Friday, April 13, 2012

IP Address -අයි පී ඇඩ්රස් -හතරවන කොටස ....

ගිය ලිපියෙන් සඳහන් කරන්නට පටන් ගත් කොටසේ ඉතිරි කොටස දැන් සලකා බලමු .

ඉහත සඳහන් රුපයට අනුව හා ගියවර ලිපියෙන් පැහැදිලි කරන ලද අන්දමට අයි පී ඇඩ්රස් එකක පන්තිය එහෙමත් නැත්තම් ක්ලාස් ඒක තීරණය වන්නේ පළමු එහෙමත් නැත්තම් ෆ්රස්ට් ඔක්ටෙට් (first Octet) හි අගය පරාසය අනුවයි .

ඒඅනුව Class A  001.XXX.XXX.XXX  ~ 126.XXX.XXX.XXX 
           Class  B  128.XXX.XXX.XXX  ~ 191.XXX.XXX.XXX
           Class  C  192.XXX.XXX.XXX  ~ 223.XXX.XXX.XXX ආකාර වේ .

දැන් අපි අයිපී ඇඩ්රස් ක්ලාසස් ගැන දැනුමත් සමග ඊළඟ පියවර වෙත යොමුවෙමු .මෙම වර්ගීකරණයේදී අයිපී ඇඩ්රස් එකක්  තවත් ක්‍රමයකට බෙදනු ලබයි .

එම ක්රමයට අනුව ක්ලාස් ඒ Class A අයිපී එකක මුල් ඔක්ටෙට් ඒක නෙට්වර්ක් අයි ඩී Network ID ඒක  ලෙසද අනෙක් ඔක්ටෙට්ස් තුන  Host ID ලෙසද නම් කෙරේ .ඒ අනුව මෙයින් කියවෙන්නේ මුල් ඔක්ටෙට් ඒක නෙට්වර්ක් ඒක හඳුනා ගැනීමටත් අනික් ඔක්ටෙට්ස් තුන ඒ හා සම්භන්දව ඇති පරිගණ එහෙමත් නැත්තම් පොදුවේ හොස්ට් Hosts හදුනා ගැනීමට භවිතා කරනබවයි .

උදාහරණයක් හැටියට ක්ලාස් ඒ Class A අයිපී එකක් ගෙන බලමු 

126.xxx.xxx.xxx වු විට නෙට්වර්ක් අයි ඩී ඒක 126 වන අතර අනෙක් කොටස හොස්ට් අයිඩීස් ලෙස ගැනේ , නෙට්වර්ක් එකකදී නෙට්වර්ක් අයිඩී ඒක එහා සම්භන්ද සියලු පරිගණක සඳහා එකම වේ .එසේ නම් අපිට වෙනස් කල හැක්කේ ඉතිරි ඔක්ටෙට්ස් තුනයි .අයිපී ඇඩ්රස් අනුව එහි පරාසයන් අනුව ගණනය කළහොත් ක්ලාස් ඒ Class A අයිපී  එකක් සඳහා හොස්ට් මිලියන 16 ක් සම්භන්ද කල හැක . එහි පරාසය 126.0.0.0 සිට 126.255.255.255. දක්වා  වේ ඒ ඒ අතර ඇති අයිපී ඇඩ්රස් ගණන මිලියන 16 ක්  බවයි ඉහල පැහැදිලි කර ඇත්තේ . ඉහත රුපයෙන් දැක්වෙන වගුවේ  තුන්වන සිරස් තීරුවේ දක්වා ඇත්තේ  ඒ ඒ අයිපී ඇඩ්රස් ක්ලාස් සඳහා වලංගු හොස්ට් ඇඩ්රස් ප්‍රමාණයයි .අවසාන තීරුවෙන් පෙන්වා ඇත්තේ ක්ලාස් ඒකෙන ක්ලාස් එකෙට නෙට්වර්ක් අයිඩී සහ හොස්ට් අයිඩී කොටස තෝරාගන්නා ආකාරයයි .

අයි පී ඇඩ්රස් පිළිබඳව කටයුතු කරන ආයතනය IANA (Internet Assigned Numbers Authority) විසින් ක්ලාස් ඒ අයිපී ඇඩ්රස් නිකුත් කිරීම නවතා ඇත .දැනට ක්ලාස් ඒ අයිපී ඇත්තේ ඉතා සීමිත IANA (Internet Assigned Numbers Authority) පටන් ගැනීමට පෙර එම අයිපී ලබාගත් ආයතන 45 ක් පමණි .ක්ලාස් බී අයිපී ඇඩ්රස් මධ්‍යම ප්‍රමාණයේ ජාල එනම් කැම්පස් නෙට්වර්ක්ස් සඳහා යොදාගැනේ .

මෙහෙදී දැක්විය යුතු තවත් වැදගත් කරුණක් නම් මෙම අයිපී සම්භන්දයෙන් ක්‍රියාත්මක වෙන තවත්          ආයතනයක් වෙයි .එය Internet Network Information Center (InterNIC) ලෙස හඳුන්වනු ලබයි .අපට අන්තර්ජාලය හෙවත් ඉන්ටර්නෙට් හා සම්භන්ද වීමට මෙම ආයතනය මගින් එසඳහා වෙන්කරනලද අයිපී ඇඩ්රස් අත්‍යවශ්‍යවේ .මෙසේ Internet Network Information Center (InterNIC) මගින් අන්තර් ජාලය හා සම්භන්ද වීම සඳහා ලබා දෙන අයි පී ඇඩ්රස්  පබ්ලික් අයිපී ඇඩ්රස් (Public IP Address) ලෙස හඳුන් වනු ලබයි .මෙම අයිපී ඇඩ්රස් අපට ලැබෙන්නේ අන්තර් ජාල  සේවා සපයන්නා ( Internet Service Provider ) එහෙමත් නැතිනම් ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් හරහා වේ .එම අන්තර්ජාල සේවා සපයන්නන් වැඩි ප්‍රමාණයක් දුරකථන ජාල අයතනවේ .නමුත් අන්තර්ජාල පහසුකම පමණක් ලබාදෙන ආයතනද තිබේ .
කෙසේ වුවත් මෙතනදී ඇතිවන ප්‍රධාන ගැටලුවනම් අන්තර්ජාල සපයන්නා ඔවුන් හරහා සම්භන්ද වන සියලුම උපකරණ සඳහා අයිපී ඇඩ්රස් ඒක බැගින් නිකුත් කලයුතුවීමයි .

මෙම ගැටලුව මගහරව ගැනීමට Internet Network Information Center (InterNIC) විසින් භාවිතය සඳහා වෙන්කරනලද අයිපී ඇඩ්රස් පරාසයන් එනම් අයිපී ඇඩ්රස් පූල් (IP address Pool) වෙන්කර දී ඇත .
ඒවා පහත පරිදි වේ .

  • 10.0.0.0 with the subnet mask 255.0.0.0
  • 172.16.0.0 with the subnet mask 255.240.0.0
  • 192.168.0.0 with the subnet mask 255.255.0.0
ඔබ අන්තර්ජාලය හා සම්භන්දව ඇති විට ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නා විසින් ඔබට එමොහොතේ ලබාදී ඇති අයිපී ඇඩ්රස් ඒක ඔබට දැනගැනීමට ක්‍රම ඇත ,එවැනි සේවසපයන වෙබ් අඩවි අන්තර්ජාලයේ විශාල ප්‍රමාණයක් ඇත . ඔබ මේ වෙබ් අඩවියට ඇතුල් වුවහොත් http://www.whatismyip.com/ ඔබට ඔබේ පබ්ලික් අයිපී ඇඩ්රස් ඒක දැක බලා ගත හැකිය .ඉහත මා වෙන්කර යටින් ඉරි ඇඳී කොටස හොඳින් මතක තබාගන්න .ඔබට ලැබෙන්නේ Internet Network Information Center (InterNIC) විසින් වෙන්කරනලද අයිපී ඇඩ්රස් එකක් නොව ,ඔබගේ සේව සපයන්නා ඔබට ලබාදෙන අයිපී ඇඩ්රස් එකයි .

අන්තර්ජාලය හා සම්භන්දවීමේදී සිදුවන ක්‍රියාදාමය තරමක් සංකීර්ණ එකකි එය සරලව වටහා දීමට ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙමි.







Thursday, April 12, 2012

IP Address -අයි පී ඇඩ්රස් -තුන්වන කොටස ....

ගිය සතියේ අප බහුලව භාවිතා කරනු ලබන මෙහෙයුම් පද්ධති කිහිපයක අයි පී ඇඩ්රස් පරීක්ෂාකරන අන්දම දැනගත්තා .දැන් අපි අයිපී ඇඩ්රස් ගැන තවදුරටත් සලකා බලමු .

ගියවර ලිපියේ සඳහන් කරනලද විස්තර අනුව අයි පී ඇඩ්රස් එකක් සාමාන්‍යයෙන් AAA.BBB.CCC.DDD ආකාරයේ බව පෙනෙනු ඇත .එනම් අංක තුනක සංඛ්‍යා 4 ක් තිතවලින් වෙන්කර ඇති පරිදි ඔබට පෙනෙනු ඇත .නමුත් අපට සිතෙන ආකාරයට එසේ සිතෙන සිතෙන අංක දැමීමට අවකාශ නොමැත . මූලිකවම මේ පිළිබඳව එනම් අයිපී ඇඩ්රස් සම්භන්දයෙන් සම්මතයන් පවත්වාගෙන යන්නේ IANA- INTERNET ASSIGNED NUMBERS AUTHORITY ,නමුත් මෙහා සම්භන්ද ආයතන ගණනාවක් මේ සඳහා සහ සම්භන්දව සිටී .

අයිපී ඇඩ්රස් එකක් අපට දිස්වන ආකාරය AAA.BBB.CCC.DDD ලෙස දැක්විය හැකි බව මා ඉහත සඳහන් කලෙමි .ඇත්තටම අපට පෙනෙන ලෙසට අයි පී ඇඩ්රස් ඒක එසේ උවත් පද්ධතිය ඇතුලත මෙය සඳහන් වන්නේ බයිනරි එහෙමත් නැත්තම් දෙකේ පාදයේ සංඛ්‍යා කොටස් 4 ක් වශයෙනි .මෙම කොටස තේරුම ගැනීමට ඔබට දෙකේ පාදයේ සංඛ්‍යා පිළිබඳව දැනුම අවශ්‍ය වේ .ඔබට දෙකේ පාදයේ සංඛ්‍යා පිළිබඳව 9,10
වසර පාසැල් පොත්පත්වලින් ඕනෑවටත් වඩා හොඳින් ලබාගතහැකිය .එහෙත් එය මෙතනදී විස්තර කෙරෙන්නේ අවශ්‍ය කොටස් පමණක් බව සිහියේ තබාගන්න .

                               අයි පී ඇඩ්රස් එකක් AAA.BBB.CCC.DDD යන ආකාරයට දැක්වුවහොත් මෙම අයිපී ඇඩ්රස් එකෙහි එක කොටසක අගය 0 සහ 255 අතර අගයක් පමණක් ගනී .එසේ වීමට හේතුව දැන් පැහැදිලි කරන්නම් .

උදාහරණයක් ලෙස අපි ප්‍රයෝගිකව යොදාගන්නා අයි පී ඇඩ්රස් එකක් සලකා බලමු .

                                             Eg;- 192.168.128.122
කලින් ඔබ අයිපී ඇඩ්රස් පරීක්ෂා කරන අන්දම පෙන්වා දුන් ලිපියේදී ඔබ දුටුLocal Area Connection Properties  හි  Internet Protocol (TCP/IPv4) ට අනුව අයිපී ඇඩ්රස් ඒක 32 bit බයිනරි කේතයකි . එවිට අයිපී ඇඩ්රස් ඒක කොටස් හතරකින් යුක්ත නිසා ,එක කොටසකට බිට් 8 ක කොටසක් අයත් වෙයි .එනම් දෙකේ පාදයේ අංක අටක අයත්වෙයි .එය පහත නිදසුනෙන් පැහැදිලි කරගනිමු .

                                                192 .168.128.122  මෙය දක්වා ඇත්තේ දහයේ පාදයෙනි
192 යනු දෙකේ පාදයෙන් 11000000,
168 යනු දෙකේ පාදයෙන් 10101000,
128 යනු දෙකේ පාදයෙන් 10000000,
122 යනු දෙකේ පාදයෙන් 01111010,


ඒ අනුව අයිපී ඇඩ්රස් ඒක බයිනරි වලින් ලියුවොත් 

                                               11000000.10101000.10000000.01111010 
ලෙස ලැබේ .අයිපී ඇඩ්රස් එකක එක කොටසක් බිට් 8 කින් සමන්විතවන වන බව දැන් ඕබට වැටහෙන්නට ඇතැයි සිතමි .මෙම එක කොටසකට OCTET ඔක්ටෙට් එකක් එහෙමත් නැතිනම් අෂ්ටකයක් ලෙස කියනු ලැබේ .දෙකෙ පාදයේ ගණිතය අනුව මෙම එක කොටසකට එනම් ඔක්ටෙට් එකකට ගත හැකි උපරිම අගය බයිනරි වලින් 11111111 කි එය ඩෙසිමල් එනම් දහයේ පදයේ එනම් අපි සාමාන්‍ය ගණිතයේදී භාවිතාකරන ගණිතයට අනුව 255 වේ .ඔක්ටෙට් එකකට ගත හැකි අවම අගය 00000000 වේ .එනම් දහයේ පාදයෙන් 0 වම වේ .දැන් ඔබට ඉහත සඳහන් ඔක්ටෙට් එකක අගය 0 සහ 255 අතර වෙනස් වන අයුරු පැහැදිලිවන්නට ඇත .

මෙම ඔක්ටෙට් එකක අගය 0 හා 255 අතර වෙනස් උවත් අපට ඕන ඕන ආකාරයට මෙම ඔක්ටෙට් හතරට යෙදිය නොහැක .එය සඳහා පිළිගත් ක්‍රමයක් ඇත මෙමෙ ක්‍රම හඳුන්වා දෙන්නට හේතු ඔබට ඉදිරිලිපිවලදී  පැහැදිලි වනු ඇත .මෙම ක්‍රමය අනුව අයිපී ඇඩ්රස් පන්ති වලට බෙදා ඇත .ඒඅනුව මුලික වශයෙන් Class A, Class B ,Class C හා ඊට අමතරව Class D ,Class E වශයෙන් පන්ති පහක් හඳුන්වා දී තිබේ .මෙම බෙදීම සඳහා උපයෝගී කරගන්නේ පලවෙනි ඔක්ටෙට් එක සඳහා වෙන්කරනලද අගයන් මගිනි .

ඒඅනුව 


මෙහි Max Hosts සහ Format යන දේවල් ඊළඟ ලිපියෙන් පෙන්වා දෙන්නම් .
,


   

Saturday, April 7, 2012

IP Address -අයි පී ඇඩ්රස් -දෙවන කොටස ....Mac OS/Linux හා Windows 7 මෙහෙයුම් පද්ධතිවල අයිපී ඇඩ්රස් පරීක්ෂාකරන අන්දම ..

ගිය ලිපියෙන් වින්ඩොව්ස් එක්ස්පී මෙහෙයුම් පද්දතියේ අයි පී ඇඩ්රස් ඒක සොයාගන්නා ආකාරය පෙන්වා දුන්නා .මීළඟට වින්ඩොව්ස් සෙවන් මෙහෙයුම් පද්දතිය සහිත පරිගනකයක අයි පී ඇඩ්රස් ඒක සොයාගන්නා ආකාරය සලකා බලමු .ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න .


Press Start Button --> Control Panel--> Network and Sharing Center -->Change adapter Settings 











මෙතැනින් පසුව ඇති පියවරයන් කලින් සඳහන් කරන ලද වින්ඩොව්ස් එක්ස් පී සඳහා අනුගමනය කරනලද පියවරයන්ම වේ .


ලිනක්ස් මෙහෙයුම් පද්දතියේ දී අයි පී ඇඩ්රස් පරීක්ෂාකරන හා වෙනස් කරන  අන්දම 



  1. Select Application -> System Settings ->Network.
    Open Network Configuration
  2. On Network Configuration and Devices tab, you’ll see available network card on the PC. In this example, the PC has 1 network interface card (NIC) and it’s currently inactive. Double click on the network interface card (NIC) that you want to configure to open its property.
  3. Select a network interface card to configure
  4. On Ethernet Device, you can configure the NIC to be either DHCP or static IP Address. When you finish, click OK.
    Configure IP Address
  5. There is a pop-up message ask for activate the NIC. Click Yes to enable the NIC.
    Activate the NIC
  6. The NIC will be restarted to reload the new configurations and the NIC is active now.
    The NIC is actived

ඇපල් එහෙමත් නැත්තම් මැක් ඕ එස් මෙහෙයුම් පද්දතියෙදී අයිපී ඇඩ්රස් පරීක්ෂාකරන /වෙනස්කරන අන්දම පියවරෙන් පියවර 

 Mac OS X v10.4.

StaticMac10.4AppleDropdown.jpg


Click the Apple icon in the upper left hand corner of your screen. Then click the System Prefreneces.. option.
StaticMac10.4SystemPrefrences.jpg


In the Internet & Network section click the Network icon.
StaticMac10.4NetworkStatus.jpg


Select the network connection you use to connect to the internet. It will be the one that has a green dot in front of it. The green dot means the connection is active. Then click the Configure button which is close to the bottom of the screen.
StaticMac10.4TCPIP.jpg


Click the Configure IPv4 drop down box and select the Manually option.
StaticMac10.4IPAddressSetup.jpg

Friday, April 6, 2012

IP Address -අයි පී ඇඩ්රස් -පළමුවන කොටස ....

ගියසතියේ අපි නෙට්වර්ක් ලේයර් ගැන සාකච්චා කළා ඔබට මතක ඇති .පලවෙනි ලේයරය පරිගණක ජාලයේ ඇති කේබල හා සංඥා නියෝජනය කරන බවත් , දෙවන ලේයරය මැක් ඇඩ්රස් භාවිතා කර සන්නිවේදනය ලබන ,උපකරණ  නියෝජනය කරන බවත්  ඔබට යම තරමකට හෝ පැහැදිලිවන්නට ඇතෑයි සිතමි .
දැන් අප සාකච්චා කරනු ලබන්නේ තුන්වන ලෙයරය  ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරගන්නටයි .දෙවන ලෙයරයේදී භාවිතවන නීති හෙවත් ප්‍රොටෝකෝලය මැක් MAC-Media Access Control Protocol නම් වෙයි .
ස්විචයක් පරිගණක අතර සන්නිවේදනයේදී එක් එක පරිගණකය වෙන්වෙන්ව හඳුනා ගන්නේ MAC Address
වලින් බව ඔබට පෙර ලිපියකදී හඳුන්වා දෙනු ලැබුවා .MAC Address යනු පරිගණක උපාංග නිෂ්පාදනයේදී ,අපගේ විෂය පථයට අනුව නෙට්වර්ක් කාර්ඩ් එකක නිෂ්පාදකයා  ඇතුලත් කරනු  හෙක්ස්‌ ,එනම් දහසයේ පාදයේ අංක යුගල 4 ක් අඩංගු කේතයකි .අනෙක් කරුණනම් ,මෙම කේතය තව එකක් හා කිසිසේත්ම සමාන නොවේ .මෙම කරුණු මතකයේ තබා ගෙන දැන් අපගේ ප්‍රධාන මාතෘකාව වෙත යොමු වෙමු .
                                                         
                                                              අයිපී ඇඩ්රස් IP Address -Internet Protocol Address ,ක්‍රියාත්මක වන්නේ නෙට්වර්ක් ලේයර් වලට අනුව තුන්වැනි ලේයරයේ වේ .පරිගණක අතර සිදුවන සන්නිවේදනයේදී යොදාගන්නා උපකරන බොහොමයක් ක්‍රියාත්මක වන්නේ පළමු ලේයර 3 ඇතුලත බව ඔබට වැටහෙන්නට ඇති බව විශ්වාස කරමි .මෙම ලේයර් ලෝවර් ලෙයර්ස් Lower layers ලෙස හඳුන්වනු ලබයි .ඒ අනුව අපගේ මාතෘකාව අනුව අප සකච්චා කරමින් සිටින්නේ අවසාන ලේයරය සම්භන්ධවය.

තවත් සඳහන් කලයුතු වැදගත්ම කරුණ නම් මෙම ඕ එස් අයි  නෙට්වර්ක් ලේයර් ආකෘති වලට අමතරව තවත් පිළිගන්නා ආකෘති කිහිපයක් ඇත ,TCP/IP Model, Cisco Academy වැනි ආකෘති ඒ අතරින් වැදගත් වේ .නමුත් බහුලව භාවිතාකරන ඕ එස් අයි  ආකෘතිය ගැන පමණක් මෙහිදී සලක බැලේ.

මෙම තුන්වන ලෙයරයෙදී ක්‍රියාත්මක වන අයිපී ඇඩ්රස් මත ක්‍රියාත්මක වන සන්නිවේදනයේදී අපට වැදගත්වන ප්‍රොටෝකෝලය TCP-Telecommunication control protocol වේ.පරිගණකය අයි පී සැකසුම් හෙවත් සෙට්ටින්ග්ස් සෑදීමේදී අප වෙනස්කම් සිදු කරනු ලබන්නේ TCP/IP SETTINGS වලයි .

ඔබට පරිගණක ජාලයක් හා සම්භන්ද වීමට නම් ඔබගේ පරිගණකයට අයිපී ඇඩ්රස් එකක් හා අදාල සැකසුම් සකසා තිබිම අනිවාර්ය වේ .පරිගණක ජාලයක පරිගණකයකට අයිපී ඇඩ්රස් ලබා දීමේ ක්‍රම 2 ක් භාවිතාවේ.
එකක් නම් STATIC IP අනෙක නම් DYNAMIC IP වේ.පරිගණකයකට ස්ථාවර අයිපී ලිපිනයක් ලබාදීම STATIC ස්ටැටික් ක්‍රමයේදී සිදු කරයි .DYNAMIC ක්‍රමයෙදී සිදු කරනු ලබන්නේ පරිගණක ජාලයක ඇති සර්වරයක් මගින් පරිගණක ජාලයට සම්භන්ද වන අවස්ථාවේදී තාවකාලික අයි පී ඇඩ්රස් එකක් ලබාදීමයි .
අප ජාලයෙන් විසන්ධිවී නැවත සම්භන්ද වීමේදී අපට නැවත ලබෙන්නේ වෙනත් අයිපී ඇඩ්රස් එකකි .මෙම ක්‍රියාවලිය පාලනය කරන සර්වරය DHCP -Dynamic Host Configuration Protocol  Server ලෙස හඳුන් වනු ලබයි .

දැන් ඔබගේ පරිගණකයේ අයිපී ඇඩ්රස් ඒක සොයාගන්නට උත්සහ කරමු .පළමුව වින්ඩොව්ස් එක්ස් පී Windows XP ඇති පරිගනකයක අයිපී ඇඩ්රස් ඒක සොයාගන්නා ආකාරය බලමු .

මේ සඳහා ක්‍රම කීපයක් ඇත එහෙත් සම්මත ක්‍රමය අනු ගමනය කරමු .

පළමුව මේ ආකාරයට යන්න

Start --> Settings -->Control Panel  ඉන්පසුව පහත රුපහි ඇති පියවර අනුගමනය කරන්න

1.open Network and Internet Connections

2.open Network Connections

3.Right click on Active Connection & Click on Properties 
ඉන්පසුව ඔබට පහත ආකාරයේ වින්ඩෝවක් දක්නට ලබෙයි 



මෙම රුපයට පරිදි ඔබ මීළඟට කලයුත්තේ Internet Protocol(TCP/IP) උඩ එක්වරක් ක්ලික් කර එය හයිලයිට් වු පසු දකුණු පස ඇති Properties බටනය ක්ලික් කිරීමයි .ඉන් පසු පහත පරිදි වින්ඩෝවක් ලැබුන හොත් ඔබේ පරිගණකයේ ඇත්තේ STATIC IP එනම් ස්ථාවර අයිපී ලිපිනයකි .



මෙහෙදී ඉහලම IP Address ලෙස සඳහන්ව ඇති ස්ථානයට ඉදිරිපසෙන් පෙන්වා ඇත්තේ එම පරිගණකයේ අයිපී ඇඩ්රස් එකයි .මෙය ඔබ ජාලයෙන් විසන්දි උවත් වෙනස් වන්නේ නැත .(අවශ්‍ය තාවක් නොමැති නම් මෙහි සඳහන් අගයන් වෙනස් කිරීමට යාමෙන් වලකින්න, මේ අගයන් වෙනස් උවහොත් ජලසම්භාන්දතාවේ දෝෂ ඇතිවිය හැක .එවැනි හානි සඳහා වගකියනු නොලබන බව කරුණාවෙන් සලකන්න )

ඔබට Internet Protocol (TCP/IP) Properties ලෙස ලැබෙන්නේ පහත ආකාරයේ වින්ඩෝවක් නම් එහි ඇත්තේ Dynamic IP එනම් ඩයිනමික් අයි පී ඇඩ්රස් එකකි .එය ඔබට මෙම වින්ඩෝවෙන් පෙන්වන්නේ නැත .

වින්ඩොව්ස් 7 ,හා අනෙකුත් ප්‍රධාන මෙහෙයුම් පද්දති කීපයක අයිපී ඇඩ්රස් පරීක්ෂා කරන අන්දම ඊළඟ ලිපියෙන් පෙන්වා දෙන්නම් .



                                         

Monday, April 2, 2012

Network Layers නෙට්වර්ක් ලේයර්ස්...

පරිගණක ජාලයක පරිගණක අතර සිදුවන දත්ත හුවමාරුව සිදුවන ආකාරය පිළිබඳව අපි ගිය ලිපියෙන් සාකච්චා කරනු ලැබුවා .එහිදී එම සිදුවන ක්‍රියාවලිය එක්තරා පිළිගත් ආකෘතියකට එනම් OSI Model-Open System Interconnected Model අනුව පැහැදිලි කරගත හැකි බව ඔබට පෙන්වා දුන්නා .
දැන් එම මොඩලය ට අයත් ස්තර 7 එහෙමත් නැතිනම් ලේයර්ස් 7 ගැන කෙටියෙන් සලකා බලමු .

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි .









7.මෙම ලෙයරයේදී අපට දත්ත තේරුම ගත       හැකිවන ආකාරයට  ඉදිරිපත් කෙරේ

6.බයිනරි වලින් එනම් 1010.. වලින් එවන ලද දත්ත කියවිය හැකි ආකාරයට සකස් කෙරේ


5.දත්හ ලෙබෙන අවස්ථාවේ සිට දත්ත ලැබී අවසාන වූ විට එය දැනුම් දීම මෙම ස්තරයෙදී සිදු කෙරේ .

4.මෙමගින් අදාල දත්ත නිවැරදිව අදාල ස්ථානයට යැවු බව ,හා වරදක් ඇති උවහොත් එය දැනුම දීමද සිදුකරයි .

3.අයි පී  ඇඩ්රස් භාවිතා කර දත්ත අවශ්‍ය   තැනට යැවීම සිදු කරන්නේ මෙම ලෙයරයෙදීයි.

.2.මැක් ඇඩ්රස් භාවිතයට ගන්නා හා ඒ භාවිතා කර දත්ත  යැවීම මෙහිදී සිදුවේ .

1.පරිගණක අතර සම්බන්දතාව ඇති කර ඇති කේබල් ,කනේක්ටර මෙම ලෙයරයෙන් නිරුපනය කර ඇත .


පරිගණක අතර සන්නිවේදනයේදී සිදුවන මෙම දත්ත ලේයර දත්ත පැකට්ටු හා  සම්භන්ද කිරීම හා ඉවත් කිරීම පහත රුපයෙන් පෙන්වා ඇත .

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි .

මෙම මොඩලය අනුව ගත් කල සාමාන්‍ය ස්විචයක් ක්‍රියාත්මක වන්නේ මෙහි දෙවන ලේයරය හෙවත් ඩේටාලින්ක් (Data Link) ලේයරයේ දීය .එම නිසා එවැනි උපකරණයකට ලේයර් ටූ (Layer Two )ස්විචයක් ලෙස හඳුන් වයි .මන්ද එය මැක් ඇඩ්රස් (MAC Address) භාවිතාකර ක්‍රියාත්මක වන නිසා බැවිනි .
                                                                                   නමුත් වර්තමානයේ ලේයර් ත්‍රී  (layer Three) හි ක්‍රියාත්මක වන ස්විච වෙළඳ පලේ මිලදී ගනීමට ඇත , ඒවා මැනේජබල් ස්විච එහෙමත් නැතිනම් ලේයර් ත්‍රී ස්විච ලෙස හඳුන්වයි .අප කුවුරුත් දන්නා රවුටර ක්‍රියාත් මක වන්නේද මෙම ලෙයරයෙමයි .මෙම ලෙයරයට අයත් උපාංග එකිනෙක දත්ත හුවමාරු කරනු ලබන්නේ අයිපී ඇඩ්රස් (IP Addess)භාවිතා කරමින් ය .

        මෙමගින් මෙම උපකරණ ක්‍රියාත්මක වීමට එක ලේයරයක් පමණක් භාවිතා වන බව අදහස් නොවේ ,උදාහරණයක් හැටියට ගත හොත් ස්විචයක් ක්‍රියාත්මක වීමට ෆිසිකල්(Physical) හා ඩේටාලින්ක්(Data link) යන ලේයර දෙකම අවශ්‍ය වේ .රවුටරයක්(Router) ,මැනේජබල් ස්විචයක්(Manageable Switch) ක්‍රියාත්මක වීම සඳහා ෆිසිකල්(physical) ,ඩේටාලින්ක්(Data Link) හා නෙට්වර්ක් (Network)යන ලේයර 3 නම අවශ්‍ය වේ .

මෙහිදී ඉහත මා භාවිතා කරන්නට යෙදුන මැනේජබල් ස්විචයක්(Manageable Switch) යනු කුමක් දැයි සිතෙනු ඇත .මෙහි හා සාමාන්‍ය ස්විච අතර ඇති වෙනස් කම නම් ,ඇතුලත ඇති  වැඩසටගනක් ප්‍රෝග්‍රෑම් එකක් භාවිතා කර එම ස්විචයේ ඇති පොර්ට්ස් වලට අයි.පී  ඇඩ්රස් යෙදීම ,සහ තවත් ආරක්ෂණ උපක්‍රම ආදිය ඇතුලත් උපකරණයකි .

අප ඉන්ටර්නෙට් භාවිත කරන විට  නෙට්වර්ක්‌ ලේයර හරහා පරිගණක දෙකක් හා ජලය හා සම්භන්ද අනෙකුත් උපකරණ හරහා  සිදුවන සන්නිවේදනය පහත රූපයෙන් ඔබට පැහැදිලි වනු ඇත .
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි 

දැන් ඔබට නෙට්වර්ක් ලේයර පිළිබඳව දල අදහසක් ඇති බව විශ්වාස කරමි .ඊළඟ ලිපියෙන් අයි පී ඇඩ්රස් පිළිබඳව සාකච්චා කරමු .

ඔබගේ අදහස් යෝජනා චෝදනා අගය කොට සලකමි .ස්තුතියි !

Blogger Widgets