Tuesday, February 6, 2018

පරිගණක ජාල දෝෂ නිරාකරණය සඳහා මෘදුකාංග - Network Troubleshooting Tools - 01

සැහෙන්න කාලෙකින් අලුත් දෙයක් දෙන්න බැරි උනා .එත් අද දෙන දේවල් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා .හරි කෙලින්ම වැඩේට බහිමු .

කලින් ලිපිවල මම කිව්වා CMD - Command Prompt එක පාවිච්චි කරලා දෝෂ නිරාකරණය කරන විදිහ .එත් සමහර වෙලාවට අපිට ඒවගෙන් ලැබෙන තොරතුරු සහ ඉදිරිපත් කරලා තියෙන විදිහ අනුව ඉක්මනින් නිගමනයකට එන්න අමාරු වෙන්න පුළුවන් .
හොඳම උදාහරණය IP Address Conflict  , Netbios Name Conflicts , එකියන්නේ එකම අයිපී එක කම්පියුටර් දෙකකට දාල තිබ්බ්බොත් හරි , එකම නම කොම්පියුටර් දෙකකට දාල තිබ්බොත් ඇති වෙන ප්‍රශ්න අපිට එකපාරටම හඳුනා ගන්න අමාරුයි .ගොඩක් වෙලාවට අපිට ඒවගේ දෙයක් හොයාගන්න වැඩි වෙලාවක් කාලය ගත කරන්න බැහැ.
අනෙක් කාරණය දැනට වයර්ලස්  නෙට්වර්ක් එකේ තියෙන උපාංග , ඒවාට එසයින් වෙලා තියෙන අයිපී ඇඩ්රස් මොනවාද ඒවගේ මැක් ඇඩ්රස් මොනවාද කියල හොයාගන්න වගේ දේවල් වලට CMD එක පාවිච්චි කරලා හොයාගන්න එක ටිකක් අමාරු වැඩක්.එත් මොකුත්ම නැති වෙලාවට ඒක තමයි අපිට පිහිට වෙන්නේ.

හරි අපි ඉස්සර වෙලා බලමු වයර්ලස්  නෙට්වර්ක් එකක  තියෙන ඔක්කොම කනෙක්ට් වෙලා තියෙන ඩිවයිස් අපිට බලාගන්න ඕන නම් මොකක්ද කරන්නේ කියල .

එකට තියෙනවා පොඩි සොෆ්ට් වෙයාර් එකක් Wireless Network Watcher කියල එක ඔයාලට  මෙන්න මෙතනින් ඩවුන් ලෝඩ් කරගන්න පුළුවන් ලේසියෙන් .https://wireless-network-watcher.en.softonic.com/download
 මේකේ තියෙන වාසිය තමයි මේක ඉන්ස්ටෝල් කරන්න දෙයක් නැහැ කෙලින්ම රන් කරන්නයි තියෙන්නේ .ඕපන් කල ගමන් ස්කෑන් කරල පහත විදිහට විස්තර ටික දෙනවා .
Wireless Network watcher 


හරි ඒ එකක් . දැන් බලමු අනෙක් එක මොකක්ද කියල .ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ , එහෙමත් නැත්තම් හිසරදේ  තමයි අයිපී කන්ෆ්ලික්ට්ස් .එක හොයන්න ටිකක් කට්ටක් කන්න වෙනවා .ටූල් නම් තියෙනවා ඉන්ටර්නෙට් එකේ එත් ඒවා ගොඩක් වෙලාවට ට්‍රයල් නැත්තම් සල්ලි  දීල ගන්න වෙනවා .එත් අපේ කට්ටියට ඉතින් ඩොලර් වලින් ගෙවන්න තරම් වත්කමක් බොහෝ දෙනකුට නැහැ .එක නිසා Solarwinds දීල තියෙනවා ලෝකේ තියෙන හොදම මිලට එහෙම නැත්තම් නොමිලේ ටූල් එකක් IP Address Tracker කියල .පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේක පාවිච්චි කරන්න පුළුවන් IP Address 254 යි .එත් ඉතින් මදැයි නේද ?. මෙන්න මෙතනට ගිහින් අදාළ විස්තර ටික පුරවල නොමිලේම මේක ඩවුන් ලෝඩ් කරලා ට්‍රයි කරලා බලන්න .
https://www.solarwinds.com/free-tools/ip-address-tracker ඔකේ ස්ක්‍රීන් ෂොට් එකක් පහල දාල ඇති
Free IP Address Tracker - by  Solar Winds
IP Address Tracker එක ටිකක් ලොකුයි මෙගා බයිට් 690ක් විතර එක නිසා නයිට් ටයිම් ඩේටා වලින් බාගන්න .
එහෙනම් ට්‍රයි කරලා බලන්න .වැඩි විස්තර තවත් ලිපියකින් දෙන්නම්.ඉන්ස්ටෝල් කරගන්න ඕන විස්තර ඔක්කොම solarwinds සයිට් එකේ තියෙනවා .ප්‍රශ්න ආවොත් පහලින් කමෙන්ට් කරන්න .මම උත්තර එවන්නම් .

එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු . ජය වේවා !!!.



Blogger Widgets