Friday, December 21, 2012

මීළඟ ලිපිවලට ප්‍රථම .....

                                  මේදක්වා ඔබවෙත ඉදිරිපත් කල පාඩම් සියල්ලම ඔබ අධ්‍යනය කළා නම් අද ඔබට  තමන්ගේ  පරිගණක  ජාලයක්  තමන්  විසින් සකසා  ගැනීමේ හැකියාව තිබිය යුතුය  .වැදගත්  වන්නේ එක්පියවරක් පමණක් තබා ,අපහසුතා , අමාරු තැන් වලදී අතහැර නොදමා උත්සාහ කිරීමයි .තමන් දෙයක් හිතන්නට පුරුදු වීමයි .එක ලිපියකින් ,එකමොහොතකින් විෂයකට අදාළ සියලුම කරුණු දැක්වීම අපහසු කටයුත්තකි .එනිසා ඕනෑම දෙයක් හොඳින් ඉගෙනීමට ආශාවක් තිබිය යුතුය ඉවසීම තිබිය යුතුය .
                                                                මා විශ්වාස කරන්නේ ඕනෑම විෂයක් ඉගෙන ගත යුත්තේ මුලික කරුණු වලින් බවයි , කොතරම් ඒවා මගහැර ඉගෙන ගන්නට ගියත් අවසානයේ ඔබ කොතැනක හෝ පටලෙනු ඇති .මුඋලික සංකල්ප බොහෝදෙනකුට ,ඉගෙනගන්නා විට ඉතාමත් කම්මැලි ස්වභාවයක් ඇති වෙයි .එහෙත් ඒවගේ ඇති වැදගත් කම පසුවට තේරුම් යන්නේ , කොතැනක හෝ "ඇනගත් හෝ නාගත් " විටය .
                                                                 මිනිසා විසින් නිර්මාණය කරන ඕනෑම දෙයක් නිර්මාණය වන්නේ  එක් මුලික සංකල්පයක් මතය, ඒ මුලික සංකල්පය එකිනෙකාගේ මත , දැක්ම මත වැඩි දියුණු වීමෙන් ,වඩාත් හොඳ නිර්මාණයක් බිහිවෙයි .නමුත් යම් හෙයකින් මුල් සංකල්පයේ තිබු අඩුපාඩුවක් නිසා යම් දියුණු කිරීම කරගෙන යත්දී  යම් කිසි අවස්ථාවක  එසේ කිරීමේදී ගැටලුවක් ඇති වුයේ නම් , අප යලිත් යොමු වන්නේ මුලික සංකල්පය දෙසට නොවේද ?.මුලික සංකල්ප දැන සිටීම වැදගත් වන්නේ එනිසාය.අනෙක් කරණය නම්  මුලික සංකල්ප දන සිටීමෙන් එ පිලිබඳව මනා අවබෝධයක්  ඇතිවෙයි .
                                                                                 කොතරම් පොත පත කියෙව්වත් ,ප්‍රයෝගිකව ඉගෙන ගත යුතු දේ තමන් විසින් අත්හදා නොබලන්නේ නම් , හෝ විෂයට "බහින්නේ" නැති නම්  ,ඔබ කරන්නේ ගොඩ ඉඳන් පිහිනීමට ඉගෙන ගන්නා දෙයට සමාන දෙයකි . ප්‍රයෝගික ක්‍රියාකාරකම් නොමැතිව පරිගණක ජාලකරණ හෝ අනෙක් තාක්ෂණ විෂයන් කිසිවකින් පල ප්‍රයෝජනයක් ගත නොහැකිය.විභාග පරීක්ෂණ සමත් වූ පමණින් විෂය ඔබට පැහැදිලි වූ බව විශ්වාස කරන්නේ නම් , ඒ ඔබගේ නොදැනුවත් කමය .ප්‍රශ්න අභියෝග එන්නේ තනිවම වැඩ කරන්නට ගිය විටය , මා අත් දැක ඇති සුලභම කාරණය නම් , විභාග හොඳින්  සමත් වූ බොහෝ දෙනෙකුගේ ප්‍රයෝගික දැනුම ඉතාමත් පහල මට්ටමක පැවතුන බවයි .මෙයින් මා විභාග , පරීක්ෂණ පහත හෙලා හෝ , ඔවුන්ව පහත හෙලා හෝ කතා නොකරමි . එයට ද දක්ෂ කම තිබිය යුතුය .
                                                                        පවතින ක්‍රමය අනුව බොහෝ ආයතන රැකියා ලබා දීමේදී තවමත් , සහතික වලට ප්‍රමුඛ තාව ලබාදී , සේවකයන් බඳවා ගන්නා බව මා දන්නා සත්‍යයකි.නමුත් එසේ නොමැති ආයතනද ඇත .මා ලත් ඇත දැකීම වලට අනුව ඔබ විෂයක් ප්‍රගුණ කර ඇත්තම් , එයට අදාලව ලබා ගත යුතු ,අන්තර් ජාතිකව පිළිගන්නා ආයතනයක අමාරුවෙන් හෝ ,විෂය මාලාව හදාරා සහතික පත්‍රයක් ලබා ගන්න .මුදල් දුෂ්කරතා ඇති ගොඩක් දෙනාට සමහර විට මේ දෙය කුණු හරුපයක් විය හැකිය .එහෙත් ඔබේ උත්සාහයට  අනෙක් සියලු දේ පරදා ඔබට අවශ්‍ය තැනට ඒමට පාර තැන දිය හැකි බව මතක තියාගන්න .
                                             ජීවිතයේ තමන් ආසකරන පැත්තකින් තමන්ගේ රැකියාව තෝරාගන්න , එවිට ඔබට කිසිවිටෙකත් රැකියාව එපා නොවෙනු ඇත , තාව කාලිකව එපා උනත් අයෙත් හිත ඒ පැත්තට හැරේවි .
ජීවිතයේ හැකිතාක් කාලයක් , පුංචි දෙයක් හෝ ඉගෙන ගන්න , පොතක් පතක් ගැනීමට කීයක් හෝ වෙන් කරන්න .ඉගෙන ගත් කිසි දෙයක් අපතේ නොයනු ඇත .
                                                                                            ජීවිතය කියන්නේ ඇත්තටම සල්ලි විතරක්ම නොවන බව මතක තියාගන්න , කොතරම් සල්ලි තිබුනත් , ඔබට හිතේ සතුට , සහැල්ලුව කිසිම දාක සල්ලි වලින් මිල දී ගත නොහැක .ඇතැමෙක් මේ ප්‍රකාශයට ," සල්ලි තිබෙනාවානම් , ඕනකරන දේවල් හැම දෙයක්ම ගන්න පුළුවන් එතකොට සතුටින් ඉන්න පුළුවන් "යයි විශ්වාස කරනවානම්, උත්සාහ කර බලන්න , මේලෝකේ සැහැල්ලුවෙන් නිදහසේ  ජීවත් වෙන්නේ සල්ලි යාන වාහන තියෙන මිනිසුන්ද , සීමිත අවශ්‍යතා වලින් ජීවත් වෙන මිනිසුන්ද කියා .තර්කය කෙසේ වෙතත් , ඇත්ත තත්වය ඔබගේ හිත ට දැනෙන දෙයයි .කියන දෙය නොවෙයි .
                                                   විෂයට අදාල නොවූනත් ජීවිතයේ අත් දැකපු , මගේ ජීවිතේට එකතු කරගත්තු දේවල් වලින් කොටසක් මම මේ විදිහට ගෙනාව .ඒ තවත් කෙනෙකට මේකෙන් තමන්ගේ මාර්ගය හදාගන්න පුංචි හරි උදව්වක් වෙවී කියන අරමුනෙන් .
                                                                                    කිසිවෙකුට ඊර්ෂ්‍යා කිරීමෙන් ඈත් වෙන්න ,අනෙක් නැසීමට නැති කිරීමට වියදම් කරන සල්ලි , කාලය ඔබගේ දියුණුවට වැය කරන්න .අනුන් නැති කිරීමෙන් ඔබට කිසිවක් ලැබෙන්නේ නැත , ඔබට වන්නේ පාඩුවක් මිස වෙන කිසිම දෙයක් නොවෙන බව මතක තියාගන්න .අනුන් කරන දේ ගැන නොව තමන් කලයුතු දේ ගැන හිතන්න හොයන්න .උත්සාහ කරබලන්න .

මේ වෙන තාක් මට සියලුම ආකාරයෙන් මෙය කරගෙන යාමට අනුබල දුන් හැමෝටම මගේ ස්තුතිය පලකරමි !

අලුත් මාතෘකාව කින් මීළඟ ලිපියෙන් හමුවෙමු !
                                                   
ඔබට ජයෙන් ජය !


9 comments:

  1. ගොඩක් වැදගත් බ්ලොග් 1ක් . windows sever 2008 මෙභෙයුම් පද්ධතියේ ඇති roles පිලිබදව පාඩමක් ඇතුලත් කරන්න පුලුවන්නම් ගොඩක් වැදගත් වේවි. දිගටම කරගෙන යාමට සුබපතනවා. ස්තුතියී

    ReplyDelete
  2. නියම වැඩක්..thanx කරනවා මේ වැඩේට ගොඩක්. මේ බ්ලොග් එක දිගටන කරගෙන යන්න..(y)

    ReplyDelete
  3. ගොඩක් වටින අසහස් ටිකක්.බ්ලොග් එක සාර්ථකව කරගෙන යන්න මගෙන් සුබ පැතුම්

    ReplyDelete
  4. SEVER ekata ahu novi net use karanne kohomada?

    ReplyDelete
    Replies
    1. මොන සර්වරයකටද ?, ප්‍රොක්සි සර්වර්ස් නම් බයිපාස් කරන්න පුළුවන් .

      Delete
  5. ගොඩක් හොද වැඩක් නියමයි.ඔබට සදා ජය.ගොඩක් පිං ඔයාට දැණුම ලබා දෙනවට.වඩවඩාත් සර්ථක වේවා ඔබට.තෙරැවන් සරණයි ඔබට!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ! හැමෝටම !

      Delete
  6. කොහොමද බයිපාස් කරන්නේ,ලෑන්ඩ් සෙටින්වල තියෙන බයිපාස් එකට ටික් එක දැම්මම හරිද

    ReplyDelete

Blogger Widgets