Thursday, April 12, 2012

IP Address -අයි පී ඇඩ්රස් -තුන්වන කොටස ....

ගිය සතියේ අප බහුලව භාවිතා කරනු ලබන මෙහෙයුම් පද්ධති කිහිපයක අයි පී ඇඩ්රස් පරීක්ෂාකරන අන්දම දැනගත්තා .දැන් අපි අයිපී ඇඩ්රස් ගැන තවදුරටත් සලකා බලමු .

ගියවර ලිපියේ සඳහන් කරනලද විස්තර අනුව අයි පී ඇඩ්රස් එකක් සාමාන්‍යයෙන් AAA.BBB.CCC.DDD ආකාරයේ බව පෙනෙනු ඇත .එනම් අංක තුනක සංඛ්‍යා 4 ක් තිතවලින් වෙන්කර ඇති පරිදි ඔබට පෙනෙනු ඇත .නමුත් අපට සිතෙන ආකාරයට එසේ සිතෙන සිතෙන අංක දැමීමට අවකාශ නොමැත . මූලිකවම මේ පිළිබඳව එනම් අයිපී ඇඩ්රස් සම්භන්දයෙන් සම්මතයන් පවත්වාගෙන යන්නේ IANA- INTERNET ASSIGNED NUMBERS AUTHORITY ,නමුත් මෙහා සම්භන්ද ආයතන ගණනාවක් මේ සඳහා සහ සම්භන්දව සිටී .

අයිපී ඇඩ්රස් එකක් අපට දිස්වන ආකාරය AAA.BBB.CCC.DDD ලෙස දැක්විය හැකි බව මා ඉහත සඳහන් කලෙමි .ඇත්තටම අපට පෙනෙන ලෙසට අයි පී ඇඩ්රස් ඒක එසේ උවත් පද්ධතිය ඇතුලත මෙය සඳහන් වන්නේ බයිනරි එහෙමත් නැත්තම් දෙකේ පාදයේ සංඛ්‍යා කොටස් 4 ක් වශයෙනි .මෙම කොටස තේරුම ගැනීමට ඔබට දෙකේ පාදයේ සංඛ්‍යා පිළිබඳව දැනුම අවශ්‍ය වේ .ඔබට දෙකේ පාදයේ සංඛ්‍යා පිළිබඳව 9,10
වසර පාසැල් පොත්පත්වලින් ඕනෑවටත් වඩා හොඳින් ලබාගතහැකිය .එහෙත් එය මෙතනදී විස්තර කෙරෙන්නේ අවශ්‍ය කොටස් පමණක් බව සිහියේ තබාගන්න .

                               අයි පී ඇඩ්රස් එකක් AAA.BBB.CCC.DDD යන ආකාරයට දැක්වුවහොත් මෙම අයිපී ඇඩ්රස් එකෙහි එක කොටසක අගය 0 සහ 255 අතර අගයක් පමණක් ගනී .එසේ වීමට හේතුව දැන් පැහැදිලි කරන්නම් .

උදාහරණයක් ලෙස අපි ප්‍රයෝගිකව යොදාගන්නා අයි පී ඇඩ්රස් එකක් සලකා බලමු .

                                             Eg;- 192.168.128.122
කලින් ඔබ අයිපී ඇඩ්රස් පරීක්ෂා කරන අන්දම පෙන්වා දුන් ලිපියේදී ඔබ දුටුLocal Area Connection Properties  හි  Internet Protocol (TCP/IPv4) ට අනුව අයිපී ඇඩ්රස් ඒක 32 bit බයිනරි කේතයකි . එවිට අයිපී ඇඩ්රස් ඒක කොටස් හතරකින් යුක්ත නිසා ,එක කොටසකට බිට් 8 ක කොටසක් අයත් වෙයි .එනම් දෙකේ පාදයේ අංක අටක අයත්වෙයි .එය පහත නිදසුනෙන් පැහැදිලි කරගනිමු .

                                                192 .168.128.122  මෙය දක්වා ඇත්තේ දහයේ පාදයෙනි
192 යනු දෙකේ පාදයෙන් 11000000,
168 යනු දෙකේ පාදයෙන් 10101000,
128 යනු දෙකේ පාදයෙන් 10000000,
122 යනු දෙකේ පාදයෙන් 01111010,


ඒ අනුව අයිපී ඇඩ්රස් ඒක බයිනරි වලින් ලියුවොත් 

                                               11000000.10101000.10000000.01111010 
ලෙස ලැබේ .අයිපී ඇඩ්රස් එකක එක කොටසක් බිට් 8 කින් සමන්විතවන වන බව දැන් ඕබට වැටහෙන්නට ඇතැයි සිතමි .මෙම එක කොටසකට OCTET ඔක්ටෙට් එකක් එහෙමත් නැතිනම් අෂ්ටකයක් ලෙස කියනු ලැබේ .දෙකෙ පාදයේ ගණිතය අනුව මෙම එක කොටසකට එනම් ඔක්ටෙට් එකකට ගත හැකි උපරිම අගය බයිනරි වලින් 11111111 කි එය ඩෙසිමල් එනම් දහයේ පදයේ එනම් අපි සාමාන්‍ය ගණිතයේදී භාවිතාකරන ගණිතයට අනුව 255 වේ .ඔක්ටෙට් එකකට ගත හැකි අවම අගය 00000000 වේ .එනම් දහයේ පාදයෙන් 0 වම වේ .දැන් ඔබට ඉහත සඳහන් ඔක්ටෙට් එකක අගය 0 සහ 255 අතර වෙනස් වන අයුරු පැහැදිලිවන්නට ඇත .

මෙම ඔක්ටෙට් එකක අගය 0 හා 255 අතර වෙනස් උවත් අපට ඕන ඕන ආකාරයට මෙම ඔක්ටෙට් හතරට යෙදිය නොහැක .එය සඳහා පිළිගත් ක්‍රමයක් ඇත මෙමෙ ක්‍රම හඳුන්වා දෙන්නට හේතු ඔබට ඉදිරිලිපිවලදී  පැහැදිලි වනු ඇත .මෙම ක්‍රමය අනුව අයිපී ඇඩ්රස් පන්ති වලට බෙදා ඇත .ඒඅනුව මුලික වශයෙන් Class A, Class B ,Class C හා ඊට අමතරව Class D ,Class E වශයෙන් පන්ති පහක් හඳුන්වා දී තිබේ .මෙම බෙදීම සඳහා උපයෝගී කරගන්නේ පලවෙනි ඔක්ටෙට් එක සඳහා වෙන්කරනලද අගයන් මගිනි .

ඒඅනුව 


මෙහි Max Hosts සහ Format යන දේවල් ඊළඟ ලිපියෙන් පෙන්වා දෙන්නම් .
,


   

3 comments:

  1. මේ වගේ පැහැදිලි විදියට තොරතුරු තියෙන බ්ලොග් එකක් දැක්කමයි... දිගටම කරගෙන යන්න.. සුබ පැතුම්..

    ReplyDelete
  2. බොහොම ස්තුතියි..!!!!

    ReplyDelete
  3. godak hoda wedak sahoo hodata pehediliwa thiyanawa... digatama karagena yamu ,,,
    elaga post 1kakin classless ip addrass genath awa waladi subnetting karana widiya genath pehedili karanna,

    thawa prashnayak thiyanawa mata,, Vertual lan kiyana 1 sidda wena widiya pehedili karala denna loku udawwak..

    ReplyDelete

Blogger Widgets