Saturday, November 7, 2020

Online Learning /Teaching සදහා නොමිලේ ලැබෙන / පාවිච්චි කල හැකි Software

 හැමෝම සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුගමනය කරින් හොඳින් ප්‍රවේශමෙන් ඇති කියල විශ්වාස කරනවා .මේක ලියන්න ප්‍රධානතම හේතුව මේවගේ ත්ත්වෙකදි උනත් ළමයින්ට ඉගෙන ගන්න , ගුරුවරුන්ට උගන්වන්න උදව්වක් කරන එක . සමහර විට දැනටමත් මේ ටුල්ස් ගොඩක් අය පාවිච්චි කරනවා ඇති . එත් එහෙම පටන් ගන්න මුලික දැනීමක් නැති යට පටන් ගන්න මේක උදව්වක් වේවි කියල විශ්වාස කරනවා .

හරි දැන් බලමු අපිට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් Software Tools මොනවාද කියල ඔන්ලයින් ලර්නින් වලට. මම හැම එකක්ම මෙතන දාන්න යන්නේ නැහැ එත් බහුලවම පාවිච්චි කරන 3ක් ගැන පැහැදිලි කරන්නම් . පස්සේ ඒවා ඉන්ස්ටෝල් කරගන්න හැටි සහ  Online Class එකක් Setup කරගන්න හැටි පියවරෙන් පියවර කියන්නම් .

1. Zoom  ( https://zoom.us/)


ලංකාවේ ගොඩක් ඔන්ලයින් ක්ලාස් කරන අය අතරේ ජනප්‍රියම සොෆ්ට්වෙයා එක කිව්වොත් නිවැරදියි .මේකේ තිබුණු ප්‍රධානතම ගැටලුව අපිට දෙන ෆ්‍රී එඩිෂන් එහෙමත් නැත්තම් නොමිලේ ලැබෙන සංස්කරණයේ අපිට එක දිගට  පාවිච්චි කරන්න පුළුවන් විනාඩි 40 ක මිටින් එකක් විතරයි . එත් තියෙන තත්වය නිසා එයාල තාවකාලිකව ඒ සීමාව අයින් කරලා තියෙනවා . ඒ ගැන විස්තරය පහලින් බලාගන්න පුළුවන් .


https://zoom.us/education

හරි දැන් බලමු මේකේ තියෙන වාසි සහ අවාසි .

ප්‍රධානතම වාසිය Basic Version එක නොමිලේ ලබාගන්න පුළුවන් , දෙදෙනෙක් අතර කරන මිටින් එකකට අර විනාඩි 40 සීමාව නැහැ . එත් කණ්ඩායමක් විදිහට කරන කොට අපිට යන්න පුළුවන් විනාඩි 40ක් දක්වා විතරයි එත් මතක තියාගන්න ඕන මුදල් ගෙවල ලබාගන්න සංස්කරණය එහෙමත නැත්තම් Eidtion එකේ එහෙම ප්‍රශ්නයක් නැහැ අපි මෙතැනදී කතා කරන්නේ නොමිලේ ලැබෙන ඒවා ගැන විතරයි .
තවත් දෙයක් මේ කණ්ඩායමකට ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය 100ක් ඉතින් ඊට වඩා ගානක් ඉන්නවා නම් .වෙන ක්‍රමයක් ගැන හිතන්න වෙනවා .

2. Microsoft Teams (Free Edition: https://www.microsoft.com/en-ww/microsoft-365/microsoft-teams/free)

    මයික්රෝසොෆ්ට් ආයතනය ලබා දෙන Teams නොමිලේ ලබා දෙන සංස්කරණයත්  අපිට ඔන්ලයින්  මිටින් සහ ක්ලාස්  කරන්න  පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි තියෙන විශේෂ වාසිය එක පරිශීලයෙකුට User කෙනෙකුට 2GB online ස්ටෝරේජ් එකක් ලැබෙනවා ඒවගේම එකවුන්ට් එකට 10 GB හවුලේ පවිච්චි කරන්න පුළුවන්Shared  online ස්ටෝරේජ් එකක්  ලැබෙනවා , එක නිසා ෆයිල්ස් හුවමාරු කරගන්න මිටින් එක නැත්ත්ට්ම් ක්ලාස් එක රෙකොර්ඩ් කරගන්න අවස්තාව ලැබෙනවා . අවසානයේදී හැමෝටම මිටින් රෙකොර්ඩින් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විශේෂම කාරණය free වර්ෂන් එකේ අපිට මිටින් එකකට ලක්ෂ 5ක් වෙනකන් එකතු කරගන්න පුළුවන් , එකනම් හිතුවටත් වඩා වැඩියි නේද ?. ඒවගේම මිටින් Time Limit එක පැය 8ක් කියලයි සදහන් වෙන්නේ .

3. Cisco Webex Meetings (https://www.webex.com/downloads.html)

    

අවසාන එක විදිහට මම තෝරගත්තේ සිස්කෝ සමාගමෙන් ලබාදෙන Webex Meetings , මේකෙදිත් අනෙක් හැම එකකම ලැබෙන පහසුකම් ලැබෙනවා  , නොමිලේ ලැබෙන සීමාව වන්නේ අපිට මීටින් එකක් සඳහා එකවරක් සඳහා ලැබෙන උපරිම කාලය විනාඩි 50 , සහ එකතු කරගන්න පුළුවන් ගණන 100 ක් .

ඉතින් අපිට මෙතැනදී වැදගත් වන කරුණු විතරයි මම සදහන් කලේ .මොකද අනෙක් පහසුකම් ඕනෑම එකෙක තිබිය යුතු සහ තියෙන දේවල් . ෆයිල් ෂෙයාරින් , රෙකොර්ඩින් , චැට් ,මොබයිල් (Mobile apps) වගේ  ඒවා හැම එකකම තියෙනවා . ඉතින් මම නම් කියන්නේ දන්නා අය ඇරෙන්න පටන් ගන්න අය ඔය තුනම ට්‍රයි කරලා බලන්න තමන්ට පහසු මොකක්ද කියල .නොමිලේ ලැබෙන නිසා පාවිච්චි කරලා බැලුවට පාඩු නැහැ .

හරි හැමදාමත් කියනවා වගේ ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න . පුලුවන් සහ දන්නා තරමින් උදව් කරන්නම් . මේ එක එකක් සෙටප් කරගන්න හැටි බ්ලොග් පොස්ට් වලින් දෙන්න බලාපොරොතතු වෙනවා වෙලාව ලැබෙන විදිහට .

එහෙනම් හැමෝම පරෙස්සමින් ඉන්න , සෞඛ්‍ය අංශ වලින් ලැබෙන උපදෙස් හරියට පිළිපදින්න . ලැබෙන කාලය දෙයක් ඉගෙන ගන්න පාවිච්චි කරන්න .

ආයෙත් හමුවෙමු.

ජය වේවා !.

No comments:

Post a Comment

Blogger Widgets