Friday, November 30, 2012

පරිගණක ජාලයකදී අන්තර්ජාල සම්භන්දතාව හවුලේ භාවිතා කිරීම -Internet Connection Sharing (ICS)..

    පසුගිය ලිපි වලින් වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති වලදී ෆයිල් සහ ෆොල්ඩර ෂෙයාර් කිරීම පිළිබඳව සාකච්චා කරනු ලැබුවා ඔබට මතක ඇති .මීළඟට අප පරිගණක ජාලයක අන්තර්ජාල සම්භාන්දතාව හවුලේ භාවිතා කිරීම සඳහා සකස් කරන අන්දම විමසා බලමු .
                                                                                            බොහෝවිට අපට ෂෙයාර් කිරීමට සිදු වන්නේ ,යූ.එස්.බී  USB හරහා පරිගණකයකට සම්භන්ද කරනු ලබන උපකරණවලින් ලබා ගන්නා සම්භන්දතා වේ .ADSL Router හරහා ලබාගන්නා ජාල සම්භාන්දතාව , ජාලයේ පරිගණක සම්භන්ද කර ඇති ස්විචයකට සම්භන්ද කිරීමෙන් සියලුම පරිගණක වලට ලබාදිය හැක .නමුත් HSDPA - Mobile Broad Band සම්භන්දතා හරහා ලබාගන්නා අන්තර් ජාල සම්භන්දතා පරිගණක ජාලයකදී බෙදා හැරීමට නම් , ඒ සඳහා Internet Connection Sharing -ICS සැකසුම් කල යුතුය .

                                         මෙහිදී අන්තර්  ජාලයට සම්බන්ධ පරිගණකය හොස්ට් HOST  ලෙසත් එය හරහා අන්තර්ජාල පහසු කම ලබන පරිගණක ක්ලයන්ට් CLIENT ලෙසත් හඳුන්වමු .

                      Windows XP හිදී අන්තර් ජාල සම්භන්දතාව හවුලේ භාවිතය , හෙවත් ඉන්ටර්නෙට් ෂෙයාරින් සැකසුම් කිරීමට පහත පියවරයන් අනුගමනය කරන්න .

1. Start -> Control Panel -> Network & Internet Settings ->Network Connection
2.මෙහිදී පරිගණකයේ ඇති සියලුම ආකාරයේ ජාල සම්භන්දතා ඔබට දැක ගත හැකිවේවි .
3.එයින් ඔබ දැනට අන්තර්ජාලය හා සම්බන්ධව සිටින පරිගණක ජාල සම්භාන්දතාව Network Connection
මත Right Click කර  Properties  වෙතයන්න
4.එයින් Advance tab වෙත යන්න .
5.ඉන්පසු Internet Connection Sharing යටතේ ඇති Allow other Network Users to connect through this Computer's Internet Connections, තොරන්න්න .
6.ඉන්පසු Home Connection Connection වෙත ගොස් ඔබ පරිගණක ජාලයට සම්භන්ද වී සිටින සම්භන්දතාව Connection  තෝරන්න ,බොහෝවිට එය Local Area Connection වේවි .
7.මෙහිදී අන්තර්ජාල භාවිතය සීමා කිරීමට අවශ්‍ය නම් , එසේත් නැතිනම් අන්තර්ජාලයට සම්භන්ද මෙම සැකසුම් සිදුකරන පරිගණකය අන්තර්ජාලයට සම්භාන්දනම් පමණක් අනෙක් ඒවාට සම්භාන්දතාව ලැබෙන පරිදි සැකසිය යුතුනම් ,Establish a dial up connection whenever a computer on my network attempts to access internet  යන්න එසේම තිබෙන්න හරින්න .එය තේරුවහොත් අනෙක් පරිගණක වල සිටද අන්තර්ජාල සම්බන්දතාව සම්බන්ද කිරීමට හැකියාව ලැබේ .

Dial Up සම්භාන්දතාවක්  යනු පොදුවේ අප පාවිච්චි කරන Mobile Braodbandමොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ,හෝ එස් එල් ටී SLT Dial Up ඩයල් අප් කනෙක්ෂන් එකක් හෝ සී ඩී එම් ඒ CDMA සම්භාන්දතාවක් ඔස්සේ අන්තර්ජාල පහසු කම ලබා ගැනීමේදී පාවිච්චි කරන ක්‍රමයයි .මෙහිදී අප විශේෂ අංකයකට ඩයල් කිරීමෙන් එහෙමත් නැතිනම් ඇමතීම මගින් අදාළ සබන්ධතාව ඇති කරගන්නා බැවින් මෙවැනි සම්බන්දතාවකට  Dial Up සම්භාන්දතාවක් යයි කියනු ලැබේ .

8.දැන් OK කරන්න .




9.ඉන්පසුව ඔබට පහත පරිදි මැසේජ් එකක් ලැබේවි

When Internet Connection Sharing is enabled, your LAN adapter will be set to use IP
address 192.168.0.1. Your computer may lose connectivity with other computers on
your network. If these other computers have static IP addresses, it is a good idea to set them
to obtain their IP addresses automatically. Are you sure you want to enable Internet
Connection Sharing?


එහිදී yes යන්න තෝරන්න .

ඉන්පසුව ඉන්ටෙර්නෙට් සම්භාන්දතාව මත ඩබල් ක්ලික් කර පහත පරිදි Any one who use this computer යන්න තෝරා ඩයල් බටනය ක්ලික් කර අන්තර්ජාලයට සම්භන්ද වන්න .




ඉන්පසු ඔබ LAN කනෙක්ෂන් හි Properties පරීක්ෂා කළහොත් එහි අයි.පී   ඇඩ්රස් එක 192.168.0.1 /255.255.255.0 ලෙස වෙනස් වී ඇති බව පෙනෙනු ඇත .දැන් ඔබ හොස්ට් පරිගණකයේ සිදුකලයුතු වෙනස් කම් සිදු කර අවසානයි .දැන් කලයුත්තේ ක්ලයන්ට් පරිගණක වල 

192.168.0.2 සිට 192.168.0.254 දක්වා වූ අයිපී ඇඩ්රස් පරාසය අතරින් කැමති අයුරින් යෙදීමයි .
සබ්නෙට් මාස්ක් Subnet Mask  එක 255.255.255.0 ලෙසද , ගේට්වේ Gateway  සඳහා සෑම පරිගනකයදීම 192.168.0.1 යෙදීමයි .

දැන් ඔබට අනෙකුත් පරිගණකවලින් අන්තර්ජාල පහසු කම ලබා දී අවසන් .

හොස්ට් පරිගණකය අන්තර්ජාලයට සම්භාන්දවී නොමැති අවස්ථාවක
Establish a dial up connection whenever a computer on my network attempts to access internet  යන්න තෝරා ඇත්තම් ,ජාලයේ ඇති අනෙක් පරිගණකයකින් අන්තර්ජාලයට පිවිසීමට උත්සාහ කිරීමේදී  ඔබට දෙවැනි රුපයේ පරිදි කනෙක්ෂන් ඩයලොග් ස්ක්‍රීන් එක පෙන්වාවි එවිට ඔබ සිදු කල යු තු වන්නේ ඩයල් කිරීම පමනයි එවිටද, ජලයේ සම පරිගණකයකින් ම අන්තර්ජාල ය භාවිතා කල හැකිවේ .

වින්ඩොව්ස් සෙවන් හීදීද මෙය මේ ආකාරයෙන් සිදු කල හැකිය .එය බොහෝ දුරට මෙම පියවරයන් හා සමාන වේ .

වින්ඩොව්ස් සෙවන් හිදී  ලැබෙන ඉන්ටනෙට් කනෙක්ෂන් ෂෙයරින් ස්ක්රීනය 

උත්සාහ කර බලන්න ,මෙම ලිපිය බොහෝ දෙනෙකුට වැදගත් වේවි යයි විශ්වාස කරමි .ඉදිරියේදී ලිනක්ස් , සහ ඇපල් පරිගණක වලදීද වැදගත් නෙට්වර්ක් සෙට්ටින්ග්ස් සකසන ආකාරය ඔබ වෙත ගෙන එන්නම් .

ඔබට ජයෙන් ජය !.











5 comments:

  1. meka digatama karagena yannada.. thaniyama netwrking karana puluwan thathwetama padam danna..
    clz wala wiyadam karanna amaru ayata me wage thanakin hari iganagena exam karala honda thanakata yanna puluwan thathwetama lesson danna aiya!

    great ur job,, gud luk!

    ReplyDelete
  2. ඉල්ලලා ගන්න කමෙන්ට්ස් වලට වඩා තමන්ට හිතුනු දෙයක් මෙතන දාල යන එකට මම කැමති .බොහොම ස්තුතියි.මම දන්නා දේ දන්නා විදිහට හැමෝටම දෙනවා .එකෙන් දෙයක් ගන්න ඕන කෙනෙක් දෙයක් ගනීවි , මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ තනියම .එක නිසා මම දන්නවා අමාරු තැන් .එක නිසයි මේක මෙවිදිහට සිංහලෙන් ම දාන්න හිතුනේ ගොඩක් අයගේ ප්‍රයෝජනය වෙනුවෙන්.

    ReplyDelete
  3. අඩේ මම හොය හොය හිටපු දෙයක් මේ..සිංහලෙන් ඒක කියල දෙන තැනක් දැකගන්න ලැබුන එක සතුටක්..ගොඩක් ස්තූතියි..දිගටම කරගෙන යන්න :)

    ReplyDelete
  4. පට්ටම පට්ටයි නියමෙටම ලියලා තියෙනවා. දිගටම ලියන්න ජය වේවා

    ReplyDelete
  5. කියන්න වදන්නෑ ඒ තරමි වැදගත් ලිපියක්

    ReplyDelete

Blogger Widgets