Sunday, February 5, 2012

පරිගණක ජාල ආකාර -Types Of Networks.... අවසාන කොටස.....

ගියවර ලිපියෙන් ඔබට ඉදිරිපත් කරනුලැබූ WLAN පිලිබඳව ඔබට මූලික අවබෝධයක් ලබාගන්නට ඇති බව විශ්වසකරමි.මීළඟට SAN-Storage Area Network පිළිබඳව සලකාබලමු.

5.SAN-Storage Area Network


    SAN- Storage Area Network  එකක් යනු ඉතා ඉහල කාර්යක්ෂමතාවක් සහිත අධික වේගයකින් ජාලයේ පිහිටි සර්වර් සමග දත්ත ගබඩා කරන උපකරණ (Data Storage Devices)සමග  දත්ත හුවමාරුකරන ජාලයකි .
මෙම ජාලයක් මගින් දත්ත ගබඩාකරණ උපකරණ හා සර්වර පරිගණක අතර පමණක් සන්නිවේදනය කරනුලබයි.
අනෙකුත් පරිගණක වල ඇති වටිනා තොරතුරු දත්ත වලට ආරක්ෂාව සැපයීම , තොරතුරු අවශ්‍ය වේලාවකදී පහසුවෙන් ලබාගැනීමට හා දත්තවල පිටපත් /උපස්ථBackups තබා ගැනීමට මෙම ක්‍රමය යොදාගනී .මේ සඳහා විවිධ ආකාරයේ දත්ත ආචයන උපක්‍රම හා උපකරණ යොදාගනී .Optical Storage , TAPE , හා RAID යනු එම උපක්‍රම වලින් කිහිපයකි.එම උපක්‍රම ඊළඟ ලිපියකදී විස්තර කරන්නම්.

6.CAN- Control Area Network /Campus Area Network/Corporate Area Network

Control Area Network යන යෙදුම අප මේ සාකච්චා කරගෙන යනු ලබන විෂය පථයට අදාළ නොවන එකකි.මෙය සම්බන්ධවන්නේ ඉලෙක්ට්‍රොනික උපාංග එනම් මයික්රෝප්‍රොසෙසර් පාදක පරිපත වලදී Signals මගින් අනෙක් උපකරණ පාලනය කිරීමේදී මෙම උපක්‍රමය යොදාගනී .

හරි දැන් අප අපගේ විෂය පථයට අදාළ යෙදුම ගැන සලකා බලමු .
Campus Area Network/Corporate Area Network,

ඉතා විශාල නොවූ එහෙත් එකම ප්‍රදේශයක ලං ලංව පිහිටි ගොඩනැගිලිවල ඇති LAN විවිධ මාධ්‍යන් ඔස්සේ
සම්භන්ද කර තනන ලද ජාල මේ නමින් හඳුන්වයි.පාසල් ගොඩනැගිලි , විශ්ව විද්‍යාලයීය ගොඩනැගිලි ,හා සමීපව පිහිටි  ව්‍යාපාරික ගොඩනැගිලි අතර  LAN  එකිනෙක සම්බන්ධකොට තනා ඇති ජාල මේවාට උදාහරණ ලෙස ගෙන දැක්විය හැක.මෙයද WAN වල එක ආකාරයකි .

7.PAN- Personal Area Network

ඉතා කුඩා ප්‍රදේශයක් තුල එනම් නිවසක කාමරයක් තුල ,තමන්ගේ පෞද්ගලික උපකරණ එනම් පරිගණක ,ජංගම දුරකථන , වයර්ලස් ප්‍රින්ටර හා කැමරා වැනි උපකරණ එකිනෙක සම්බන්ධකල විට PAN-Personal Area Network එකක් නිර්මාණය වේ.
 මෙම වර්ගයේ ජාල නිර්මාණයේදී යොදාගන්නා ප්‍රචලිතම මාධ්‍ය වන්නේ බ්ලූටූත් Bluetooth තාක්ෂයනයයි .
Bluetooth Adapter & Bluetooth PAN
මෙය ඇත්තටම කිවහොත් WPAN -Wireless Personal Area Network ලෙස හැඳින්විය හැක .බ්ලූටූත් වලට අමතරව යොදාගන්නා ,එයට සමානකම් තියෙන තවත් තාක්ෂණයක් නම් Zigbee තාක්ෂණයයි .

Wi-Fi , Bluetooth  හා Zigbee යන වයර්ලස් නෙට්වර්ක් වලදී උපකරණ සන්නිවේදනය කරන අන්දම පහත දල සටහනෙන් ඔබට අදහසක් ලබගත හැකිවනු ඇත.


8.DAN- Desk Area Network
     ඩෙස්ක් ඒරියා නෙට්වර්ක් එකක් යනු එක ම ස්ථානයක පිහිටුවා ඇති ,පරිගණකයක් හා එහා සම්බන්ධකරණ ලද උපකරණ ,වීඩියෝ රෙකෝඩර් VCR-Video Cassette Recorders , DVR -Digital Video Recorders , Camera වැනි උපකරණ සම්බන්ද කල විට ලැබෙන ජාලයක් මේ නමින් හඳුන්වයි.රුපවාහිනී විකශනාගාරයක ,වීඩියෝ සංස්කරණය කරනු ලබන ස්ථාන මෙවැනි ජාල ඇති තැන්වලට උදාහරණ වේ.
මෙම ඉහත රුපය පැහැදිලිකිරීම සඳහා යොදාගත් එකක් පමණි එයට යොදා ඇති උපකරන ගැන එතරම් විස්තර හා අනෙකුත් පැහැදිලි කිරීම් අවශ්‍ය නොවන බව මගේ අදහසයි .

මෙතැනින් පරිගණක ආකාර පිළිබඳව ලිපි මාලාව අවසාන වේ .මීළඟ පාඩමෙන් OSI model හා IP Address ගැන සාකච්චා කරනු ලැබේ . 











2 comments:

  1. නියමයි...දිගටම කරගෙන යන්න..ස්තූතියි

    ReplyDelete
  2. වැ‍‍‍‍‍ඩේ නියමයි... දිගටම කරගෙන යන්න. All the best

    ReplyDelete

Blogger Widgets