Thursday, December 24, 2015

Work Group Network සහ Domain Network අතර වෙනස්කම්

                                                                    ඉතින් කොහොමද හැමෝටම ?.හැමෝම හොඳින් ඇතියි කියලා විශ්වාස කරනවා.සැහෙන කාලෙකින් ඒ කියන්නේ අවුරුද්දකටත් වඩා කාලයක් බ්ලොග් එකට කිසිම දෙයක් අලුතින් එකතු කරන්න බැරි උනා.ඒ පිළිබඳව මගේ කණගාටුව.
                                                                                                 හරි දැන් නැවතුනු තැනින් පටන් ගමු.දැන් හැමෝටම DHCP , DNS පිළිබඳව දළ අවබෝධයක් හරි ඇති.අයෙත් මම පුංචි මතක් කිරීමක් කරන්නම් .

DHCP සර්වර් එකෙන් කරන්නේ නෙට්වර්ක් එකේ තියෙන PC , සහ Devices වලට  අයි පී ඇඩ්රස් නිකුත් කරන එක. සරලවම කියනවනම් DNS සර්වර් එකෙන් කරන්නේ ඒ අයිපී එකට අදාලව PC එකේ හරි Device එකේ හරි නම මතක තියාගන්න එක . ඒ දේවල් ටික මතක තියාගෙන දැන් අපි බලන්න යන්නේ Work Group Network සහ Domain Network අතර වෙනස්කම් .

1.Work Group Network (වර්ක් ගෘප් නෙට්වර්ක් )

                                                                              මේ විදිහේ නෙට්වර්ක් එකක් තමයි ගොඩක් වෙලාවට කුඩා කාර්යාල , නිවෙස්වල පාවිච්චි වෙන්නේ .මේකේ තියෙන ලොකුම අවාසිය තමයි මධ්‍යගත පරිපාලනයක්
එහෙමත් නැත්තම් Centralised Administration නැති කම .එකියන්නේ ජාලයේ පරිගණක වල කරන වෙනස් කම් බොහොමයක් කරන්න වෙන්නේ එක එක පරිගණකය ලඟට ගිහින්.එහෙම උනත් මේ වගේ නෙට්වර්ක් එකක උනත් එක තැනක ඉඳන් අනෙක් කම්පියුටර් වල යම් තාක් දුරකට දේවල් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා උදාහරණයක් හැටියට Remote Desktop Connection වලින් පුළුවන් එක කම්පියුටර් එකක ඉඳන් වෙනත්  කම්පියුටර් එකක වැඩ කරන්න , වෙනස් කම් කරන්න .එක කරන හැටි මම මේ ලිපියෙන් පසුව සඳහන් කරන්නම් .මේවගේ නෙට්වර්ක් එකක් හරිම සරලයි.

2.Domain Network (ඩොමේන් නෙට්වර්ක්ස් )
                                                                                                     ඇත්තටම  ඩොමේන් නෙට්වර්ක් එකක අවශ්‍යතාව එන්නේ කම්පියුටර්ස් සිය ගණනනක් හෝ  දහස් ගණනක් තියෙන නෙට්වර්ක් වලට.මේවගේ නෙට්වර්ක්  වලදී අනිවාර්යයෙන් පාවිච්චි කරන සර්වර් දෙකක් ගැන අපි ඉහත ලිපිවලදී සාකච්චා කලා ඒ තමයි DHCP , DNS . පරිගණක සියගණනක් තියෙන නෙට්වර්ක් එකකදී අපිට තනි තනිව අයිපී ඇඩ්රස්
කන්ෆිගර් කරන එක ලේසි වැඩක් නෙවේ .ඒවගේම ඒ අයිපී ඇඩ්රස් මතක තියාගන්න එක ලේසි වැඩකුත් නෙවේ .ඒ ගැටළු දෙක ඔය සර්වර් දෙකෙන් විසඳගන්න පුළුවන්.දැන් තියෙන්නේ Centralise Management සෙන්ට්‍රලයිස් මැනේජ්මන්ට් එහෙමත් නැත්තම් මධ්‍යගත කළමනාකරණය එක කරන්න Windows මෙහෙයුම් පද්දති පාදක කරගත්ත නෙට්වර්ක් එකක තියෙනවා තවත් සර්වරයක් ඒ තමයි Active Directory  මේ පරිගණකයේ ඉඳල පරිගණක පරිශීලකයන් -Computer Users , පරිගණක -Computers ,පරිගණක යෙදුම් -Computer Applications ප්‍රින්ටර -Printer  සහ අනෙකුත් ජාලගත උපාංග හැම එකක්ම වගේ පාලනය කරන්න පුළුවන් . එහෙම වෙන්නේ ඒ උපාංග හැම එකෙකටම අදාළ ගිණුමක් -Account එකක් Active Directory එකේ හැදෙන නිසා.එකට කරන්න ඕන කන්ෆිගරෙෂන්ස් මම ඉදිරියේදී කියල දෙන්නම් ඒවා ටිකක් සංකීර්ණයි එත් අමාරු නැහැ .
                                                  සාමාන්‍යයෙන් ව්‍යාපාරයක තියෙන නෙට්වර්ක් එකක් නම් DNS , DHCP සහ Active Directory සර්වර් වලට අමතරව තවත් සර්වර් කිහිපයක් තියෙන්න පුළුවන් . ඒවානම්

1. Mail Server - මේල් සර්වර් - ඊ මේල් සඳහා (උදාහරණ: Microsoft Exchange, Sendmail, MDaemon)

2.File Server -ෆයිල් සර්වර් - ෆයිල් /ඩොක්යුමන්ට් ගබඩා කිරීමට එහෙමත් නැත්තම් File & Documents      Storage

3.Application Server - විශේෂිත  යෙදුම් එහෙමත් නැත්තම් ස්පෙෂල් කම්පියුටර් ඇප්ලිකේෂන් - Special Computer Applications , මේවගේ කම්පියුටර් ඇප්ලිකේෂන් එකකදී යුසර්ස් -Users ගොඩක් දෙනාගෙන්
දත්ත අවශ්‍ය වෙනවා එක නිසා ඒ වගේ ඇප්ලිකේෂන් එකක් සාමාන්‍ය පරිගණයක පාවිච්චි කරන්න අමාරුයි .
උදාහරණ :-
 ERP- Enterprise Resource Planing Systems /CRM- Customer Relationship Management System

4. VPN server - වීපීඑන් සර්වරයක් පාවිච්චි කරන්නේ තවත් VPN-Virtual Private Network එකක් සමග ආරක්ෂිතව සම්භන්ද වීමට
    ගොඩක් වෙලාවට මේ සර්වරය පාවිච්චි වෙනවා අඩුයි මොකද මේ විශේෂාංගය ඇතුලත් කරලා නිර්මාණය කරපු තවත් උපාංගයක් තියෙනවා එකට කියන්නේ Firewall ෆයර් වෝල් , එකත් ජාල ගත උපාංගයක් සමහර ෆයර්වෝල් කම්ප්යුටර් එකක ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන්නත් පුළුවන්.ADSL රවුටර් වලත් ෆයර්වෝල් විශේෂාංගය ඇතුලත් කරල තියෙනවා පරිගණක ජාලයේ ආරක්ෂාව උපරිම කිරීමට.
Windows XP හා ඉන්පසුව නිකුත් වුනු සෑම මෙහෙයුම් පද්දතියකම Firewall ෆයර් වෝල් විශේෂාංගය ඇතුලත් කරල තියෙනවා.

5. Database Server  - ඩේටාබේස් සර්වර් එකක් කියන්නේ දත්ත එක්රැස් කරන සහ  කළමනාකරණය කරන සර්වරයක් ඇත්තටම මේ ක්‍රියාව සිදුකරන පාවිච්චි කරන පද්දතිය හඳුන්වන්නේ Database Management System කියල කෙටියෙන් කියනවා DBMS කියලත් .
උදාහරණ :- Microsoft SQL Server , Oracle ,MySQL

මීට අමතරව තවත් දේවල් තියෙන්න පුළුවනි අවශ්‍යතාව සහ කාර්යභාරය  අනුව .උඩින් සඳහන් කරලා තියෙන්නේ අවශ්‍යම වෙන දේවල් ටික .

පහත තියෙන්නේ මම ඇඳපු දල සටහනක් කතාව පැහැදිලි කරගන්න.


මම කලින් ලිපියක සඳහන් කළා නෙට්වර්ක් එකකදී තවත් පරිගණකයක දේවල් ගන්න , එහෙමත් නැත්තම් ඇක්සෙස් කරන්න අයිපී ඇඩ්රස් එක වගේම පරිගණකයේ නම එකියන්නේ සිස්ටම් නේම් එක , එහෙමත් නැත්තම් නෙට්බයෝස් නේම් එක පාවිච්චි කරන්න පුළුවන් කියල.වර්ක්ගෘප් වර්ගයේ නෙට්වර්ක් එකක ඒ දෙකම පාවිච්චි කරන්න පුලුවන්.
                                                       එත් ඩොමේන් නෙට්වර්ක් එකකදී පරිගණකයට අදාළ ඩොමේන් නේම් එක පාවිච්චි කරන එක තමයි ලේසිම වැඩේ .මොකද DHCP මගින් නිකුත් කරන අයිපී ඇඩ්රස් එක නියතව පවතින්නේ නැහැ එක වෙනස් වෙනවා. වෙනස් වෙන විදිහ අපිට වෙනස් කරන්න පුළුවන් DHCP සර්වර් එකෙන් එකියන්නේ සාමාන්‍යයෙන් DHCP සර්වරයෙන් අය්පී එකක් නිකුත් කරලා අයෙත් එක අලුත් කරන්න ගන්න කාලය , එහෙමත් නැත්තම් එක අයිපී එකක් පරිගණකයකට තියාගන්න දෙන කාලය , අපි එකට කියනවා Lease Time කියල. ඒ lease time කාලය ඇතුලතදී අයිපී එක නියතව පවතිනවා .ඒ කාලය ඉවර උනහම අයෙත් අලුතෙන් අයිපී එකක් එකට නිකුත් කරනවා , අර තිබුණු අයිපී එක වෙන පරිගණකයකට  නිකුත් කරනවා එක වෙන්නේ පිළිවෙලකට නෙවෙයි Randomly.එක නිසා එකෙන් පරිගණක ආරක්ෂාව වැඩියි .
 
                                                                                                        තවත් දෙයක් තමයි domain නෙට්වර්ක් එකකට Domain Name එකක් අනිවාර්යයි , එකට අපිට ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන් මොකද එක පාවිච්චි වෙන්නේ Private Network එකක නිසා .අපි ඒ domain එකට සාමාන්‍යයෙන් කියන්නේ ADDNS - Active Directory Domain Name System  එක Internet Domain එකත් එක්ක පටලව ගන්න එපා .දැනට ලෝකයේ DNS Servers 13ක් ස්ථාපිත කරලා තියෙනවා එකියන්නේ වෙබ් සයිට් එකකට පවිච්චි කරන Domain එක සහ අයිපී එක එන්නේ අන්තර්ජාලයෙ තියෙන DNS server වලින්,ඒවා පාලනය කරන්නේ ICANN (https://www.icann.org/)  සහ කියන ආයතන ජාලයෙන් .එත් ඇතුලත තියෙන නෙට්වර්ක් එකකදී එකියන්නේ ADDNS වලදී අපිට ඕනම නමක් පාවිච්චි කරන්න පුළුවන් උදාහරණයක් හැටියට මට පුළුවන් amith.com කියල.
                                                             එතකොට ඔය රුප සටහනේ පෙන්වල තියෙන PC01 කියන එකේ නම Domain Network එකේ පෙන්වන්නේ PC01.amith.com . PC02 කියන එක PC02.amith.com
වෙනවා. මේ වගේ නෙට්වරක් එකක උනත් Netbios Name එක වගේ PC01 කියන නම විතරක් පාවිච්චි කරලා ඇක්සෙස් කරන්නත් පුළුවන්. PC01.amith.com කියන නමට කියන නමක් කියනවා FQDN -Full Qualified Domain Name කියල .

                                         මම හිතනවා දැන් ඔයාලට Work Group Network සහ Domain Network අතර වෙනස්කම් ටිකක් පැහැදිලි ඇති කියල.මම ගොඩක් ලිපි වෙන්කළේ ප්‍රයෝගික ක්‍රියාකාරකම් වලට වඩා මුලික සංකල්ප වලට .මොකද ඕනෑම තාක්ෂණික විෂයක් තේරුම් ගන්න මුලික සංකල්ප දැනගෙන ඉන්න ඕන .
නෙට්වර්ක් කියන්නේ වයර් ටිකක් ,ස්විච් , කම්පියුටර් අමුණලා ඉන්ටෙර්නෙට් පවිච්චි කරන එක ,ෆයිල් එකක් කොපි කරන එක නෙවෙයි.ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා කරන්න දැනගන්න.අනෙක් කාරණේ
මුලික සංකල්ප දැනගෙන අවබෝධ කරගත්තම ඉතුරු ටික තමන්ටම ඉගෙන ගන්න පුළුවන් .ආයේ ආයේ පොත් කියවන්නවත් මේ බ්ලොග් එක උනත් ආයේ ආයේ බලන්න ඕන නැහැ .

ලෝකේ ශ්‍රේෂ්ටම ගණිතඥයා ඇල්බර්ට් අයින්ස්ටයින් කියල තියෙනවා " ඕනෑම මෝඩයෙක්ට දේවල් දැනගන්න පුළුවන් එත් , වැදගත් දේ එක අවබෝධ කරගැනීම තේරුම් ගැනීමයි" කියල


.දේවල් තේරුම් ගත්ත කෙනෙක්ට කටපාඩම් කරන්නවත් මතක තියාගන්න දෙයක්වත් නෑ.ඒවගේම වෙනස් විදිහට හිතන්න පුළුවන් .
එහෙනම් අලුත් ලිපියකින් අයෙත් හමුවෙමු!.ඔබගේ අදහස් සහ යෝජනා චෝදනා  ඉතා අගයකොට සලකමි.

        සියලු දෙනාට සුභ නත්තලක් සහ එළඹෙන නව 2016 සුභම අලුත් අවුරුද්දක් වේවා!




1 comment:

  1. ඇත්තටම වැදගත් ලිපියක් ස්තූති

    ReplyDelete

Blogger Widgets