Tuesday, March 6, 2012

පරිගණක ජාලයකදී ප්‍රයෝගිකව ,පරිගණක එකිනෙක සම්භන්ද කරගන්නා ආකාරය ....

ගියවර ලිපියෙන් සඳහන් කරනලද කේබල තනා ගැනීමේ ක්‍රියාවලිය ඔබහට පැහැදිලිවන්නට ඇතැයි සිතමි .
කේබල තනාගත් පසු පරිගණක හා සම්භන්ද කිරීම පිළිබඳව දැන් සලකා බලමු .

පරිගණක 2 පමණක් සම්භන්ද කිරීම සඳහා ක්‍රොස් ඕවර් කේබලයක් භාවිතාකල හැකිය .කලයුතු වන්නේ පරිගණක දෙකෙහි  නෙට්වර්ක් පොර්ට් 2 ට අදාල කේබලයේ දෙකෙලෙවර සම්භන්ද කර අවශ්‍ය සැකසුම් සැකසීම පමණකි .පහත රුපයෙන් පරිගණක දෙකක නෙට්වර්ක් පොර්ට් පිහිටා ඇති අන්දම කේබල සම්භන්ද කර ඇති ආකාරය හා පරිගණක දෙක සම්භන්දව ඇති ආකාරය පෙන්වා ඇත .




එහෙත් පරිගණක 2 කට වැඩිගණනක් සම්භන්ද කිරීමේදී ඉහත ක්‍රමය භාවිතා කිරීම ප්‍රයෝගික නොවේ .
මෙවැනි පරිගණක ජාලයක් තැනීමේදී Ethernt Switch -(ඊ තනෙට් ) ස්විචයක්  අවශ්‍ය වේ .

                                         ඉහත රුපයෙන් දක්වා ඇත්තේ සම්පුර්ණ පරිගණක ජාලයක දල සටහනකි .මෙහිදී නවක  ඔබහට කලින් සාකච්චා නොකළ නුහුරු වචන කිහිපයක් ඇතිබව ඔබට පෙනෙනු ඇත .ඒවානම් Firewall- ෆයර්වෝල් , Wireless Accesspoint- වයර්ලස් අක්සේස්පොයින්ට් , Broad Bandmodem-බ්‍රෝඩ් බෑන්ඩ් මොඩම්  ,Gigabit PCI Adaptor -  ගිගාබිට් පී.සී.අයි ඇඩප්ටර් ,Gigabit Ethernet Switch-ගිගාබිට් ඊ තනෙට් ස්විච්.
                                                                                                                         Gigabit PCI Adaptor -  ගිගාබිට් පී.සී.අයි ඇඩප්ටර්  යනු සර්වරයේ ඇතුලත මදර්බෝර්ඩ් එකෙහි PCI Slot එකකට සම්භන්ද කර ඇති නෙට්වරක් කාර්ඩ් එකකි .
වෙනස නම් මෙහි දත්ත හුවමාරු වේගය 1000Mbps=1Gbps පමණ වීමයි .දත්ත වේගය 1000Mbps=1Gbps වන ස්විචයකට, Gigabit Ethernet Switch-ගිගාබිට් ඊ තනෙට් ස්විච් යයි කියනු ලැබේ .මෙයට කලින් ආ තාක්ෂනය 100Mbps බවත් එයට Fast Ethernet යයි කියනු ලැබූ බවත් පසුගිය ලිපියක සඳහන් කළා ඔබට මතක යයි සිතමි .
මෙහිදී Gigabit Ethernet, Fast Ethernet යන තාක්ෂණික ක්‍රම දෙකම භාවිතා කර ඇති බව ඔබට පෙනෙනු ඇත .උපරිම දත්ත වේගය ලබාගැනීමට නම් දෙපස ඇති උපකරණ වල නෙට්වර්ක් ඉන්ටෙර්ෆේස් එකම තාක්ෂනය සහිත ඒවා විය යුතුය .එනම් Gigabit Ethernet පාවිච්චි යට ගන්නා ස්විචයක් සමග එම දත්ත වේගය පවත්වා ගත හැකි වන්නේ Gigabit PCI Adaptor  සහිත පරිගණක සමග පමණකි .Fast Ethernet, 100Mbps  සහිත Network Adaptor ඇති පරිගණකයක් ගිගාබිට් ස්විචයකට සම්භන්ද කළහොත් එය සම්බන්ධතාව පවත්වාගනු ලබන්නේ 100Mbps වේගයකින් පමණකි .එනම් එම ස්විචය Backward Compatibility -බැක්වර්ඩ් කොම්පිටැබිලිටි  සඳහා සහාය දක්වයි .ජාලයේ පරිගණක හා ස්විචය අතර සම්භන්දතා සඳහා බොහෝවිට යොදාගනු ලබන්නේ පැච් කේබල උවත් වර්තමානයේ නව තාක්ෂනය සහිත ස්විච සඳහා කේබල වර්ගදෙකෙන් ඕනෑම එකක් භාවිතයට ගත හැකිය .එයට සවිකර කේබලය අනුවහා  අදාල දත්ත අනුව ස්වන්ක්රීයව එයට අනුකුඋලව වෙනස්කරගනු ලබයි .

                                                        පරණ තාක්ෂණයකින් අලුත් තාක්ෂණයකට මාරුවීමේදී පරිගණක උපාංග නිෂ්පාදකයින් එම අලුත් උපාංග ඊට කලින් පැවත අලුත්ම තාක්ෂනයටද සහාය දක්වන පරිදි එම උපාංග නිෂ්පාදනය කරනු ලබයි .නැතහොත් කලින් තාක්ෂනය අනුගමනය කර සාදන ලද උපකරණ සහිත උපකරණ සියල්ලක්ම පාහේ ඉවතලන්නට සිදුවෙයි .එම නිසා ඔවුන්ගේ නිෂ්පාදනයන් ජාත්‍යන්තර සම්මතයන්ට අනුකුලව නිපන්දවයි .එම සම්මුති අනුව Backward Compatibility -බැක්වර්ඩ් කොම්පිටැබිලිටි   යන තත්වයද ඒ ඒ කාලයන් හිදී නිෂ්පාදනය කරන උපකරණ වලට ඇතුලත් කලයුතුවේ.

ගිගාබිට් ඊ තනෙට් තාක්ෂනය භාවිතා කරනු ලබන පරිගණක ජාලයක හැකිතරම් තත්වයෙන් උසස් කේබල සහා කනෙක්ටර් භාවිතා කලයුතු වේ .මේසඳහා උසස් නිෂ්පාදන නාම ඇති මුත් මට මෙහිදී ඒවා සඳහන් කල නොහැක්කේ ,එය වෙළඳ ප්‍රචාරණයක් වෙන බැවිනි .

 වර්තමානයේ  සෑම නව පරිගණක  ජාල තුල ගිගාබිට් ඊ තනෙට් තාක්ෂනය  සහිත උපාංග භාවිතකරනුලබයි .එමජාලයක ඇති උපරිම දත්ත වේගය පවත්වාගැනීමට නම් .එහි ඇති උපකරණද ගිගාබිට් ඊ තනෙට් තාක්ෂනය  සඳහා සහාය දක්වන උපකරණ වියයුතු අතර CAT වර්ගයේ ට්විස්ටඩ් පෙයාර් කේබල පාවිච්චි කරන්නේ නම් අවම වශයෙන් මාගේ දැනුම අනුව  CAT 6 වර්ගයේ කේබල වත් පාවිච්චි කලයුතුය .

Firewall- ෆයර්වෝල්

ෆයර්වෝල් යන වචනය ඔබ අසා ඇති බව විශ්වාස කරමි .අප බොහෝවිට භාවිතා කරන වින්ඩෝස් එක්ස් පී /සෙවන් මෙහෙයුම් පද්ධතීන් සමග Firewall- ෆයර්වෝල් පරිගණක වැඩසටහනක් අන්තර් ගත වී ඇති බව  ඔබ දන්නවා ඇතැයි විශ්වසකරමි .මෙය යොදාගනු ලබන්නේ පරිගණක ජාලයේ ආරක්ෂාව සඳහා ය .හැකර් ප්‍රහාර ,පරිගණක වයිරස ආදියෙන් පරිගණක දත්ත සොරා ගැනීම් වලක්වා ගැනීම සඳහා මෙය භාවිතා කරනු ලබයි .වින්ඩොස් ෆයර්වෝලයද සිදුකරනු ලබන්නේ මේහා සමාන ක්‍රියාවලියකි.නමුත් මෙහි පෙන්වා ඇති ෆයර්වෝලය Standalone-ස්ටෑන්ඩ් අලෝන් එනම් තනිව ක්රියත්මකවෙන උපකරණයකි .ෆයර් වෝලය කුමක් උවත් එය භාවිතයට ගැනීමේදී අවශ්‍ය පරිදි වින්‍යාස ගත කිරීම එනම් කොන්ෆිගර් (configure) කිරීම අවශ්‍ය වේ .වර්තමානයේ බොහෝ විට රවුටර් - Routers තුල Firewall- ෆයර්වෝල් අන්තර්ගතකර නිමවා ඇත .මේ ම්පිලිබඳව ඉදිරි ලිපිවලින් තවත් ගැඹුරට සාකච්චා කානු ලැබේ .දැනට මෙ පිළිබඳව දල අදහසක් ලබාගෙන තිබීම ඉදිරියේදී ප්‍රයෝජනවත් වනු ඇත.

Wireless Accesspoint- වයර්ලස් අක්සේස්පොයින්ට්

 Wireless Accesspoint- වයර්ලස් අක්සේස්පොයින්ට් බොහෝ දුරට Wireless Routers - වයර්ලස් රවුටර යකට සමානය .නමුත් රවුටරයක ඇති විශේෂාංග සියල්ලක්ම මෙහි අන්තර්ගත නොවේ .මෙහිදී එය සිදුකරනු ලබන්නේ වයර්ලස් සම්භාන්දතා ඇති පරිගණක සඳහා  ආරක්ෂාකාරීව පරිගණක ජාල සම්භන්දතාව ලබා දීම පමණකි .

දැන් ඔබට පරිගණක ජාලයක බාහිර සම්භන්දතා සිදුකර ඇත්තේ කෙසේද ,සිදුකරන්නේ කෙසේද ,පරිගණක ජාලකරණයේදී යොදාගන්නා උපකරණයන් සම්භන්දයෙන්ද යම තරමක හෝ දැනුමක් ඇති බව විශ්වාසකරමි .

පරිගණක ජාලයකදී යොදාගනු ලබන ඔප්ටිකල් ෆයිබර් තාක්ෂණය -Optical Fibre පිළිබඳව ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න .එයින් පසුව අදාල මෙහෙයුම් පද්ධති අනුව සැකසුම් සාදාගන්නා ආකාරය හා දත්ත DATA හා සම්පත් Resourc හවුලේ භාවිතා කිරීම සඳහා සකස් කරගන්නා ආකාරය පැහැදිලිකර දෙන්නම්. ඔබගේ අදහස් යෝජනා චෝදනා ඉතා අගය කොට සලකමි .














2 comments:

  1. ela wadak kollo,next letter ekath balnaw aniwa maren nathuw hitiyoth,,,,,thnx lot,,,,,,,,,!

    ReplyDelete

Blogger Widgets