Wednesday, February 15, 2012

පරිගණක ජාලයකදී පරිගණක අතර සන්නිවේදනය යොදාගන්නා මාධ්‍යයන් .....(The Communication Media ,which use in Computer Networks)..


පරිගණක ජාලයක සර්වර පරිගණක භාවිතාවන ආකාරය පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක්  ඇතැයි සිතමි .
පරිගණක ජාලයක කුමන උපකරණ තිබුනත් ඒවා එකිනෙක සම්භන්ද කිරීමට මාධ්‍යයක් නොමැති නම් කිසිම පල ප්‍රයෝජනයක් නොමැත .
පරිගණක ජාලයක පරිගණක හා අනෙකුත් අවශ්‍ය උපකරණ සම්භන්ද කිරීම සඳහා පහත සඳහන් මාධ්‍යයන් එකක් හෝ සියල්ලම හෝ යොදාගැනේ .

1.Copperwire
2.Optical Fibre
3.Electromagnetic Waves

1.Copper Wire (For Wired Networks) තඹ කම්බි මාධ්‍ය
පරිගණක ජාල තැනීමේදී ප්‍රකටව භාවිතාකරනු ලබන්නේ මෙම මාධ්‍යයයි . මෙහෙදී භාවිතා කරනු ලබන්නේ  තඹ කම්බි සහිත සිහින් වයර 8 යුගල් (Pairs) 4  ක්  ලෙස ඇතුලත් කර තනන ලද රැහැනකි නැතහොත් වයරයකි  .එනිසා මෙම වයර වලට ට්විස්ටඩ් පෙයාර් කේබල්ස් (Twisted Pair Cables) ලෙස ව්‍යාවහාර කෙරේ. .මෙම රැහැන් වල ඇති විශේෂතා අනුව කොටස් කිහිපයකට බෙදේ.

මෙම වර්ගීකරණයේ ප්‍රථම වර්ගීකරණය එහි දක්නට ලැබෙන  වෙනස්කම් හා යොදාගනුලබන පරිසරය අනුවයි .

1.Shielded Twisted Pair (STP)
2.Unshielded Twisted Pair (UTP)


1.Shielded Twisted Pair (STP)
                   මෙම වර්ගයේ කේබල් යොදාගනු ලබන්නේ යම්කිසි ගොඩනැගිල්ලකට එළියෙන් සවිකරනු ලබන්නේනම් හෝ ,විද්‍යුත් තරංග නිසා ඇතිවන අවහිරතා එනම් EMI-Electro magnetic Inteference සහිත පරිසර වලදී එම භාදවන් මගහැර නිවැරදි ක්‍රියාකාරීත්වයක් ලබාගැනීමට වේ.


Shielded Twisted Pair 

මෙවැනි කේබලයක ඇතුලතින් ඇති අනුකේබල් යුගලයන් (cable Pairs) සිහින් ඇලුමිනියම් ස්තර( polyester aluminum foil) වලින් ආවරණය කර ඇත.මෙම ස්තර එක් පසේකදී හෝ කුමන ආකාරයකින් හෝ භුගත (earth) කලයුතු වේ .මෙමගින් දත්ත සන්නිවේදනයේදී අනෙක් විද්‍යුත් තරංග නිසා ඇතිවෙන භාදවන් අවම අගයකට පත්වේ.


   2. Unshielded  Twisted Pair 

Unshielded Twisted Pair
මෙහි ඇති කේබලයේ හා ඉහතින් සඳහන් කේබලයේ ඇති එකම වෙනස නම් මෙහි ඇලුමිනියම් ආවරණ නොමැති වීමයි .මේවා යොදාගන්නේ යම්කිසි ගොඩනැගිල්ලක ඇතුලතින් සවිකිරීමට පමණි .shielded  Twisted Pair  වලට වඩා මිලෙන් අඩුය .EMI-Electromagnetic Interference සඳහා ප්‍රතිරෝදීතාවක් නොදක්වයි.බොහොමයක් LAN සඳහා යොදාගනුලබන්නේ මෙම කේබල් වර්ග දෙකයි.
මෙම කේබල් පරිගණකයකට හෝ ස්විචයකට සම්බන්ධකිරීමේදී  දෙකෙලවරට සම්බන්ද කිරීමට RJ45 සම්බන්ධක ( connectors) මෙම කේබල දෙකෙලවරට හෝ අවශ්‍ය පරිදි සවිකරනු ලැබේ .


RJ 45 Connector 








මෙම කේබල සම්භන්ද කිරීමේ ආකාර අනුව ප්‍රධාන කේබල් වර්ග දෙකකි .


1.Patch Cable
2.Cross Over Cable


එම කේබල තනා ගැනීමේදී ඇතුලත ඇති වයර යුගලයන් RJ45 සම්බන්ධක ( connectors)  හා  සවිවිය යුතු ආකාරය පහත දක්වා ඇත.



    
මෙම කේබල පරිගණක ජාලයකදී භාවිතා කරන අන්දම හා කේබල වර්ග ,ඒවගේ දත්ත වේගය (Category & Data Speeds ) අනෙක් ලිපියෙන් පැහැදිලි කර දෙන්නම් . 












5 comments:

  1. ඔයා ලස්සනට බ්ලොග් එක කරගෙන යනවා මගේ යාළුවා පිළිවෙලට කාටත් තේරෙන විදියට සරලව . ඔබේ වෑයම අනර්ගයි විශිෂ්ටයි.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි!!!,ඔබලාගේ සුභපැතුම් මට මෙය දිගටම කරගෙන යාමට ලොකු ධෛර්ර්යයක් !!!

      Delete
  2. බොහොම ස්තුතියි

    ReplyDelete
  3. ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  4. ඇත්තටම ඔිනෙමනෙකුට තනියම networking ඉගන ගන්න පුලුවන් සුභපැතුමි

    ReplyDelete

Blogger Widgets