පරිගණක ජාලයක මුලික අංග (Basics of Computer Network )
ඕනෑම දෙයක
පටන්ගැන්ම සරලය .එය සංකීර්ණ වන්නේ එයට අමතර දෑ එකතුවීමෙන් වැඩි දියුණු වීමෙනි.
අනෙක් අතට ගත විට
මූලික සංකල්ප දැන සිටීම යම දෙයක් හොඳින් වැටහීමට මෙන්ම එය වැඩි දියුණු කිරීමට
උපකාරී වේ.
පරිගණක තාක්ෂණයට
මෙන්ම අනෙකුත් දේවල් සඳහාද එය පොදු දෙයකි .එම නිසා පරිගණක ජාලකරණය ගැන උවද මුලික
දැනුම ලබා තිබීම ඉදිරියේදී ප්‍රයෝජනවත් විය හැකිය.
නමුත් පරිගණක
ජාලකරණය පිළිබඳව ඉතිහාසය පිළිබඳව මෙහිදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ
නැත.ඉතිහාසය පිළිබඳව ඔබ කව්රුත් හොඳින් දන්නා Wiki peadia හි අවශ්‍ය තොරතුරු උවමනවටත් වැඩා ඇත.
පරිගනක ජාලයක් යනු
කුමක්ද ?.යන තැනින් පළමුවන ලිපිය ආරම්භ කිරීම
ඉතා සුදුසු බව මගේ මතයයි.
එසේනම් අපි
මෙතනින් ආරම්භ කරමු.
1.පරිගණක ජාලයක් යනු කුමක්ද ?.
Definition
: A computer network is a collection of hardware
components and computers interconnected by communications channels that allow
sharing of resources and information.
ඉහත අර්ථ දැක්වීමට
අනුව පරිගණක ජාලයක් යනු තොරතුරු(information)
හා සම්පත්(Resources)
හුවුලේ භාවිතා
කිරීම සඳහා එකිනෙකට සම්බන්ද කරන ලද දෘඩාංග කොටස්වල (Hardware Components)
වල එකතුවක් ලෙස
හැඳින්විය හැක.
2.පරිගනක ජාලයක මුලික කොටස් (Basic components computer Network)
- PC/SERVER/WORKSTATION
- NIC(NETWORK INTERFACE CARD )
- HUB (Old Technology)
- SWITCH
- ROUTER
මෙම් කොටස් ගැන
සවිස්තරව ගෙන බලමු .
2.1
PC/SERVER/WORKSTATON
මෙමගින් අදහස් වන්නේ මුලික වශයෙන්ම අප භාවිතා කරන
පරිගනකයි.එහෙත් මේවායේ වෙනස්කම වන්නේ ඒවායේ දත්ත සැකසුම් වේගය (DATA PROCESSING SPEED) හා භාවිතා කරන හා යොදා ගන්නා
තාක්ෂණයයි.
§
PC-Personal Computer
පුද්ගල පරිගණක එනම් අප සාමාන්‍යයෙන් පාවිච්චි කරන පරිගණක මෙයට අදාළ
වේ.
§ SERVER
පරිගණක ජාලයකට සම්බන්ද කොට ඇති පුද්ගල පරිගණකයකට වඩා බොහෝ බලසම්පන්න පරිගණක මේ නමින්
හැඳින්වේ.බොහෝදෙනෙක් අතර එකම පරිගණක වැඩසටහන් ,හා අදාල තොරතුරු ,සේවා පරිගණක ජලය ඔස්සේ අනෙක් පරිගණක වලට ලබා දීමට
හෙවත් ප්‍රදානය (SERVE ) කිරීමට SERVER COMPUTERS යොදා ගනී.පුද්ගල පරිගණක වලට වඩා මිලෙන් අධිකය .
§ WORKSTATION
පරිගණක ජාලයකට සම්බන්ද කොට හෝ නොකොට
ඇති එහෙත් පුද්ගල පරිගණකයකට වඩා ඉතා බලසම්පන්න පරිගණක මේ නමින්
හැඳින්වේ.මේවා භාවිතා කරනු ලබන්නේ තාක්ෂණික ,පර්යේෂණ
විද්‍යාත්මක
කටයුතු සඳහාය .මිල ඉතා අධිකය
ඉදිරි ලිපියෙන්
නික් NIC -NETWORK INTERFACE
CARD පිළිබඳව කතා කරමු ...ඔබගේ අදහස්
යෝජනා චෝදනා අගයකොට සලකමු.
maxxa!
ReplyDeletenetwork history akath poddak hari dandoOOO!
workstation කියලා මම හිතගෙන හිටියේ අපේ desktop කියලා...ස්තූතියි.
ReplyDeletesuperb
ReplyDeletewedenam niyamai saho..
ReplyDeleteThanx mcn
ReplyDelete