Monday, May 14, 2012

IP Address -අයි පී ඇඩ්රස් -පස්වන කොටස ....

පසුගිය ලිපියෙන් අයිපී ඇඩ්රස් ගැන වැදගත් කරුණු කිහිපයක් ඉගෙන ගත්තා ඔබට මතක ඇති .පසු ගිය ලිපිය හි ඔබට අන්තර්ජාල සේවා සපයන්නා විසින් වෙන කරන ලද අයි පී ඇඩ්රස් එක පිළිබඳව මතක තබාගැනීමට වැදගත් කරුණක් ඉදිරිපත් කරනු ලැබුවා ඔබට මතක ඇති .


ඔබට ලැබෙන්නේ Internet Network Information Center (InterNIC) විසින් වෙන්කරනලද අයිපී ඇඩ්රස් එකක් නොව ,ඔබගේ සේව සපයන්නා ඔබට ලබාදෙන අයිපී ඇඩ්රස් එක බව කලින් ලිපියේ සඳහන් කරන්නට යෙදුනා.

.
  • 10.0.0.0 with the subnet mask 255.0.0.0
  • 172.16.0.0 with the subnet mask 255.240.0.0
  • 192.168.0.0 with the subnet mask 255.255.0.0

ඉහත දක්වන ලද  Internet Network Information Center (InterNIC) විසින් වෙන්කරනලද අයිපී ඇඩ්රස් භාවිතාකරනු ලබන්නේ අන්තර්ජාල සේවාසපයන්නා අන්තර්ජාලය වෙත සම්භන්ද වීමටයි .අන්තර්ජාල සේවසපයන්නා හට තමන්ගේ ග්‍රාහකයන් අන්තර්ජාලය හා සම්භන්ද කිරීමට මෙම Internet Network Information Center (InterNIC) විසින් වෙන කරන ලද අයි පී පරාසයන් අතුරු මුහුණතක් ලෙස ක්‍රියාත්මක වෙයි .අපට සේවා සපයන්නා ලබාදෙන අයිපී ඇඩ්රස් එක වෙනුවෙන් අන්තර්ජාලයේදී පෙනී සිටින්නේ මෙම පරාසයන්ගෙන් එක අයි පී ඇඩ්රස් එකකි .මෙම ක්‍රියාවලියට නෙට්වර්ක් ඇඩ්රස් ට්‍රාන්ස්ලේෂන් Network Address Translation (NAT) යනුවෙන් හඳුන් වනු ලබයි .




මෙහිදී මෙම රුප සටහන තරමක් සංකීර්ණ උනත් මෙහි එන සියල්ලක්ම පාහේ විස්තරකිරීමට බලාපොරොත්තු වෙමි .

ඉන්ටර්නෙට් හා සම්භන්ද වන අන්තරජාල සේවා සපයන්නා අන්තර්ජාලය හරහා අපට සම්භන්ද තව ලබාදෙන්නේ ඉහතින් දක්වා ඇති අයිපී ඇඩ්රස් පරාස කිහිපය උපයෝගී කරගෙන බව සඳහන් කලවිට ඔබට නැගෙන ප්‍රධාන ප්‍රශ්නය නම් එහි විශාල පරාසයක අයිපී ඇඩ්රස් ඇති නමුත් එය ප්‍රමාණවත් ද යන්නයි .වර්තමානය හා සසදන කල්හි එය ප්‍රමාණවත් නොවන බව පෙනෙන්නට තිබේ .එම නිසා අන්තරජාල තාක්ෂනය හි අයිපී ඇඩ්රස් ආකෘතිය නව මගකට නවී කරණය කර තිබේ IPv6 යනු එම තාක්ෂණයයි . IPv4 යනු අප මෙතෙක් වෙලා කතාකරන්නට යෙදුන තාක්ෂණයයි . IPv4  හිදී 8bit එනම් ඔක්ටෙට් හතරක් පාවිච්චි කරන බව පටන්ගන්මෙදී සඳහන් කර සිටියා ඔබට මතක ඇති .IPv6 හිදී 16bit කොටස් අටක් පාවිච්චි කරනු ලබයි මෙම ක්‍රමයේදී ලබාගත හැකි අයිපී ඇඩ්රස් සංඛ්‍යාව කොතරම් දැයි ඔබට අනුමාන කල හැකි බව විශ්වාස කරමි .

ඊළඟ ලිපියෙන් සබ්නෙට් subnet හා වර්චුවල් ලෑන් Virtual lan -VLAN ගැන සාකච්චා කරමු .ඔබගේ අදහස් හා යෝජනා චෝදනා ඉතා අගය කොට සලකමි .



2 comments:

  1. ගොඩක් හොද post 01,හොදට පෙහෙදිගොඩක් හොද post 01,හොදට පෙහෙදිලිව තියනවා...!!!!

    ReplyDelete
  2. post 1 niymai..,,,.subnetting ගැන කියල දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.,.,.,.,.,දිගටම ලියන්න.....

    ReplyDelete

Blogger Widgets