ගිය ලිපියෙන් සඳහන් කරන්නට පටන් ගත් කොටසේ ඉතිරි කොටස දැන් සලකා බලමු .
ඉහත සඳහන් රුපයට අනුව හා ගියවර ලිපියෙන් පැහැදිලි කරන ලද අන්දමට අයි පී ඇඩ්රස් එකක පන්තිය එහෙමත් නැත්තම් ක්ලාස් ඒක තීරණය වන්නේ පළමු එහෙමත් නැත්තම් ෆ්රස්ට් ඔක්ටෙට් (first Octet) හි අගය පරාසය අනුවයි .
ඒඅනුව Class A 001.XXX.XXX.XXX ~ 126.XXX.XXX.XXX
Class B 128.XXX.XXX.XXX ~ 191.XXX.XXX.XXX
Class C 192.XXX.XXX.XXX ~ 223.XXX.XXX.XXX ආකාර වේ .
දැන් අපි අයිපී ඇඩ්රස් ක්ලාසස් ගැන දැනුමත් සමග ඊළඟ පියවර වෙත යොමුවෙමු .මෙම වර්ගීකරණයේදී අයිපී ඇඩ්රස් එකක් තවත් ක්‍රමයකට බෙදනු ලබයි .
එම ක්රමයට අනුව ක්ලාස් ඒ Class A අයිපී එකක මුල් ඔක්ටෙට් ඒක නෙට්වර්ක් අයි ඩී Network ID ඒක ලෙසද අනෙක් ඔක්ටෙට්ස් තුන Host ID ලෙසද නම් කෙරේ .ඒ අනුව මෙයින් කියවෙන්නේ මුල් ඔක්ටෙට් ඒක නෙට්වර්ක් ඒක හඳුනා ගැනීමටත් අනික් ඔක්ටෙට්ස් තුන ඒ හා සම්භන්දව ඇති පරිගණ එහෙමත් නැත්තම් පොදුවේ හොස්ට් Hosts හදුනා ගැනීමට භවිතා කරනබවයි .
උදාහරණයක් හැටියට ක්ලාස් ඒ Class A අයිපී එකක් ගෙන බලමු
126.xxx.xxx.xxx වු විට නෙට්වර්ක් අයි ඩී ඒක 126 වන අතර අනෙක් කොටස හොස්ට් අයිඩීස් ලෙස ගැනේ , නෙට්වර්ක් එකකදී නෙට්වර්ක් අයිඩී ඒක එහා සම්භන්ද සියලු පරිගණක සඳහා එකම වේ .එසේ නම් අපිට වෙනස් කල හැක්කේ ඉතිරි ඔක්ටෙට්ස් තුනයි .අයිපී ඇඩ්රස් අනුව එහි පරාසයන් අනුව ගණනය කළහොත් ක්ලාස් ඒ Class A අයිපී එකක් සඳහා හොස්ට් මිලියන 16 ක් සම්භන්ද කල හැක . එහි පරාසය 126.0.0.0 සිට 126.255.255.255. දක්වා වේ ඒ ඒ අතර ඇති අයිපී ඇඩ්රස් ගණන මිලියන 16 ක් බවයි ඉහල පැහැදිලි කර ඇත්තේ . ඉහත රුපයෙන් දැක්වෙන වගුවේ තුන්වන සිරස් තීරුවේ දක්වා ඇත්තේ ඒ ඒ අයිපී ඇඩ්රස් ක්ලාස් සඳහා වලංගු හොස්ට් ඇඩ්රස් ප්‍රමාණයයි .අවසාන තීරුවෙන් පෙන්වා ඇත්තේ ක්ලාස් ඒකෙන ක්ලාස් එකෙට නෙට්වර්ක් අයිඩී සහ හොස්ට් අයිඩී කොටස තෝරාගන්නා ආකාරයයි .
අයි පී ඇඩ්රස් පිළිබඳව කටයුතු කරන ආයතනය IANA (Internet Assigned Numbers Authority) විසින් ක්ලාස් ඒ අයිපී ඇඩ්රස් නිකුත් කිරීම නවතා ඇත .දැනට ක්ලාස් ඒ අයිපී ඇත්තේ ඉතා සීමිත IANA (Internet Assigned Numbers Authority) පටන් ගැනීමට පෙර එම අයිපී ලබාගත් ආයතන 45 ක් පමණි .ක්ලාස් බී අයිපී ඇඩ්රස් මධ්‍යම ප්‍රමාණයේ ජාල එනම් කැම්පස් නෙට්වර්ක්ස් සඳහා යොදාගැනේ .
මෙහෙදී දැක්විය යුතු තවත් වැදගත් කරුණක් නම් මෙම අයිපී සම්භන්දයෙන් ක්‍රියාත්මක වෙන තවත් ආයතනයක් වෙයි .එය Internet Network Information Center (InterNIC) ලෙස හඳුන්වනු ලබයි .අපට අන්තර්ජාලය හෙවත් ඉන්ටර්නෙට් හා සම්භන්ද වීමට මෙම ආයතනය මගින් එසඳහා වෙන්කරනලද අයිපී ඇඩ්රස් අත්‍යවශ්‍යවේ .මෙසේ Internet Network Information Center (InterNIC) මගින් අන්තර් ජාලය හා සම්භන්ද වීම සඳහා ලබා දෙන අයි පී ඇඩ්රස් පබ්ලික් අයිපී ඇඩ්රස් (Public IP Address) ලෙස හඳුන් වනු ලබයි .මෙම අයිපී ඇඩ්රස් අපට ලැබෙන්නේ අන්තර් ජාල සේවා සපයන්නා ( Internet Service Provider ) එහෙමත් නැතිනම් ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් හරහා වේ .එම අන්තර්ජාල සේවා සපයන්නන් වැඩි ප්‍රමාණයක් දුරකථන ජාල අයතනවේ .නමුත් අන්තර්ජාල පහසුකම පමණක් ලබාදෙන ආයතනද තිබේ .
කෙසේ වුවත් මෙතනදී ඇතිවන ප්‍රධාන ගැටලුවනම් අන්තර්ජාල සපයන්නා ඔවුන් හරහා සම්භන්ද වන සියලුම උපකරණ සඳහා අයිපී ඇඩ්රස් ඒක බැගින් නිකුත් කලයුතුවීමයි .
මෙම ගැටලුව මගහරව ගැනීමට Internet Network Information Center (InterNIC) විසින් භාවිතය සඳහා වෙන්කරනලද අයිපී ඇඩ්රස් පරාසයන් එනම් අයිපී ඇඩ්රස් පූල් (IP address Pool) වෙන්කර දී ඇත .
ඒවා පහත පරිදි වේ .
- 10.0.0.0 with the subnet mask 255.0.0.0
- 172.16.0.0 with the subnet mask 255.240.0.0
- 192.168.0.0 with the subnet mask 255.255.0.0
ඔබ අන්තර්ජාලය හා සම්භන්දව ඇති විට ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නා විසින් ඔබට එමොහොතේ ලබාදී ඇති අයිපී ඇඩ්රස් ඒක ඔබට දැනගැනීමට ක්‍රම ඇත ,එවැනි සේවසපයන වෙබ් අඩවි අන්තර්ජාලයේ විශාල ප්‍රමාණයක් ඇත . ඔබ මේ වෙබ් අඩවියට ඇතුල් වුවහොත් http://www.whatismyip.com/ ඔබට ඔබේ පබ්ලික් අයිපී ඇඩ්රස් ඒක දැක බලා ගත හැකිය .ඉහත මා වෙන්කර යටින් ඉරි ඇඳී කොටස හොඳින් මතක තබාගන්න .ඔබට ලැබෙන්නේ Internet Network Information Center (InterNIC) විසින් වෙන්කරනලද අයිපී ඇඩ්රස් එකක් නොව ,ඔබගේ සේව සපයන්නා ඔබට ලබාදෙන අයිපී ඇඩ්රස් එකයි .
අන්තර්ජාලය හා සම්භන්දවීමේදී සිදුවන ක්‍රියාදාමය තරමක් සංකීර්ණ එකකි එය සරලව වටහා දීමට ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙමි.