Tuesday, October 30, 2018

Cloud Computing හැඳින්වීම - Microsoft Azure Trial Account එකක් හදාගන්න හැටි -01










හරි දැන් පොරොන්දු වුන පරිදි Azure Cloud එකේ Free Account එකක් හදාගන්න හැටි කියන්නයි යන්නේ .
හැබැයි මේකට ඕන කරනවා Credit Card එකක් හරි Debit Card එකක් හරි එකේ ඇමෙරිකානු ඩොලර් 2ක ක වටිනා කමට සරිලන රුපියල් ගානක් තියෙන්න ඕන .Debit Card ගත්තහම එකේ VISA , MASTER පහසු කම තියෙන්න ඕන නැතිනම් මේ වැඩේ කරගන්න බැහැ. කණගාටුවෙන් උනත් කියන්න ඕන දේ තමයි මේ දේ කරන්න ගිහින් වෙන කිසිම අලාභ හානියකට මම වගකියන්නේ නැහැ , එක නිසා කල්පනාවෙන් මේ වැඩේ කරන්න ඕන .ඔයාල සබ්ස්ක්රයිබ් වෙනකොට මේකෙන් තමයි validate කරන්නේ ඔයාලගේ එකවුන්ට් එක , බොහෝ විට වෙන්නේ $1 ක් කපාගෙන නැවත ඒක ආපහු දෙනවා .මේකේ free දෙන එකවුන්ට් එකේ $200 ක වටිනාකමකට මාසයක් පාවිච්චි කරන්න දෙනවා .මේකෙන් ඉගෙන ගන්න කෙනෙක්ට සැහෙන්න දෙයක් කරගන්න ඉගෙනගන්න පුළුවන් ඔය ඩොලර් දෙසීයෙන් .

හරි දැන් වැඩේ පටන් ගමු .

පළවෙනියටම මෙන්න මේ ලින්ක් එකට යන්න : https://azure.microsoft.com/en-us/free/

ගිහින් පහල තියෙන පියවර අනුගමනය කරන්න , අන්තිම පියවරේදී සමහර විට එරර් එකක් එන්න පුළුවන් එත් එකවුන්ට් එක ක්රියෙට් වේවි ඖලක් නැතුව .

1.Start Free කොලපාට බටන් එක උඩ ක්ලික් කරන්න


2. Create One ! මාර්ක් කරලා තියෙන තැන ක්ලික් කරන්න , Microsoft ඊමේල් එකවුන්ට් එකක් තියෙන කෙනෙක්ට මෙහෙම කරන්න ඕන නැහැ , මම මේ කියන්නේ අලුතෙන්ම එකවුන්ට් එකක් හදන හැටි . 



3. Get a New email address ලින්ක් එක උඩ ක්ලික් කරන්න 

4.ඊටපස්සේ පහල විදිහට තමන්ට කැමති විදිහට ඊමේල් ඇඩ්රස් එකේ මුලට එන්න ඕන කොටස ටයිප් කරන්න වෙන කවුරුහරි ඒ විදිහට අරන් නත්හ්ටම් එරර් එකක් නැතුව පහල වගේ පෙන්වාවි .එතනින් Next ක්ලික් කරලා ඉස්සරහට යන්න 

5. දැන් පාස්වඩ් එකක් දෙන්න කැරැක්ටර් 8 කට වැඩි , කැපිටල් ලෙටර් එකක් වත් , තියෙන ඉලක්කම් එකක් වත් තියෙන .
6.දැන් ඔබ මනුස්සයෙක් ද කියල මයිරෝසොෆ්ට් එක චෙක් කරනවා , රෝබෝලට දෙන්නේ නැති නිසා එක නිසා කොහොම හරි අර බලිය බලාගෙන එකේ තියෙන දේ පහල ලයින් එකේ ටයිප් කරන්න . :) :P ඔය තියෙන බලිය තේරෙන්නේ නැත්තම් ඔතන new කියන එක ඔබන්න එතකොට අලුත් බලියක් දෙවි.එකත් අමාරු නම් , Audio කියන එක ක්ලික් කරන්න එතකොට එක්කෙනෙක් එකේ තියෙන අකුරු ටික කියනවා එතකොට ටයිප් කරන්න .එහෙම කරලා next කරන්න .මට නම් අන්තිමට එරර් එකක් අවා ඔයාලටත් සමහරවිට එවි , ගණන් ගන්න එපා , ඒවෙනකොට අපේ වැඩේ වෙලා ඉවරයි .

හරි දැන් ඔය ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි මතක තියාගෙන යන්න https://portal.azure.com
ඔය පහල තියෙන ලොජින් පේජ් එකට යාවි , සමහර විට ඔයා අර එකවුන්ට් එක හදපු වෙබ් බ්‍රවුසරේම හිටියොත් මේකට ඔටෝමටික් ලොග් වෙයි , එත් එහෙම නොවුනොත් අර ඊමේල් එකයි පාස්වඩ් එකයි ගහල ඕකට ලොග් වෙන්න .

හරි ලොග් උනාහම පහල වගේ පෙන්වයි පොර්ටල් එකක් .



දැන් අපේ වැඩේ 50% ඉවරයි , ඊලගට කරන්න ඕන වැඩ ටික මම ඊළඟ ලිපියෙන් කියන්නම් .මතක් කරලා ඉතුරු ටික කරන්න අර ඊමේල් එකයි පාස්වඩ් එකයි ඕන හොඳේ එක කොහේ හරි ලියල තියාගන්න අමතක වෙනවා නම් . :)

එහෙනම් ජය වේවා , ඊළඟ ලිපියෙන් හමුවෙමු .!!!
   
Blogger Widgets