Tuesday, June 5, 2012

IP SUBNET & SUBNETTING.. අයිපී සබ්නෙට් ,සබ්නෙටින්..


සබ්නෙට් එකක් එහමත් නැත්තම් උපජාලයක් පිළිබඳව අද පාඩමෙන් විස්තරකර දෙන්නම් .අයිපී ඇඩ්රස් යම කිසි පද්ධතියක වින්‍යාස ගත කිරීමේදී එනම් කන්ෆිගර් කිරීමේදී එයත් සමගම යෙදිය යුතු තවත් පේලියක් සබ්නෙට් මාස්ක් ලෙස තිබුණු බව ඔබට මතක ඇති. විශේෂ හේතුවක් නොමැතිනම් යෙදිය යුතු ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එම අයිපී ඇඩ්රස් ක්ලාස් එක අනුව ලබා දී ඇත

ඉහත දක්වා ඇත්තේ ක්ලාස් ඒ ,බී  හා සී වලට අදාල ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් ඇඩ්රස් වේ .
සබ්නෙටින් හෙවත් පරිගණක ජාලයක් තවත් අනු ජාල කිහිපයකට වෙන් කිරීම මෙහිදී සිදු කරනු ලබයි.මෙය භෞතික වෙන්කිරීමකට සමාන නොවේ .නමුත් භෞතිකව වෙන්කරනලද ජාල කිහිපයක් එකිනෙකට එකතු කිරීමේදී මෙම ක්‍රමය අනුගමනය කිරීමටද හැකියාව ඇත , ඒ සියල්ලම අවශ්‍යතාව මත රඳාපවතී .
 සබ්නෙට් කිරීමට අවශ්‍යද නැද්ද යන්න තීරණය කිරීමට පරිගණක ජාලය පිහිටුවා ඇති ආයතනයේ අවශ්‍ය තව මත රඳා පවතී .මෙමගින් පරිගණක ජාලයක ඇති සම්පත් හා අනෙකුත් තොරතුරු සම අයකුටම පරිහරණය කිරීම වැළැක්විය හැකිය .එමගින් පරිගණක ජාලයක ඇති තදබදය අඩු කර ජාලයේ වේගය හා ආරක්ෂාව තරකර ගත හැකිවේ .

උදාහරණයක්‌ ලෙස ගතහොත් යම් කිසි ආයතනයක මුල්‍ය අංශය ,විකුණුම් හා සේවා අංශය ,හා ගබඩා හා තොග පරිපාලන අංශය ලෙස කොටස් තුනක් ඇතෑයි සිතමු .මෙම අංශ අතර දත්ත වලට හැම කෙනෙකුම පරිහරණයට සලස්වුවහොත් කුමකින් කුමක් වෙයි දැයි ඔබට සිතාගැනීමට හැකියාව ඇතයි අනුමාන කරමු .
                                  එම නිසා දැන් අපිට මෙම තත්වය වලක වීම පිණිස මුලික පියවර ලෙස සබ්නෙට් වලට වෙන්කිරීම සිදු කල යුතු යයිද එක අංශයක පරිගණක 50 බැගින් ඇතයි ද උදාහරණයක්‌ ලෙස ගෙන , මෙම ජාලය සබ්නෙට් වලට බෙදන අයුරු සලකා  බලමු .

අවශ්‍ය කරන අයිපී ඇඩ්රස් ප්‍රමාණය 150 ක් වනබව ඔබට වැටහෙන්නට ඇත.

උදාහරණයක්‌ ලෙස අපි ක්ලාස් සී ඇඩ්රස් සලකා බලමු .

Class C   -  192.168.1.0 ~ 192.168.1.255 මෙම පරාසයේ 192.168.1.0 හා 192.168.1.255 යන ඇඩ්රස් දෙක භාවිතා කල නොහැකිය .එයට එක හේතුවක් වන්නේ 192.168.1.0 නෙට්වර්ක් ඇඩ්රස් එක වන අතර අනෙක් අයිපී එක බ්‍රෝඩ්කාස්ට් අයිපී ඇඩ්රස් එකයි .බ්රෝඩ්කාස්ට් අයිපී එක යනු අයිපී ඇඩ්රස් පරාසයක අන්තිම අයිපී ඇඩ්රස් එක එනම් අන්තිම ඔක්ටෙට් එක 255 නැතහොත් බයිනරි වලින් නම් බිට් අටම 11111111 වන අයිපී ඇඩ්රස් එකයි .එය , එය හැර අනෙකුත්  අයිපී ඇඩ්රස් පරාසයම සමග සන්නිවේදනය කිරීමට හැකි අයිපී ඇඩ්රස් එකයි .පහත එය දක්වා ඇත .


ඉහතින් සඳහන් කරනලද ඇයි පී ඇඩ්රස් දෙක අයින් කලපසු ඉතිරිවන්නේ අයිපී ඇඩ්රස් 254 කි .එයින් අපට  උවමනා වන්නේ අයිපී ඇඩ්රස් 150 කි.Class C සඳහා ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක වනුයේ 255.255.255.0 වේ ඒ අනුව එහි බයිනරි නිරුපනය පහත අයුරින් දක්වා ඇත .

                                                192          .168          .1              .0                                        
                                         11000000.10101000.00000000.00000000

                                                255          .255          .255          .0
                                         11111111.11111111.11111111.00000000


මෙහි සබ්නෙට් මාස්ක් එක ගැන සලකා බලමු අවසාන ඔක්ටෙට් එක බිට් 8 සලකාබලමු .දකුණේ සිට වම්පසට ඒ ඒ බිටු වල ස්ථානීය අගය ගත්විට පහත පරිදිවෙයි .

128    64    32   16    8    4    2    1

සබ්නෙට් කිරීම ආරම්භ කරනු ලබන්නේ හතර වෙනි ඔක්ටෙට් එකෙහි ඇති  හොස්ට් බිට් අවශ්‍ය පරිදි  නෙට්වර්ක් ඇඩ්රස් එක පැත්තට වෙන් කිරීම මගිනි .ක්ලාස් සී ඇඩ්රස් එකක මුල් ඔක්ටෙට් 3 නම නෙට්වර්ක් අයිඩී එක ලෙස ගැනෙන බව මීට කලින් ලිපිවලදී සඳහන් කර ඇත .මෙසේ හතරවෙනි ඔක්ටෙට් එකේ ඇති බිට්ස් වමෙසිට දකුණට අවශ්‍ය පරිදි වෙන් කිරීමෙනි . එම වෙන්කිරීම කරනු ලබන්නේ එකක් පසු එකක් වශයෙනි .අපට අවශ්‍ය මුළු අයිපී ඇඩ්රස් ගණන 150 ක් බව මුලින් අප ගණනය කරගත්තා මතක ඇති .

ඉහත වමේ සිට දකුණට බිට්ස් වෙන්කිරීමේදී එම බිට් වල ස්ථානීය අගයන්ගේ එකතුව 150 හෝ ඊට ලංවන අයුරින් ගත හැකි අවම බිටු ප්‍රමාණය තෝරා ගත යුතුය .මේ අනුව එම අවශ්‍යතාව තෘප්ත කරන්නේ
ඉහ 128 + 64 එනම් එකතුව 192 වන බිටු දෙකයි .එම බිටු දෙකට ගත හැකි උපරිම වටිනාකම ඩෙසිමල් එනම් දහයේ පාදයෙන් 192 කි බයිනරි වලින් නම් 11000000 කි .

දැන් සබ්නෙට් මාස්ක් එක වනුයේ අප කලින් ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක නොව දැන් අපි ගණනය කර ගත ඔක්ටෙට් එක ඇතුලත් නව සබ්නෙට් මාස්ක් එකයි .ඒ අනුව අලුත් සබ්නෙට් මාස්ක් එක බයිනරි වලින් පහත අයුරින් දක්වමු .

   255             255         255             192
11111111.11111111.11111111.11000000

දැන් අප අලුත් නෙට්වර්ක් එක සඳහා යෙදිය යුතු සබ්නෙට් මාස්ක් එක දනිමු .දැන් සොයා ගත යුත්තේ අයිපී ඇඩ්රස් 150 ට අවශ්‍ය වන 50 බැගින් වූ අයිපී ඇඩ්රස් පරාස 3 යි .

ඉහත අප අවසාන ඔක්ටෙට් ඒකෙන නෙට්වර්ක් පැත්තට ඇයි කරගන්නා ලද බිට් දෙක සලකා බලමු එම බිට් දෙකට ගත හැකි බයිනරි වටිනාකම් සලකා බලමු.

  0   0   හි ඩෙසිමල් අගය 0 වේ
  0   1   හි ඩෙසිමල් අගය 64 වේ 
  1   0   හි ඩෙසිමල් අගය 128 වේ 
  1   1   හි ඩෙසිමල් අගය 192 වේ 

ඒ අනුව අයිපී ඇඩ්රස් පරාස 192.168.1.0 සිට 192.168.1.63 නමුත් මෙහි මුල් අයිපී එක නෙට්වර්ක් අයිඩී එක බැවිනුත් අන්තින්ම ඇඩ්රස් එක එම නෙට්වර්ක් එක සඳහා බ්‍රෝඩ්කාස්ට් අයිපී එක ලෙස ක්‍රියා කරන බැවින් අපට ප්‍රයෝජනයට ගත හැකිවන්නේ ඇඩ්රස් 61 ක් පමණි .එය අපගේ අවශ්‍යතාවටත් වැඩ වැඩිය .

ඒ අනුව දැන් ඇති අයිපී ඇඩ්රස් පරාස 


1. 192.168.1.1    ~ 192.168.1.62        For Network 01   -   මුල්‍ය අංශය සඳහා 
2.192.168.1.65   ~ 192.168.1.126      For Network 02   -   විකුණුම් හා සේවා අංශය සඳහා 
3.192.168.1.129 ~ 192.168.1.190      For Network 03   -  ගබඩා හා තොග පරිපාලන අංශය සඳහා .
4.192.168.1.193 ~ 192.168.1.254      For Network 04   - අමතර 

SUBNET MASK ADDRESS - 255.255.255.192 

දැන් අපට අවශ්‍ය අයිපී ඇඩ්රස් ප්‍රමාණය හා භාවිතකලයුතු සබ්නෙට් මාස්ක් අයිඩී එක ලැබී ඇත දැන් කලයුත්තේ අදාල අයිපී පරාසය තුලින් පිළිවෙලින් අවශ්‍ය කරන අයිපී ප්‍රමාණය ගෙන ඒ ඒ අදාල අංශවල ඇති  පරිගණක සඳහා යෙදීමයි .

මෙය තරමක් සංකීර්ණ ක්‍රමයක් බව බලු බැල්මට පෙණුනත් එය එතරම් අපහසු ක්‍රමයක් නොවේ .මෙහිදී ගැටලුව නම් දෙකේ පදයේ සංඛ්‍යා පිලිබඳ දැනුම අවශ්‍ය වීමයි .නමුත් මෙය නැවත නැවත තර්කානු කුලව විමසා බැලීමෙන් ලෙහෙසියෙන් තේරුම ගත හැක .

මේ පිළිබඳව ඊළඟ ලිපියෙන් තව දුරටත් සලකා බලමු .












Blogger Widgets