Saturday, April 11, 2020

පරිගණක දෝෂ නිරාකරණයට උදව්වක් - PC Troubleshooting Tips

                           
                       
                                           
                         මම දැක්ක මේ කරදර අස්සේ ගොඩක් අයට තමන්ගේ කම්පියුටර් එකෙත් ප්‍රශ්න ඇවිල්ල , ඉතින් එකට උදව්වක් හැටියට මම මේක දාන්න හිතුව .ලොකු දේවල් නෙවේ පොඩි පොඩි දේවල් මොකක්ද වෙලා තියෙන්නේ කියල හදුනාගන්න . හරි ඉස්සරවෙලාම බලමු වෙන්න පුළුවන් පිටතට පේන දේවල් වලින් කොහොමද අඳුන ගන්නේ කියල .

1. No Power    : පවර් ඔන් වෙන්නේ නැත.


    මේකෙදි පවර් ඔන් වෙන්නේ නෑ කියන්නේ , සිස්ටම් යුනිට් එක , මේවගේ කාරණයක් බලද්දී කිසි ම       වෙලාවක මැදින් බලන්න පටන් ගන්න එපා . චෙක් කරන්න ගන්න පවර් කේබල් එකේ ඉඳන්ම .ඒවගේම එක ප්ලග් කරන ප්ලග් පොයින්ට් එකේ ඉඳලම .මොකද සමහර බාල පවර් කේබල් මැදින් කැඩෙනවා පිච්චේනව .
අනෙක පවර් සප්ලයි එකට කනෙක්ට් වෙන පැතතේ ඇතුලේ තියෙන කන්ටැක්ට් ප්ලේට් පිච්චුන ඒවත් මට හම්බ වෙලා තියෙනවා . UPS තියෙනවා නම් එක හරහා දෙන්නේ නැතිව කෙලින්ම දීලත් බලන්න .මල්ටිමිටරයක්  හරි කන්ටිනුටි ටෙස්ටර් එකක්  තියෙනවා නම් කේබල් ටික එකෙන් චෙක් කරගන්න පුළුවන් .

                                                          ඒ ඔක්කොම හරි නම් ඊළඟට බලන්න ඕන , සිටම් යුනිට් එක ගලවලා , පවර් බටන් එක වැඩ කරනවද කියල හරියට.පවර් බටන් එක ගහල තියෙන කනෙක්ටර් එක ප්‍රවෙශමෙන් ගලවල , පවර් ඕන කරලා ප්‍රවේශමෙන් පවර් බටන් පින් දෙක ෂෝර්ට් කරලා බලන්න පවර් ඔන් වෙනවද කියල . එහෙම ඔන් වෙනවා නම් පවර් බටන් එකේ ප්‍රස්නයක්.

                                                එහෙම කලත් තවමත් පවර් ඔන් වෙන්නේ නැත්තම් , පවර් සප්ලයි එක ගලවල එලියට අරන්  24 පින් කනේක්ටරයේ ලොක් එක තියෙන පැත්තේ ලොක් එකට උඩින් තියෙන කොලපාට වයරෙයි , කලුපාට වයරෙයි , පේපර් පින් එක වගේ එකක් අරන් එකට ෂෝර්ට් කරලා බලන්න පවර් සප්ලයි එක ඔන් වෙනවද කියල .හැබැයි නිකන් ඔන් උනා කියල එක හොඳමයි කියල කියන්න බෑ .එත් දල අදහසක් ගන්න පුලවන් හොඳයි කියල . 

ඊටපස්සේ කරන්න තියෙන හොඳම දේ , මදර් බෝඩ් එක , පවර් සප්ලයි එක , රැම් , ප්‍රොසෙසර් සෙට් එක පිටින් කෙසින් එකෙන් එලියට අරන් , අයෙත් පවර් සප්ලයි එක කනෙක්ට් කරලා බලන එක , ඔන් වෙනවා නම් මොනිටරේ ගහල බලන්න ස්ක්‍රීන් එක එනවද කියල . ඔන් වෙන්නේ නැත්තම් , RAM  අනෙක් කාර්ඩ් , ගලවල බලන්න ඔන් වෙනවද කියල . ඔන් වෙනවා නම් පස්සේ කාඩ්ස් එකින් එක , ක්ලීන් කරලා ප්ලග් කරලා බලන්න .
එහෙමත් ඔන් වෙන්නේ නැත්තම් අපිට හිතන්න පුළුවන් , බෝඩ් එක හරි පවර්සප්ලයි එකේ හරි ප්‍රශ්නයක් කියල . ලේසිම දේ වැඩ කරන පවර් සප්ලයි එකක් කාගෙන් හරි ඉල්ලගෙන උඩ කියල තියෙන විදිහට  අයෙත් ට්‍රයි කරලා බලන එක.


2. Blank Screen  : පවර් ඔන් වෙනවා එත් ස්ක්‍රීන් එකේ මොකුත් නෑ 
   
    මෙ වෙලාවේදී අවස්ථා දෙකක් තියෙන්න පුළුවන් , එක අවස්ථාවක මදර් බෝඩ් එකේ බසර් එකෙන් බීප් කෝඩ් ඇහෙන , ඒ අවස්ථාවේදී අපිට බීප් කෝඩ් එක අනුව හිතාගන්න පුළුවන් කොහෙද අවුල කියල . හැබැයි මතක තියාගන්න ඕන සමහර මදර් බෝඩ් වල අසේම්බල් කරද්දී සමහර අය අමතක කරනවා බසර් එක ප්ලග් කරන්න එතකොට නම් කොහ්මත් බීප් නෑ තමා .

අනෙක් අවස්තාව , VGA /HDMI/ DVI කේබල් වල ප්‍රශ්න සහ , මොනිටරයේ කනේක්ටරේ හෝ සිස්ටම් යුනිට් එකේ කනේක්ටරේ ප්‍රශ්න . ඒ ඇරෙන්න මොනිටරේම ප්‍රශ්න තියෙන්න පුළුවන් . මොනිටරේ මෙනු බටන් එක එබුවහම මෙනු එක පෙන්වනවා නම්  එකියන්නේ ගොඩක්ම වෙලාවට මොනිටරේ ප්‍රශ්නයක් නැහැ කියල හිතන්න පුළුවන් .එත් එකත් පෙන්වන්නේ නැත්තම් ඉතින් මොනිටරේ අවුලක් .කේබල් වල සැකයක් තියෙනවා නම් හොදම ක්‍රමය තමයි මාරු කරලම බලන එක . කනෙක්ටර් බලද්දී ටෝච් එකක් පාවිච්චි කරල හරියට බලන්න පින් නැවිලා ද ඇද වෙලාද කියල .

බැරි වෙලාවත් බසර් එකක් නැත්තම් බීප් නෑ කියල කිව්වනේ , කොහොම උනත් කේබල් කනෙක්ටර් හොඳනම් , VGA කාර්ඩ් එක , RAM මොඩියුල් දෙකම ගලවල , හොඳ මකනයකින් කන්ටක්ට් පොඉයින්ට්ස් ක්ලීන් කරලා අයෙත් ප්ලග් කරල බලන්න . කොහොම උනත් බසර් එකක් හොයාගෙන ප්ලග් කරගත්තොත් බීප් කෝඩ් වලින් හොයාගන්න පුළුවන් RAM , VGA දෙකෙන් කොයි එකේද ප්‍රශ්නේ කියල , මොකද ඔය දෙකෙන් මොකක් අවුල් උනත් ඩිස්ප්ලේ නෑ  . ඔන්බෝඩ් VGA තියෙන , කාඩ් එකක් ගහල තියෙන අයට එක පන්නල ඔන්බෝර්ඩ් එකට මොනිටරේ ගහල බලාගන්න පුළුවන් වැඩ කරනවද කියල ,ඔන්බෝර්ඩ් තියෙන අයට කාඩ් එකක් ගහල බලන්න පුළුවන් වැඩ ද කියල , එත් එක 100% සහතික වෙන්න බෑ .
                                                  බීප් කෝඩ් වලින් මොනවාද කියවෙන්නේ කියල ඉන්ටර්නෙට් එකේ ඕන තරම් තියෙනවා , එත් සමහර විට හැම සිස්ටම් එකකම ඔය බීප් කෝඩ් එකම කියවෙන්නේ නෑ  , සිස්ටම් බෝර්ඩ් එක හදන කම්පැනි එකෙන් ම එක හොයාගන්න එක තමයි හොඳම දේ . කොහොම උනත්  මෙතන අවශ්‍ය කරන ඔක්කොම වගේ තියෙනවා :https://www.computerhope.com/beep.htm .

ඒ අතරේ පොඩ්ඩක් බලන්න ඕන VGA එකේ , Mother Board එකේ තියෙන කොටස් වල , පිච්චුන මාර්කස් , ඒවගේම ඉදිමිලා වගේ තියෙන කන්ඩේන්සර් තියෙනවද කියල. එහෙම නම් වැඩ කලත් වැඩි ආයු කාලයක් නැහැ කියල තමයි කියන්න තියෙන්නේ.
                                                                                                                        
3. Screen with Error /Blue Screen : පවර් ඔන් වෙනවා , ස්ක්‍රීන් එකේ එක්කෝ එරර් මැසේජ් එකක්                 පෙන්වනවා නැත්ත්තම් . නිල් පාට ස්ක්‍රීන් එකක් එක්ක එරර් මැසේජ් එකක් .
   කලුපාට ස්ක්‍රීන් එකේ මැසේජස් ( Bios Error Massages) :
   1. DISK BOOT FAILURE - INSERT SYSTEM DISK AND PRESS ENTER- මේකෙදි බලන්න
       ඩ්‍රයිව් කේබල් ,  බයෝස් වල  බුට් ඔර්ඩර් එක අන්තිම වශයෙන් හාඩ් ඩිස්ක් එක වෙන්නත් පුළුවන් .

   2. Operating System Not Found : ඔපරේටින් සිස්ටම් එකේ ප්‍රශ්නයක් , රෙපෙයාර් කරන්න වෙනවා                                                                   නැත්තම් අලුතෙන් දාන්න වෙනවා .
   3. cmos checksum error : මදර් බෝඩ් එකේ බැටරිය  (CR 2032 )  අලුතෙන් දාල , බයෝස් ඩිෆෝල්ට්                                                    ලෝඩ් කරන්න .
  
  නිල්පාට ස්ක්‍රීන් එකේ මැසේජස් (Critical STOP Errors)
  
උඩ තියෙන මැසේජ් ඔක්කොම එන්නේ ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වෙන්න ඉස්සර වෙලා , හැබැයි නිල් පාට ස්ක්‍රීන් එකේ එරර් පෙන්වන්නේ එකෙන් පස්සේ .ඔය වගේ නිල්පාට ස්ක්‍රීන් එන අවස්ථා 2ක් පෙන්වල තියෙනවා පහල රූපේ. පහලම තියෙන එකේ  එරර් මැසේජ් එකට අදාල විස්තර හොයාගන්න අපිට පොඩ්ඩක් ගුගල් පාවිච්චි ක‍රන්න වෙනවා , එත් උඩ තියෙන එකේ STOP එකට පස්සේ තියෙන 0xවලින් පටන් ගන්න කෝඩ් ඉස්සරහ තියෙන බින්දු ඔක්කොම අත හැරලා ඉතුරු වෙන කෝඩ් එක පවිච්චි කරලා  , ඊට පහලින් දීල තියෙන වගුවෙන් මොකක්ද ප්‍රශ්නය  හෝ ප්‍රශ්නයට හේතුව හොයාගන්න පුලුවන්.            

Image from : https://www.informit.com/articles/article.aspx?p=2254213&seqNum=5
  
                     

  හදිසියේ ලිව්මවත්ම මම හිතනවා මේ ටික ප්‍රයෝජනවත් වෙයි කියල .  තව ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් කරන්න පුළුවන් විදිහට උදව් කරන්නම් .





Blogger Widgets