Saturday, December 28, 2019

IT Certifications සඳහා අත්වැලක්

                             
             
                                                     අපේ කිතුනු සහෝදර සහෝදරියන්ට ලැබුවා වූ නත්තල ප්‍රීතිමත් නත්තලක් සහ හැමෝටම ලබන්නා වූ 2020 වසර තමන්ගේ යහපත් ප්‍රර්ථනා, අරමුණු ඉටුවෙන සුභම සුභ අවුරුද්දක් වේවා කියල මුලින්ම ප්‍රර්ථනා කරනවා .හුග කාලයකින් තමයි ලිපියක් ලියන්න ගත්තේ.මේක මම හිතන්නේ ගොඩක් අයට වැදගත් වෙයි කියල මම විශ්වාස කරනවා මොකද උසස්පෙළ ප්‍රතිපලත් නිකුත් වෙච්ච හින්දා. ඔබගේ විභාගයේ ප්‍රතිපල කොහොම උනත් IT එහෙමත් නැත්තම් තොරතුරු තාක්ෂනය පැත්තෙන් ඉහලට යන්න මෙකෙදි මම පෙන්වන්න යන කරුණු  වැදගත් වෙයි.

අයි ටී වල අපිට ඉහලට යන්න ඕන නම්  සම්පුර්ණ කරගන්න ඕන දේවල් තියෙනවා පැති දෙකකින් .

1. Academic Qualification ( Diploma , Degree ) - අධ්‍යාපන සුදුසුකම්
2. Professional Qualifications (Product Training , Vendor Certifications) - වෘත්තීයමය සුදුසුකම් 

මෙතනින් පළමු එක ගැන මම කතා කරන්න යන්නේ නෑ , මොකද ඒවා ගැන විස්තර ලේසියෙන් හොයාගන්න  පුළුවන් .දෙවැනි එකේ තියෙන්නේ තෝරා ගැනීමක් එක නිසා එක ටිකක් හොයල බලල තෝරාගන්න වෙනවා .නැත්තම් සල්ලිත් කාලයත් දෙකම අපරාදේ .

හරි අපි බැලුවොත් Professional Qualifications යටතට තමයි ඔය Certifications කියන කොටස වැටෙන්නේ.ඔය Certifications ලැබෙන්නේ ඇත්තටම ඊට අදාළ සමාගම  වෙනුවෙන් තුන්වෙනි පාර්ශවයක් විසින් පවත්වනු ලබන විභාගයක් සමත් වීමෙන් . ඇත්තටම මෙතන සමාගම කියන්නේ තොරතුරු තාක්ෂන අංශයේ භාණ්ඩ හෝ සේවා සපයන ප්‍රධාන පෙලේ ආයතන.ඔය Certification එකෙන් කෙටියෙන්ම  කියවෙන්නේ , ඒ අදාල භාණ්ඩයේ හෝ සේවාවේ ක්‍රියාකාරිත්වය , එය දරන පුද්ගලයා හොඳින් දන්නා අතර එය භාවිතය සම්භන්දයෙන්  නිපුනතාව තියෙනවා කියන එක .

හරි එක පොඩ්ඩක් පැත්තකින් තියල බලමු මොන මොන අංශ වලින්ද Certification කරන්න පුලුවන් ද කියන එක . ප්‍රධාන පැති එහෙමත් නැත්තම් ට්‍රැක්ස් 2ක් තියෙනවා ප්‍රධානකොටම .

1. Software & Application ( Operating System , Database , Web Etc )

2. Hardware (Servers , Network Equipment Etc )

මේක මෙහෙම තිබ්බ කියල දෙකම උනත් කරන්න ඉගෙන ගන්න කිසිම භාධාවක් නෑ , තමන් ආස නම් ඔක්කොම හරි කමක් නෑ කරන එක හොඳයි .

සොෆ්ට්වෙයාර් සහ ඇප්ලිකේෂන් පැත්තට තියෙන රැකියා /තනතුරු බැලුවොත් පහල තියෙන දේවල් උදාහරණ හැටියට පෙන්වන්න පුළුවන් 

1. System Administrator
2. Database Administrator
3. System Support Engineer
4.Application Support Engineer
5. Application Developer
මේවා නම් ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙනවා , වෙන වෙන නම් වලින් එනවා .එත් කරන්න තියෙන ප්‍රධානම දේ තමයි ඔය තනතුරෙන් කියවෙන්නේ .

හාර්ඩ්වෙයා පැත්ත ගත්තොත්
1. Hardware Technician /Engineer
2.Network Technician /Engineer
3.Telecommunication Engineer
4. Server /Data Center Administrators /Engineers 

වගේ ඒවා උදාහරණ විදිහට පෙන්වන්න පුලුවන්.

හරි ඒවා දැනුමට , දැන් බලමු ඒ තැන්වලට එන්න නම් මොන දේවල්ද කරන්න ඕන කියන එක .

Vendor Certifications ගත්තහම මගේ දැනුමේ හැටියට වැඩිම Certification Path ගණනක් හඳුන්වල දීලා තියෙන්නේ Microsoft මයික්‍රොසොෆ්ට් සමාගම.මොකද මයික්‍රොසොෆ්ට් සමාගමට ප්‍රඩක්ට්ස් 2500 කට වඩා වැඩි අයිතියක් තියෙනවා . ඒ අතරින් ප්‍රධානම  එවගේම මුළු ලෝකයේම වැඩියෙන්ම පාවිච්චි වෙන ඒවා තුරෙන් පහල ඒවා ප්‍රධාන තැනක් ගන්නවා .

1. Microsoft Windows Client Operating Systems ( XP , Vista , 7 , 8, 10)
2. Microsoft Windows Server Operating Systems ( NT, 2000, 2003, 2008, 2012, 2016 , 2019)
3. Microsoft SQL Server
4. Microsoft Cloud (Azure , Office 365 , Microsoft 365)
හැබැයි මේ ඔක්කොම යන්නේ සොෆ්ට්වෙයා සහ ඇප්ලිකේෂන් පැත්තට .කාට හරි බලන්න ඕන නම් දැනට මයික්‍රොසොෆ්ට් ආයතනයෙන්  හඳුන්වල දිලා තියෙන ඔක්කොම Exams පහල ලින්ක් එකෙන් බලාගන්න පුළුවන් .

මතක තියාගන්න ඕන මේ එක්සැම් වලට යන වියදම ටිකක් වැඩියි . එකයි මුලින්ම කිව්වේ තමන් යන්න කැමති ආස පැත්ත තෝරාගන්න .මම දක්ෂ පැත්ත තෝරාගන්න කියල කියන්නේ නැත්තේ , ආසාව තියෙන කෙනෙක්ට මහන්සිවෙන්න පුළුවන් මහන්සි උනාට එක දැනෙන්නේ නැහැ .එහෙම කෙනෙක්ට දක්ෂයෙක් වෙන්න පුළුවන් . ලංකාවේ තියෙනවා මෙහා සම්භන්ධ පුහුණුව ලබා දෙන ආයතන බොහොමයක් .ඒවගේ නම් මෙතන මම දාන්නේ නැහැ .එත් අවශ්‍යම නම් මැසේජ් කරන්න කමෙන්ට් කරන්න මම එවන්නම් .

Microsoft ආයතනය වගේම ඒ හා තරඟකරන තවත් ආයතනයක් තමයි Linux Foundation , එකම වෙනස ලාභ නොලබන ආයතනයක් හැටියට තමයි එයාල වැඩ කරන්නේ . එත් Exam වලටනම් ගෙවන්න ඕන . එයාලගේ Certifications සමහරක්  පහල ලින්ක් එකේ ඇති .

Reference : https://training.linuxfoundation.org/certification/

මිට අමතරව තවත් ආයතන තියෙනවා ඒවා ගැන හොයල බලන එක මම  ඔයාලට බාර කරනවා .

හරි Hardware & Network පැත්ත ගත්තොත්  හාර්ඩ්වෙයා නිෂ්පාදනය කරන ලෝක ප්‍රසිද්ධ ප්‍රධාන පෙලේ ආයතන තුනක් තියෙනවා

ඔය ඉස්සරහින් මම දාලා තියෙන්නේ එයාල දෙන Certifications. මේ ඔක්කොම ගත්තම දහස් ගණනක් Certifications තියෙනවා .
දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ කොහොමද කරන්න දෙයක් තෝරාගන්නේ , මොකද අපි බොහොමයක්  මේවා කරන්නේ නිකන් නෙවේනේ , සල්ලි ගෙවල. අනෙක  හරි රැකියාවක් හොයාගන්න නැත්තම් රැකියාවේ ඉහලට යන්න. ඔය හැම දේම ලංකාවේ පාවිච්චි වෙන්නේත් නැහැ .
මොනවද කරන්න ඕන , මොනවටද ඩිමාන්ඩ් එක එහෙමත් නැත්තම් ඉල්ලුම තියෙන්නේ කියල මුලින් හොයාගන්න ඕන , එකට හොදම විදිහ ජොබ් තියෙන සයිට් වල IT සෙක්ෂන් වල තියෙන වෙකන්සි වල මොනවාද ඉල්ලලා තියෙන්නේ කියල බලලා . ඉස්සරහ ට්‍රෙන්ඩ් එකත් ගූගල් වලින් පොඩ්ඩක් බලල .ඒ පැත්තට ඕන කරන දේවල් තෝරාගන්න එක .
                                                               අන්තිමට Academic Qualifications කොහොම මොන පැත්තෙන් ගත්තත් IT පැත්තේ ජොබ් එකක් කරනවා නම් , කරන්න හිතන් ඉන්නවා නම්  Vendor Certifications අනිවාර්යෙන් ඕන කරනවා . එක නිසා මේක පුංචි තල්ලුවක් හිතන්න , තීරණය කරන්න .තවත් විස්තර ලැබෙන ප්‍රතිචාර මත ලබා දෙන්නම් .මොකද හැම දේම එක පොස්ට් එකකින් කවර් කරන්න අමාරු නිසා .

එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු . ජය වේවා !.

                                







Blogger Widgets