Friday, December 9, 2016

පරිගණක ජාලයකදී දෝෂ නිරාකරණය - Network Troubleshooting - පලවන කොටස (part -01)

පසුගිය ලිපිවලින් කතාකල බොහොමයක් දේවල් ඔයාල තේරුම් ගන්න ඇති කියල විශ්වාස කරනවා.මෙතැනින් ඉස්සරහට යන්න ඉස්සරවෙලා , නෙට්වකින් වල ඉතාමත් වැදගත් කොටසක් එකියන්නේ දෝෂ හඳුනා ගැනීම සහ ඒවාට පිළියම් යෙදීම සම්බන්දයෙන් කතා කරන එක ඉතාම සුදුසුයි කියල මම හිතනවා.
               ඉතින් මේ ලිපිය ටිකක් දිග වෙන නිසා මම ඒක කෑලි වලට බෙදන්න හිතුව , එකට අනුව මේ යන්නේ පලවෙනි කොටස.

ඕනෑම පරිගණක ජාලයක පරිගණක ගණන වැඩිවෙන්න වැඩිවෙන්න එන ප්‍රශ්නත් ඒ හා සමානව වැඩිවෙනවා .එක තමයි ඇත්ත , මොනතරම් Structured උනත් එක වළක්වාගෙන ගෙනියන එක ලේසි වැඩක් නෙවෙයි .
මොකද නෙට්වර්ක් එකක් කියන්නේ කොටස් ගණනාවක එකතුවක්.ඒකනිසා පහත හේතුන් නිසා මේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් .

1. Hardware - හාඩ්වෙයාර් එහෙමත් නැත්තම් දෘඩාංග  සම්බන්ද ප්‍රශ්න  

ගොඩක්ම වෙලාවට දකින්න අහන්න ලැබෙන්නේ මේවා ගැන තමයි.මේවා ඉතාම සරල තැන ඉඳල ඉතාමත් සංකීර්ණ තත්වයට එන්න පුළුවන්.සාමාන්‍යයෙන් බහුලවම දකින්න ලැබෙන්නේ නෙට්වක් වයර් සහ කනෙක්ටර් වල දෝෂ. ලොක් කැඩුණු, පිපිරුම් සහ පලුදුවුනු  RJ45 කනෙක්ටර්ස්  ,වැරදි ආකාරයෙන් කේබල් Crimp කිරීම , ලාභ වර්ගයේ නෙට්වර්ක් අවුට්ලට් සහ Keystone Jacks , සහ කේබල්.හොඳම විදිහ තමයි Patch Panel සහ Switch අතරට , ඒවගේම   Information Outlet සහ  PC අතරට Ready Made /Factory Made එකියන්නේ කෙලින්ම අයතනයකින් නිෂ්පාදනය කරන කේබල් යොදන එක.

Ready Made Cable

දෙවැනි කාරණය කේබල් තමන්ම හදාගන්නවා නම් , හොඳ වර්ගයේ Crimping Tool එකක් පාවිච්චි කරන එක  , ඒවගේම හොඳ වර්ගයේ කනෙක්ටර්ස් සහ අමතක නොකර කේබලයේ දෙපැත්තටම නෙට්වර්ක් කේබල් බූට් - Boot දාන එක .එක කේබල්නෙ එකේ ආයු කාලය වැඩි කරනවා. නෙට්වර්ක් කේබල්  බූට්  දැකල නැත්තම් පහත රුපයෙන් බලාගන්න පුළුවන් .
Network Cable Boots

ඇත්තටම ඕකෙන් වෙන්නනේ RJ45 කනෙක්ටර් එකේ තියෙන ලොක් එක වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට ආරක්ෂා කරන එක.ලොක් එක කැඩුනොත් එතනින් එහාට එකේබල් එකෙන් වැඩක් නැහැ මොකද එක නෙට්වර්ක් පෝර්ට් එකට හරියට සම්භන්ද වෙලා තියෙන්නේ නැති නිසා.කම්මැලි කමට ඒවගේ කේබල් තියාගන්නවා කියන්නේ ඉතින් ඉල්ලන් කෑමක්.

 ඊළඟට වද දෙන්නේ  දෝෂ සහිත නෙට්වර්ක් ස්විචස් Network Switches , රවුටර්ස් -Routers ,ෆයර් වෝල්ස් Firewalls  , නෙට්වර්ක් කාඩ්ස් Network Cards සහ නෙට්වර්ක් ඇඩප්ටර්ස් Network Adaptors. ඒවගේම Network Loops , මේක වෙන්නේ සරලම  ආකාරයට ගත්තොත් කේබල්  එකක දෙපැත්තම ස්විච් එකට කනෙක්ට් කලහම පහත ආකාරයට  .නෙට්වර්ක් වයරින් එක හරියටම Structured නැත්තම් මේවගේ දෙයක් උනහම හොයනවා කියන්නේ ටිකක් අමාරු වැඩක් .

Network Loop 01

Another Type of Network Loop across multiple switches
උඩ රුපයෙන් පෙන්වල තියෙන විදිහටත් ස්විච දෙක තුනක් අතරෙත් මේවගේ ලුප් ඇතිවෙන්න පුළුවන් .බලපෑම තමයි නෙට්වර්ක් එක ගොඩක් ම ස්ලෝ වෙන එක.

අනෙක් කාරණය කාලයක් යද්දී , හෝ පවර්සප්ලයි වල තියෙන ක්ෂනික විදුලිය උස්පහත් වීම  එහෙමත් නැත්තම්  Power Fluctuation  නිසා , එහෙමත් නැත්තම් නෙට්වර්ක් ලයින් වලට කරන්ට් ලීක් වීමක් නිසා
ස්විච්වල ඉන්ටර්නල් සර්කිට් වලට හානි වෙන්න පුළුවන් . මේක නිසා ගොඩක් ම වෙන්නේ ස්විච් හෝ රවුටරවල සමහරක් පොර්ට්ස් වැඩකරන්නේ නැතුව යනවා , මේ අතරින් සමහර පොරට් ෂෝට් වෙලා තියෙන්නත් පුළුවන්.එතකොටත් නෙට්වර්ක් එක සැහෙන ප්‍රමාණයකට ස්ලෝ වෙන්න පුළුවන්. හොඳම දේ ඒවගේ ස්විච් තියෙනවනම් බල බල ඉන්නේ නැතුව මාරු කරලා දාන එක.අනෙක් කාරණය තමයි ඔයවගේම නෙට්වර්ක් කාර්ඩ්ස් වල තියෙන ප්‍රශ්න.


2.Software - සොෆ්ට්වෙයාර් එහෙමත් නැත්තම් මෘදුකාංග  සම්බන්ද ප්‍රශ්න 
    
    හාඩ්වෙයාර් සම්බන්ද ප්‍රශ්න විසඳ ගත්ත කියමුකෝ , ඊළඟට තියෙන්නේ සොෆ්ට්වෙයාර් වල ප්‍රශ්න 
  උදාහරණ හැටියට ගත්තොත් වැරදියට කන්ෆිගර් කරපු නෙට්වර්ක් ඇඩප්ටර් , රවුටර් , ඇක්සෙස්          පොයින්ට් නිසාත් නෙට්වර්ක් එකේ ප්‍රශ්න ඇතිවෙනවා .මෙයින් ප්‍රධානතම ගැටලුව  IP Conflicts එහෙමත් නැත්තම් එකම අයිපී එකක් , හොස්ට් 2 ක් හෝ ඊට වැඩි ගණනකට එසයින් කරලා තියෙන එක.


වින්ඩොව්ස් කම්පියුටර් එකක උඩින් තියෙනවා වගේ මැසේජ් එකක් එනවා කියන්නේ ඒ කම්පියුටර් එක සම්භන්ද නෙට්වර්ක් එකේ තවත් ඩිවයිස් එකක් හෝ වැඩි ගණනක් එකම අයිපී එක පාවිච්චි කරනවා කියන එක.  මේ තත්වේ ඇතිවෙන්නේ ගොඩක්ම වෙලාවට Manual IP පාවිච්චි කරන කොට එකියන්නේ නෙට්වර්ක් එකේ DHCP පාවිච්චි කරන්නේ නැත්තම් . එත් ඇතිවෙන්න පුළුවන් අවස්ථා තියෙනවා .
උදාහරණයක් හැටියට DHCP Reservation එකක් නොකර යම්කිසි අයිපී එකක් ඩිවයිස් එකකට එසයින් කලොත් කන්ෆ්ලික්ට් එකක් මොනයම් මොහොතක හෝ ඇති වෙනවා.

අනෙක් විශේෂිතම කාරණය , අයිපී කන්ෆ්ලික්ට් එකක් කියල අපි හොයාගෙන අයිපී වෙනස් කලත් මේ තත්වයම තියෙන්න පුළුවන් , එකම කම්පියුටර් නේම් එක , එහෙමත් නැත්තම් NETBIOS NAME එකම තවත් කම්පියුටර් එකක හෝ ඊට වැඩි ගණනක පාවිච්චි කලොත්.එක නිසා එකත් මතක තියාගන්න .

මීට අමතරව කනෙක්ෂන් සම්භන්ද ප්‍රශ්න එන්න පුළුවන් , නෙට්වර්ක් කාඩ් ඩ්‍රයිවර් ප්‍රශ්න තිබ්බොත් ඒවා අප්ඩේට් වෙලා නැත්තම් , සහ OS patches, Antivirus සහ Service Packs හරියට අප්ඩේට් කරලා නැත්තම් .
ඒවගේම සමහර වයිරස්(virus) , නෙට්වර්ක් වොර්ම්ස් (Network Worms) නිසා මුලුනේට්වර්ක් එකම ස්ලෝ ඩවුන් වෙන්න පුළුවන් .ඒවගේම හැකර් අටෑක්ස්(Hacker Attacks) නිසාත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් .


3. Live Ware /Users - ලයිව් වෙයාර් /යුසර්  එහෙමත් නැත්තම් පරිශීලකයන් සම්බන්ද ප්‍රශ්න

කොහේ උනත් IT කරන අයට අමාරුම දේ එන්ඩ් යුසර් - End User කියන කොට්ටාශයත් එක්ක ගනු දෙනු කරන එක. හැමෝම කම්පියුටර් එකෙන් වැඩ කලාට එකේ වෙන්නේ මොනවාද කියල දන්නේ නැහැ .ඉතින්
දෙයක් පැහැදිලි කරල දෙන්න යනකොට සැහෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා.හැමෝටම තාක්ෂණික දැනුම එකම විදිහට නැති නිසා .
සමහර යුසර්ල කියන දේ තමයි Shared Folders වල තියෙන දේවල් ගන්න බැහැ , ඊමේල් වැඩකරන්නේ නැහැ  ඔන්න ඔයවගේ පැමිණිලි . ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ නෙට්වර්ක් කේබල් එක ගලවාගෙන , එහෙමත් නැත්තම් කනෙක්ට් කරලා නැහැ එහෙමත් නැත්තම් කඩාගෙන.සමහරක් විට වැදගත් ෆයිල් මකාගෙන.ඔයවගේ සැහෙන්න දේවල් තියෙනවා . මේක තමයි ඉතින් හසුරුවගන්න අමාරුම කොටස .
එකනම් ඉතින් ඔයාලටම තමයි මොනවහරි කරගෙන දුවන්න වෙන්නේ :D.

ඉතින් ඕවා තමයි ගොඩක් ම තියෙන ප්‍රශ්න .ඉතින් අපි ඊළඟ ලිපියෙන් බලමු මේවා ගොඩ දාගන්න හැටි .
1 හා 2 ට නම් විසදුම් දෙන්න පුළුවන් ඒවා කොයි තරම් සංකීර්ණ උනත් එහෙත් 3 එක තමයි ලේසි නැත්තේ
බලමු එකටත් මොනවහරි කරන්න. එහෙනම් යම් කිසි දෙයක් මග ඇරිලා වගේනම් , මීට අමතර දේවල්ක වලට ඔයාල මුහුණ දීල තියෙනවනම් කමෙන්ට් කරන්න එතකොට මට ඒවත් ඊළඟ ලිපියට ඇතුලත් කරන්න 
පුළුවන් .

එහෙනම් ඊළඟ ලිපියෙන් හමුවෙමු ! ජයවේවා !!!



4 comments:

  1. බොහොම වටිනවා. මම ඔබේ සියලුම ලිපි එක හුස්මට බැලුවා. ඉගෙනගන්න අපි වගේ අයට බොහොම වටිනා දේවල් තියෙනවා. Server Computer එකක් මිලදීල ගන්න වුවමනාව තියෙනවා. දන්නා කියන කෙනෙක්ගෙන් උපදෙස් ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද?

    ReplyDelete
  2. මම නම් දැනට ඉන්නේ ලංකාවේ නෙවේ , එත් මට Server එකේ Brand එක සහ Model එක , එහෙමත් නැත්තම් Specification එක එවන්න පුළුවන් නම් ඒ ගැන උපදෙසක් දෙන්න පුළුවන් .අනෙක් වැදගත්ම දේ මොනවගේ කාර්යයක් සඳහාද පවිච්චි කරන්න යන්නේ කියන එකත් මට දන්වන්න . පහල තියෙන Contact Form එකෙන් මාව සම්භන්ද කරගන්න පුළුවන් .
    බොහොම ස්තුතියි !!!

    ReplyDelete
  3. mgenuth oylata udaw ganna mn field eke inne

    ReplyDelete
  4. මේකේ ඔයාගේ නම තියෙන්නේ Unknown කියල. එක නිසා මම දන්නේ නැහැ ඔයාව සම්භන්ද කරගන්න පුළුවන් විදිහක් ඒ කොහොම උනත් සහයෝගය අගය කරනවා .

    ReplyDelete

Blogger Widgets