Thursday, January 1, 2026

How to protect children from unappropriated content - අන්තර් ජාලයේ අනවශ්‍ය තොරතුරු වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග -01





 හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියල ප්‍රාර්ථනා කරනවා .සෑහෙන කාලයකින් බ්ලොග් එක අප්ඩේට් කලේ නැ , එත් දැනට වෙලා තියෙන දේවල් වල හැටියට මේ දේවල් වළක්වා ගන්න දෙමවුපියෝ විදිහට කරන්න පුළුවන් දේවල් ටිකක් කියල දෙන්න හිතුනා.

ඇත්තටම මේ දේවල් වැදගත් වෙන්නේ දෙමවුපියන්ට , තාක්ෂණ දැනුමක් ලොකුවට නැති අයට තියෙන අය උදව්වක් දෙන්න මොකද ළමයි කියන්නේ ළමයි , කාගේ උනත් . ඒ අයත් දවසක ලොකු මිනිස්සුන් වෙලා සමාජෙට එනවා. ඒ  කාරණේ පවුද්ගලික උනාට පොදුවේ බලපානවා.

වෙමින් පවතින තාක්ෂණික දියුණුවත් එක්ක , අපිට ආපස්සට යන්න බැ එක නිසා අපිට එකත් එක්ක යන්න වෙනවා ළමයින්ට අන්තර්ජාලය පාවිච්චි කරන්න දෙන්න වෙනව මොකද එක තමයි නව දැනුම හොයාගන්න පුළුවන් එකම තැන. ඉතින් එකෙන් වෙන් වෙලා ඉන්න අපිට බැ  ඉගෙන ගන්නකොට ඒවා පාවිච්චි නොකර ඉන්නත් බැ. තියෙන ජිවන රටාවත් එක්ක ළමයට බලන්න දීලා ළමයත් එක්ක එක දිහා බලන් ඉන්න තරම් විවේකයක් දෙමවූ පියන්ටත් නැ. ඒ උනාට අපට පුළුවන් නම් සහතික කරගන්න අනවශ්‍ය දෙවල් බලන්න යන්න , එකියනේ ඉන්ටනෙට් එකේ අනවශ්‍ය දේවල් බ්‍රව්ස් කරන්න බැ කියල අන්න එතන අපිට සැහෙන්න සහනයක් . අන්න ඒ වගේ ක්‍රම කීපයක් කරගන්න හැටි තමයි කියල දෙන්න යන්නේ.

හරි මෙතන ප්‍රධාන කොටම තියෙනවා ක්‍රම දෙකක් ඉන්ටර්නෙට් යන්න පුළුවන් .

1. කෙලින්ම ෆෝන් එකෙන් / ටැබ්ලට් එකෙන් 
2. Router - රවුටරයකට වයි ෆයි හරහා 

හරි අපි බලමු 1 වෙනි ක්‍රමයේදී අපිට කරන්න පුළුවන් දේ .

කෙලින්ම ෆෝන් එකට සිම් එකක් දාල එකට ඩේටා දාල ඉන්ටනෙට් යන ක්‍රමයේදී ළමයෙකුට ඕනෑම දෙයක් සර්ච් කරලා හොයාගන්න පුළුවන් කිසිම බාදාවකින් තොරව 
අනෙක දෙමවුපියන් සර්ච් හෝ වෙබ් හිස්ට්‍රි එක බලන්නේත් නැති තරම් ඉතින් මේක ටිකක් බරපතල කාරණාවක් , දැන් ඉන්න ළමයි ඇත්තටම් දක්ෂයි ඔව නිශ්ශබ්දව කරන් යන්න .
කොහොම වෙතත් අපි බලමු අනවශ්‍ය දේවල් නොපෙන්වන්න මේක හදාගන්න හැටි .

ගොඩක් අපි පාවිච්චි කරන ෆෝන් සහ ටැබ්ලට් Android ඇන්ඩ්රොයිඩ් පාදක ඒවා නිසා පහල තියෙන පියවර එකම විදිහට අනුගමනය කරන්න පුළුවන් .

1. Phone එකේ Settings යන්න , ඊට පස්සේ Network & Internet උඩ ක්ලික් කරන්න 



2. දැන් යන්නAdvanced > Private DNS ඔප්ෂන් එකට 

3. ඔකේ Private DNS Provider Host Name  කියන එක තෝරා ගෙන  එකට හරියටම වරද්දන්නෙ නැතිව පහල නම ටයිප් කරන්න
family.cloudflare-dns.com

ඊට පස්සේ Save කරන්න 


දැන් වෙබ් බර්ව්සර් එක ඕපන් කරල ටෙස්ට් කරලා  බලන්න .හරියට කළා නම් පහල විදිහට මැසේජ් එකක් එයි , ඒවගේම සර්ච් කලත් ඒ සයිට්ස්  පෙන්වන්නේ නැහැ සර්ච් එකේ .


මේක තමයි ඉක්මන් සහ ලේසිම ක්‍රමය . තවත් ක්‍රම තියෙනවා ගොඩක් , මේ වගේ ක්‍රමයක් ගොඩක් දෙනාට හරියාවි විශේෂයන්ම ප්‍රාථමික ශ්‍රේණි වල ඉන්න , එත් අමතක කරන්න හොද නෑ තාක්ෂනය සම්බන්දයෙන් දක්ෂ පොඩි දරුවොත් ඉන්න පුළුවන් මේවා වෙනස් කරගෙන තමන්ට ඕන දේවල් කරගන්න දන්නා . එත් බහුතරයකට මේක ගැලපෙයි .

මිට වඩා දියුණු ක්‍රමත් තියෙනවා Google Family Link වගේ ඒවා හදාගන්න මිට වඩා තාක්ෂණික දැනුමක් අවශ්‍යයි එකත් ඉදිරි ලිපියකින් දෙන්නම් .

අපි ඉන්ටර්නෙට් යන දෙවැනි ක්‍රමය තමයි Router එකක් පාවිච්චි කරලා ,එකේදී පාවිච්චි කරන මොඩල් එක අනුව කරනන තියෙන විදිහ වෙනස් වෙනව. මේකටම එකතු කලොත් තවත් මේ පොස්ට් එක දික් වෙන නිසා  එකත් වෙනම පොස්ට් එකකින් කියල දෙන්නම් .

එහෙනම් උත්සහ කරලා බලන්න , ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් කරන්න .

ජය වේවා !

Blogger Widgets