හැමෝම සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුගමනය කරින් හොඳින් ප්‍රවේශමෙන් ඇති කියල විශ්වාස කරනවා .මේක ලියන්න ප්‍රධානතම හේතුව මේවගේ ත්ත්වෙකදි උනත් ළමයින්ට ඉගෙන ගන්න , ගුරුවරුන්ට උගන්වන්න උදව්වක් කරන එක . සමහර විට දැනටමත් මේ ටුල්ස් ගොඩක් අය පාවිච්චි කරනවා ඇති . එත් එහෙම පටන් ගන්න මුලික දැනීමක් නැති යට පටන් ගන්න මේක උදව්වක් වේවි කියල විශ්වාස කරනවා .
හරි දැන් බලමු අපිට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් Software Tools මොනවාද කියල ඔන්ලයින් ලර්නින් වලට. මම හැම එකක්ම මෙතන දාන්න යන්නේ නැහැ එත් බහුලවම පාවිච්චි කරන 3ක් ගැන පැහැදිලි කරන්නම් . පස්සේ ඒවා ඉන්ස්ටෝල් කරගන්න හැටි සහ Online Class එකක් Setup කරගන්න හැටි පියවරෙන් පියවර කියන්නම් .
1. Zoom ( https://zoom.us/)
https://zoom.us/education
හරි දැන් බලමු මේකේ තියෙන වාසි සහ අවාසි .
ප්‍රධානතම වාසිය Basic Version එක නොමිලේ ලබාගන්න පුළුවන් , දෙදෙනෙක් අතර කරන මිටින් එකකට අර විනාඩි 40 සීමාව නැහැ . එත් කණ්ඩායමක් විදිහට කරන කොට අපිට යන්න පුළුවන් විනාඩි 40ක් දක්වා විතරයි එත් මතක තියාගන්න ඕන මුදල් ගෙවල ලබාගන්න සංස්කරණය එහෙමත නැත්තම් Eidtion එකේ එහෙම ප්‍රශ්නයක් නැහැ අපි මෙතැනදී කතා කරන්නේ නොමිලේ ලැබෙන ඒවා ගැන විතරයි .
තවත් දෙයක් මේ කණ්ඩායමකට ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය 100ක් ඉතින් ඊට වඩා ගානක් ඉන්නවා නම් .වෙන ක්‍රමයක් ගැන හිතන්න වෙනවා .
2. Microsoft Teams (Free Edition: https://www.microsoft.com/en-ww/microsoft-365/microsoft-teams/free)
මයික්රෝසොෆ්ට් ආයතනය ලබා දෙන Teams නොමිලේ ලබා දෙන සංස්කරණයත් අපිට ඔන්ලයින් මිටින් සහ ක්ලාස් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි තියෙන විශේෂ වාසිය එක පරිශීලයෙකුට User කෙනෙකුට 2GB online ස්ටෝරේජ් එකක් ලැබෙනවා ඒවගේම එකවුන්ට් එකට 10 GB හවුලේ පවිච්චි කරන්න පුළුවන්Shared online ස්ටෝරේජ් එකක් ලැබෙනවා , එක නිසා ෆයිල්ස් හුවමාරු කරගන්න මිටින් එක නැත්ත්ට්ම් ක්ලාස් එක රෙකොර්ඩ් කරගන්න අවස්තාව ලැබෙනවා . අවසානයේදී හැමෝටම මිටින් රෙකොර්ඩින් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විශේෂම කාරණය free වර්ෂන් එකේ අපිට මිටින් එකකට ලක්ෂ 5ක් වෙනකන් එකතු කරගන්න පුළුවන් , එකනම් හිතුවටත් වඩා වැඩියි නේද ?. ඒවගේම මිටින් Time Limit එක පැය 8ක් කියලයි සදහන් වෙන්නේ .
3. Cisco Webex Meetings (https://www.webex.com/downloads.html)
එහෙනම් හැමෝම පරෙස්සමින් ඉන්න , සෞඛ්‍ය අංශ වලින් ලැබෙන උපදෙස් හරියට පිළිපදින්න . ලැබෙන කාලය දෙයක් ඉගෙන ගන්න පාවිච්චි කරන්න .
ආයෙත් හමුවෙමු.
ජය වේවා !.