Saturday, September 22, 2012

ජාලගත පරිගණක අතර ෆයිල් සහ අනෙකුත් දෑ හුවමාරු කිරීම ..File & Resource Sharing ...පළවෙනි කොටස...

පසුගිය සතියෙන් අප පරිගණක ජාල ගොඩනගන අයුරු සාකච්චා කරනු ලැබුවා ඔබට මතක ඇති.පියවරෙන් පියවර දෙයක් ඉගෙන ගැනීමේ වැදගත් කම වනුයේ එය කරුණු මතක තබා ගැනීමට විශාල උදව්වක් කරන නිසා බව මතක තියාගන්න.විෂයක තැනින් තැන ඉගෙන ගත්තාට ,එය භාවිතා කර අළුතීන් හිතා මතා දෙයක් කිරීමට එම දැනුම බොහෝවිට ප්‍රයෝජනවත් නිවන බව මාගේ විශ්වාසයයි .එය සෑම විෂයකටම පොදු කරුණකි .
                             දැන් අපි අපගේ මූලික අරමුණ වෙත යොමු වෙමු.පරිගණක ජාලකරණයේ මුලික අරමුණ වන්නේ දත්තත සහ සම්පත් හුවමාරු කර භාවිතයට ගැනීමයි .එම නිසා පහත පරිදි ඒවා එකින් ඒක විස්තර කිරීමට මා බලාපොරොත්තු වෙමි .

1.දත්ත හුවමාරු කිරීම නැතහොත් ෆයිල් ෂෙයාරින්- File Sharing
2.දත්ත ගබඩා උපකරණ නැතහොත් ස්ටෝරේජ් ,ඩ්‍රයිව් ෂෙයාරින්- Storage & Drive Sharing
3.මුද්‍රණ යන්ත්‍ර හවුලේ භාවිතය නැතහොත් ප්‍රින්ටර් ෂෙයාරින්-Printer Sharing

මීට අමතරව විශේෂ අමතර දෙයක් හැටියට ස්කෑනර්  Scanner Sharing එකක් හවුලේ භාවිතා කරන අයුරු  පෙන්වා දීමට බලාපොරොත්තු වෙමි .

අප පළමුව ෆයිල් ෂෙයාරින් ගැන විමසා බලමු .මේ සඳහා මම භාවිතා කරනු ලබන්නේ වින්ඩොව්ස් එක්ස්.පී ඔපරෙටින්ග් සිස්ටම් එකයි .මෙය තෝරාගැනීමට හේතුව තවමත් බොහොදෙනක් භාවිතා කරන නිසාවෙනි .අනෙක් කරණය නම් .මුලික කරනා ඉගෙන ගැනීමට එය ප්‍රමාණවත් වීමයි.කෙසේ නමුත් වින්ඩොව්ස් සෙවන හීදී ද මේ සැකසුම් කරන ආකාරය පෙන්වා දීමට බලාපොරොත්තු වෙමි.
Windows XP හිදී සිම්පල් ෆයිල් ෂෙයාරින් සහ ඇඩ්වාන්ස් ෆයිල් ෂෙයාරින් යනුවෙන් ක්‍රම දෙකක් ඇත .පළමුව මෙහිදී සිම්පල් ෆයිල් ෂෙයාරින් සලකා බලමු .

Windows XP හිදී  සිම්පල් ෆයිල් ෂෙයාර් සැකසුම් කිරීම .

1.අප මෙහිදී ෆයිල් ෂෙයාරින් ලෙස කතා කලද ඇත්තටම අප ෂෙයාර් කිරීමට කලයුතු වෙනස් කම සිදු කරන්නේ ෆෝල්ඩරයක් මතයි .ඔබට අවශ්‍ය ෆයිල් ෂෙයාර් කිරීමට පළමුව ඔබට අවශ්‍ය ස්ථානයක ෆෝල්ඩරයක් සාදා එයට අවශ්‍ය ෆයිල්ස් ටි‍ක කොපි කරන්න .නැතහොත් ඔබට අවශ්‍ය ෆෝල්ඩරය තෝරාගන්න .
2.එයමත රයිට් ක්ලික් කර ,ප්‍රොපටීස් වෙත යන්න .

                                           

3.පසුව ෂෙයාරින් ටැබ් ඒක මත ක්ලික් කරන්න .එවිට රුපය පහත පරිදි දිස්වෙයි.


4.ඉන්පසුව Share this folder on the network මත ක්ලික් කර එතනට ටික් ඒක දමන්න .එවිට පහත පරිදි දිස්වෙයි .

                        
5.මෙහිදී ඔබට අදාල ෆෝල්ඩරය වෙනත් නමකින් උවද ෂෙයාර් කල හැකිය.ඒ සඳහා කලයුත්තේ Share Name සඳහා වෙනත් නමක් යෙදීමයි.Allow network Users to change my file එසේම තියෙන්නට හරින්න .එය සක්‍රීය කළහොත් ජාලයේ අනෙකුත් පරිගණක වල සිට මෙම ෆයිල් එඩිට් කිරීමට හැකියාව ලැබේ .දත්තවල ආරක්ෂාව සඳහා මෙය ඩිසේබල් කර තබන්න .

6.ඉන්පසු Apply බටනය මත ක්ලික් කර OK කරන්න .




7.ෆෝල්ඩරය ෂෙයාර් වී ඇති බව ඔබට ඉහත ආකාරයෙන්  එහි අයිකනය වෙනස් වී ඇති ආකාරයෙන් දැක ගත හැකිවනු ඇත .

8.වෙනත් පරිගණකයක දී මෙම ෆයිල් ඕපන් කර ගැනීමට Start -> Run  හිදී \\IP Address ,උදාහරණයක ලෙස ගතහොත් ඔබ ෂෙයාර් කල ෆෝල්ඩරය අඩංගු පරිගණකයේ අයිපී ඒක 192.168.1.2 නම් \\192.168.1.2 
ලෙස ටයිප් කර එන්ටෙර් ප්‍රෙස් කරන්න .


9.එවිට ඔබට පහත පරිදි ඉහත දී ෂෙයාර් කරනලද ෆෝල්ඩරය දැක ගත හැකිවනු ඇත .



යම හෙයකින් ඔබට ෆෝල්ඩර ප්‍රොපටීස් වින්ඩෝව පහත පරිදි දිස් වේනම් .එහි තේරුම ෆයිල් ශේයරින්ග් එනේබල් කර නොමැති බවයි .

එය එනේබල් කිරීමට මා පසුගිය ලිපියකදී සඳහන් කල නෙට්වර්ක් සෙටප් විසාඩ් ඒක රන් කරන්න .
යම හෙයකින් ඔබගේ පරිගණකයේ සිම්පල් ෆයිල් ෂෙයරින් එනේබල් කර නොමැති නම් ඔබට දිස්වන්න්නේ පහත ආකාරයේ වින්ඩෝවකි .


එය ඇඩ්වාන්ස් ෆයිල් ෂෙයරින් ක්‍රමයට අදාල වින්ඩෝවයි .එය පිළිබඳව අප මීළඟ ලිපියෙන් සලකා බලමු .කෙසේ නමුත් මෙම අත්හදා බැලීම් සඳහා  සිම්පල් ෆයිල් ෂෙයරින් එනේබල් කර ගැනීමට ,ඔබ ෂෙයා කිරීමට යන ෆෝල්ඩරය ඕපන් කොට Tools -> Folder Options ->View වෙතට ගොස් Use Simple File Sharing (Recommended) එනේබල් කිරීමයි .



මීළඟ ලිපියේදී මෙම පියවරයන් වින්ඩෝස් සෙවන් හිදී සකසන අන්දමත් පෙන්වා දෙන්නම් .ඔබගේ යෝජනා චෝදනා අගය කොට සලකමි .

ජයවේවා!!!



                    

Friday, September 7, 2012

සරල පරිගණක ජාලයක් නිර්මාණය කිරීම (දෙවන කොටස) ...Build UP Simple Network ..Part 2

පසු ගිය සතියේ ක්‍රොස් ඕවර කේබලයක් මගින් පරිගණක 2 ක් සම්භන්ද කරගැනීමේ සරල ක්‍රමයක් ඉගෙන ගනු ලැබුවා මතක ඇති .මෙම ක්‍රමයෙන් අපට දත්ත හුවමාරු කිරීම උපකරණ හුවුලේ භාවිතය වැනි දේවල් කන්ෆිගර් කිරීමේදී යම අපහසුතා ඇතිවේ.එම නිසා වඩාත් සුදුසු වන්නේ පරිගණක දෙකට අයිපී ඇඩ්රස් යෙදීමයි .මෙහිදී ඔබට ඉහතදී සාකච්චා කරනලද අයිපී ඇඩ්රස් ක්ලාස් වලින් කැමති එක ක්ලාස් එකක් භාවිතා කල හැකිය .නමුත් පරිගණක දෙකට ක්ලාස් දෙකක අයිපී දුව හොත් ඒ අතර දත්ත හුවමාරු කිරීමට නොහැකිවේ .එම නිසා පරිගණක දෙකටම එකම ක්ලාස් එකේ අයිපී දෙකක් යොදන්න .

                        උදාහරණයක්‌ හැටියට එක පරිගණකයක් සඳහා 192.168.1.1 ද අනෙක සඳහා 192.168.1.2 ද යොදන්න සබ්නෙට් මාස්ක්  255.255.255.0 වන ඩිෆෝල්ට් මාස්ක් එක තිබෙන්නට හරින්න  . අයිපී ටයිප් කල පසු ඊළඟ තැනට පිවිසීමේදී සබ්නෙට් මාස්ක් ඇඩ්රස් ඉබේම පිරවෙනු ඇත .

අයිපී යෙදීමට Use the Following IP address යන්න තෝරන්න
එවිට  ඒ අදාල  තැන්වල ට අවශ්‍ය  අයිපී  ඇතුලත්  කලහැකිවනු ඇත. 
මෙහිදී අපට මුලින්ම අවශ්‍ය වන්නේ අයිපී ඇඩ්රස් සහ සබ්නෙට් මාස්ක් එක තිබීම පමණක් ප්‍රමාණවත් වෙයි .
Gateway ,DNS ගැන මීළඟ ලිපියෙන් කියා දෙන්නම් .
ක්‍රොස් ඕවර කේබලය දෙකෙලවරට සම්හන්ද කර ඇති පරිගණක දෙකටම අයිපී ඇඩ්රස් යෙදු පසුව ,"Notify me when this connection limited or no connectivity " ටික් කර තිබුනද කලින් පරිදි කිසිදු සලකුණක් නොපෙන්වන බව පෙනේවි .

ක්‍රොස් ඕවර කේබලයකින් පරිගණක දෙකක් සම්භන්ද කිරීම ,සිදු කරනු ලබන්නේ බොහෝ විට අපගේ පෞද්ගලික උවමනාවන් සඳහාය .

පරිගණක දෙකකට වැඩි සංඛ්‍යාවක් සම්භන්ද කිරීමට අපට තවත් උපකරණයක් අවශ්‍යවේ .එය ස්විචයක් ,හබ් එකක් හෝ රවුටරයක් විය හැක . අප මෙහිදී ස්විචයක් භාවිතා කර පරිගණක ජාලයක් ගොඩනගන අන්දම සලකා බලමු .
                                         සාමාන්‍යයෙන් වෙළඳ පලේ 4 පොර්ට් එනම් සම්භන්දතාවන් 4 සිට 48 දක්වා වූ නෙට්වර්ක් ස්විච් ඇත .පොර්ට් ගණන වෙනස් වන්නේ 4,8 ,16,24,32,48 අයුරිනි .අපගේ උදාහරණය සඳහා
පරිගණක 5 ක් ඇතැයි සිතමු .ඒ අනුව අප තෝරාගත යුතු ස්විචය වන්නේ පොර්ට් 8 ක් සහිත එක හෝ පොර්ට් 4 සහිත දෙකකි .ස්විච දෙකක් නෙට්වර්ක් කේබලයකින් එකිනෙක සම්භන්ද කර සම්භන්ද තාවන් වැඩි කල හැකිය .නමුත් අප්ලින්ක් කනෙක්ෂන් එකක් නැති ස්විච දෙකකට වඩා සම්භන්ද කිරීම මම නිර්දේශ නොකරමි .හොඳම විසඳුම නම පොර්ට් අටක එකකට ආයෝජනය කිරීමයි .
                                 ඒ අනුව අපට සරලව ජාලය නිර්මාණය කිරීම සඳහා අපට අවශ්‍ය වන්නේ ප්‍රමාණවත් දිගින් යුත්  පැච් කෝර්ඩ් පහක් , ස්විචයක් (පරිගණක හා ස්විචය  සඳහා විදුලි බල සැපයුම් හැරෙන්නට ) පමණි .
අයිපී ඇඩ්රස් යෙදීම ඔබට කැමති පරිදි සිදු කල හැකිය .නමුත් ප්‍රයිවට් නෙට්වර්ක් සඳහා අප යොදාගන්නේ 192.168.x.x එනම් ක්ලාස් එකයි .මෙය නීතියක් නොව රීතියකි . ඒ අනුව අපි අයිපී ඇඩ්රස් පරාසය 192.168.1.2/24 සිට 192.168.1.7/24 ලෙස තෝරාගනිමු .

සරල පරිගණක ජාල ආකෘතියක් 

               මෙහිදී මගේ සමස්ථ උත්සාහය ඉහත පෙන්වා ඇති ආකාරයේ පරිගණක ජාලයක තනිව සකසා ගැනීමේ දැනුම ඔබහට ලබා දීම  සහ ෆයිල් ෂෙයාරින්,ඉන්ටෙර්නෙට් ෂෙයාරින් සහ ඩ්‍රයිව් ,ස්ටෝරේජ් ෂෙයාරින් කරන අන්දම එකින් එක පැහැදිලිව විස්තර කර දීමයි .
දැනට ඉහත රුපයේ ඇති රවුටරය සහ වයර්ලස් ආකාරයෙන් සම්භන්ද පෙන්වා ඇති නෝට්බුක් පරිගණක ,සහ ප්‍රින්ටරය අමතක කරන්න .අප මෙහිදී ගොඩනගන ජාලය ඒ හැරුණු කොට ඇති පරි ගණක 3 ආකාරයෙන් වේ .වෙනස ඇත්තේ එසේ සම්භන්ද කරන ලද පරිගණක පහක් තිබීමයි .
                                                                    දැන් ඔබ සිදු කල යුත්තේ පරිගණක පහ නෙට්වර්ක් කේබල පහෙන් ස්විචය සමග සම්භන්ද කර ස්විචයට විදුලිය සැපයීමෙන් පසුව පරිගණක වලට බලය ලබා දීමයි .ඉන පසුව , ඉහත පෙන්වා දුන් ආකාරයට අයිපී ඇඩ්රස් යොදන්න .
මතක් කලයුතු වැදගත් කරුණක් නම් ෆයිල් හා අනෙකුත් දේවල් ෂෙයා කිරීමේදී ගැටළු ඇතිවීමට ප්‍රථම සැම පරිගණකයක් සඳහාම පාස්වර්ඩ් යෙදීම .මෙය මා ප්‍රයෝගිකව අත්හදාබැලීම් වලදී මුහුණ පෑ ප්‍රධානම  ගැටළුව  කි .
ෆයිල් ෂෙයාරින්,ඉන්ටෙර්නෙට් ෂෙයාරින් සහ ඩ්‍රයිව් ,ස්ටෝරේජ් ෂෙයාරින් කරන අන්දම තරමක් දීර්ඝ නිසා ඒවා එකින එක වෙන වෙනම ලිපි වලින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි .

ඒ අතර තුර නෙට්වර්ක් ට්‍රබල් ෂූටින්ග් කමාන්ඩ්ස් Network Troubleshooting/Diagnostic Commands ගැනද පැහැදිලි කර දෙන්නම් .

මීළඟ ලිපියෙන් හමු වෙමු .අඩුපාඩු අදහස් යෝජනා චෝදනා අගයකොට සලකමි .මක්  නිසාදයත්  මේ සියලු දේ ඔබහට ඉදිරිපත් කරන්නේ මා දකින ආකාරයෙනි .එනිසා අඩුපාඩු තිබිය හැක.එසේම සියල්ලෝම සියලුම දේ නොදනිති.

ස්තුතියි෴.






Blogger Widgets