Friday, March 23, 2018

පරිගණක ජාල දෝෂ නිරාකරණය සඳහා මෘදුකාංග - Network Troubleshooting Tools - 02


ගිය පාර ලිපියෙන් කියල දුන්න සොෆ්වෙයාර් ටෙස්ට් කරලා බලන්න ඇති කියල විශ්වාස කරනවා .අදත් තවත් වැදගත් නොමිලේම හම්බ වෙන සොෆ්ට්වෙයාර් එකක් ගැන කියන්න තමයි මේ යන්නේ .

මේකේ නම Advanced IP Scanner , ඔය පහලින් දාල තියෙන්නේ එකේ ස්ක්‍රීන් ෂොට් එකක්
මේක ඩවුන් ලෝඩ් කරගන්න පුළුවන් පහල ලින්ක් එකෙන් .


මේකේ තියෙන විශේෂත්වය නම් ෂෙයාර් කරලා තියෙන ෆෝල්ඩර් සර්විසස් එහෙමත් පෙන්වන එක , එක නිසා මේක සැහෙන්න ප්‍රොයෝජනවත් වෙයි කියල මම හිතනවා .


2. Microsoft Network Monitor
    මේක නම් තරමක් දුරට සංකීර්ණ ඒවගේම දේවල් ගොඩක් බලාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් ටූල් එකක් .දැනට කම්පියුටරේ තියෙන සොෆ්ට්වෙයාර් කනෙක්ට් වෙලා තියෙන්නේ කොහෙටද ප්‍රොටෝකෝල් මොනවාද වගේ ගොඩක් විස්තර මේකෙන් බලාගන්න පුළුවන් ඒ බලාගන්න විස්තර සේව් කරලා තියේගෙන අයෙත් බලන්න සංසන්දනය කරන්න වගේ වැඩවලටත් ගන්න පුළුවන් ,ඒවගේම අසාමාන්‍ය දේවල් වයිරස් හෝ වෝම් වගේ දේවල් වලින් නෙට්වර්ක් එකේ වෙන දේවල් බලාගන්න ඒවා මොනිටර් කරන්න මේකනම් සැහෙන්න වටිනවා .
මේක ඩවුන් ලෝඩ් කරගන්න ඔය උඩ තියෙන නම උඩම ක්ලික් කරන්න .පහල තියෙන ස්ක්‍රීන් ෂොට් වලින් ඔයාලට අදහසක් ගන්න පුළුවන් වේවි .



 පහලින් රතුපාටින් පෙන්වල තියෙන්නේ Ethernet ෆ්‍රේම් එකේ තියෙන විස්තර , මේකෙන් hex ලෙවෙල් එකට වෙනකන් දේවල් බලන්න පුලුවන්.එකියන්නේ ඉන්ජිනියර් කෙනෙකුට ඕන විස්තර උනත් මේකෙන් බලන්න පුළුවන් .උදාහරණයක් හැටියට පහල ස්ක්‍රීන් ෂොට් එක බලන්න .



ඉතින් මේවත් ට්‍රයි කරලා බලන්න ට්‍රයි කරන යද්දී ඇතිවෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න .මම උදව් කරන්නම්.

එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු .

ජයවේවා !!!
Blogger Widgets