Area Network




විවිධ ස්ථාන කිහිපයක LAN කිහිපයක එකතු කලවිට සෑදෙන ජාලයක් වයිඩ් ඒරියා නෙට්වර්ක් Wide Area Network(පුළුල් ප්‍රදේශ ජාලයක්) එකක් ලෙස හඳුන්වනු ලැබේ .උදාහරණයක්‌ ලෙස යම්කිසි ආයතනයක ශාඛා (Branch Office ) විවිධ භුගෝලීය ප්‍රදේශ( Geographical Area),එනම් විවිධ රටවල් , නගර යාකරමින්     ඒවා එකිනෙක සම්භන්ද කිරීමෙන් පසුව මෙවැනි ආකාරයේ ජාලයක් නිර්මාණය වේ.මෙවැනි ජාල VPN- Virtual Private Network වර්චුවල් ප්‍රයිවර්ට් නෙට්වර්ක් (සිංහලෙන් නම් සත්‍යාසන්න පුද්ගලික ජාලයක්) ලෙසද හඳුන්වනු ලබයි. VPN- Virtual Private Network  ගැන ඉදිරියේදී සවිස්තරව සාකච්චා කරනු ලැබේ.

3.MAN - Metropolitan Area Network

මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකක් යනු එකම ප්‍රදේශයක පිහිටි LAN එකිනෙක සම්බන්ධ කර සාදාගන්නා ජාලයකි , උදාහරණයක්‌ ලෙස එකම බැංකුවක එකිනෙක නගරවල පිහිටි  ශාකා එකිනෙකට සම්බන්ධකල විට ලැබෙන ජාලය එවැනි එකක් ලෙස සැලකිය හැකිය .ඇත්ත වශයෙන්ම මෙය කුඩා WAN එකකට සමාන කොට දැක්විය හැකිය  .



LAN ,WAN හා MAN අතර වෙනස්කම් පහත රූපයෙන් තව දුරටත් පැහැදිලිවනු ඇත.


ඉතිරි ආකාර පිළිබඳව ඉදිරි ලිපියෙන් විස්තර කරන්නම් ..ඔබගේ අදහස් හා යෝජනා සඳහන් කරන්න .එය ඉතා අගය කොට සලකමි .

Blogger Widgets