Friday, August 17, 2018

Cloud Computing හැඳින්වීම - පළමු කොටස

අද ඉඳන් අපි කතා කරන්න යන්නේ Cloud Computing ගැන.මේකට කෙලින්ම සිoහල වචනයක් කියන්න අමාරු නිසා මම මේක මෙහෙම්ම ඉදිරියට අරන් යනවා ක්ලවුඩ් කියන වචනය පාවිච්චි කරලා .
හරි බලමු  ක්ලවුඩ් කම්පියුටින් කියන්නේ මොකක්ද කියල .

ඇත්තම කිව්වොත් උඩ තියෙන රුපෙන් තමයි ක්ලවුඩ් කියන එක කෙටියෙන්ම කියල දුන්නොත් කියන්න වෙන්නේ :) , එත් එක විතරක්ම නෙවේ තවත් දේවල් එකට එකතු වෙන්න ඕන .ඇත්තටම අපි මේකෙදි කරන්නේ වෙනත් සේවා සපයන්නෙකුගේ පරිගණක , උපාංග සහ සොෆ්ට්වෙයාර් කියන දේවල් අපි පාවිච්චි කරල අපේ වැඩ කරගන්න එක , ඒ අපි පවිච්චි කරන ප්‍රමාණය අනුව අපි සේවා සපයන්නාට අපි පාවිච්චියට අදාලව ගාස්තුවක් ගෙවන එක .මේ සපයන සේවා ක්‍රම 3ක් ප්‍රධාන වශයෙන් තියෙනවා

1. IaaS - Infrastructure as a Service 
 මේකෙදි වෙන්නේ අපිට , සිංහලෙන් කිව්වොත් යටිතල ව්‍යුහය , එහෙමත් නැත්තම් ඉන්ෆ්රාස්ට්‍රක්ච්ර් එක     අපිට දෙන එක , එකියන්නේ සර්වර්ස් , නෙට්වර්ක් කනේක්ටිවිටි වගේ දේවල් අපි එක පාවිච්චි කරලා අපිට   ඕන දේවල් කරගන්නවා , අපිට ඕනකරන සොෆ්ට්වෙයාර් , ඒ අදාළ සැකසුම් කරගන්නේ , ඒවා අප්ඩේට්      කරන්නෙ ඒවා නඩත්තු(Maintain) කරන්නේ අපි. එත් ඊට් අදාළ හාර්ඩ්වෙයා කොටස් නඩත්තු(Maintain) කරන්නේ සේවා සපයන්නා (Service Provider). උදාහරණ විදිහට Microsoft Azure, Google Compute Engine (GCE) සලකන්න පුළුවන් .

2. PaaS- Peripherals as a Service
මේකෙදි වෙන්නේ ප්ලැට්ෆෝම් එකක් එකියන්නේ යම් යම් සොෆ්වෙයර් කොටස් එකතු කරලා හදපු      එකතුවක් අපේ වැඩ කරගන්න පවිච්චි කරගන්න එක .මේ ක්‍රමයේදී ඒ සොෆ්ට්වෙයාර් කොටස් සහ ඊට අදාළ  හාර්ඩ්වෙයාර් ඔක්කොම නඩත්තු(Maintain) කරන්නේ සේවා සපයන්නා විසින් .
උදාහරණ හැටියට : Visual Studio Online ,Google App Engine දක්වන්න පුළුවන් , ඇත්තටම ගොඩක් ම වෙලාවට මේක පාවිච්චි කරන්නේ සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් වගේ වැඩ වලට.
 
3. SaaS - Software as a Service

මේකෙදි වෙන්නේ ඇත්තටම හැමදෙයක් ම සේවා සපයන්නා නඩත්තු කරන එක , එත් අපි සොෆ්ට්වෙයාර්  එක විතරක් පාවිච්චි කරන එක.සොෆ්ට්වෙයාර් එක අදාල ප්ලැට්ෆෝම් එක සහ හාර්ඩ්වෙයාර් , අප්ඩේට් වගේ හැම දෙයක්ම නඩත්තු(Maintain) කරන්නේ සේවා දායකයා විසින්.

උදාහරණ හැටියට : Gmail ,Hotmail , DropBox  දක්වන්න පුළුවන් .

මේ හැම සේවාවකදී ම  භාවිතය අනුව සේවා සපයන්නා විසින් , මාසික හෝ වාර්ෂික ගාස්තුවක් අය කරනවා .
හැම එකකම වගේ මෙවගේත් වාසි අවාසි තියෙනවා .

ප්‍රධාන වාසිය නම් හැම දෙයක්ම වගේ නඩත්තු (Maintain) කරන්නේ සේවා සපයන්නා (Service Provider)විසින් නිසා , අපිට කරදරක් නැති එක .

ප්‍රධාන අවාසිය නම් ඉන්ටරේට් නැතුව මේ සේවාවන් පාවිච්චි කරන්න බැරි වෙන එක .


ඉතින් කෙටියෙන්ම මෙටික පහල රුපයෙන් පැහැදිලි කරලා තියෙනවා .

image from https://www.bmc.com

බොහොමයක් සේවා සපයන්නන් මේ ඔය ක්‍රම තුනම වගේ ලබා දෙනවා. උදා හරණ විදිහට Microsoft Azure සහ Google Cloud Platform ඉතින් ඊළඟ පාඩමෙන් අපි Microsoft Azure ගැන කතා කරන්න පටන් ගමු .

ඒ අතර https://azure.microsoft.com/en-us/ ගිහින් පොඩ්ඩක් බලන්න Azure ගැන අදහසක් ගන්න .Google Cloud Platform එක ගැන බලන්න ඕන නම් යන්න https://cloud.google.com/ .

එහෙනම් ඊළඟ ලිපියෙන් හමුවෙමු !.

ජයවේවා !!!






No comments:

Post a Comment

Blogger Widgets